Auto gear වාහනවල Gear ලීවර් එකේ OD (Overdrive) නමින් Button එකක් තිබෙනවා ඔබ දැක ඇත. නමුත් මෙයින් කරන්නේ මොකක්ද කියා ඔබ දන්නවද?

Manual වාහනයක තිබෙන gear වලින් 4වන gear එක තමයි Overdrive gear එක ලෙස හඳුන්වන්නේ. මේ Gear එකේදී වෙන්නේ එන්ජිමේ වේගයෙන්ම රෝදත් කරකැවීමයි. තවත් විදිහකට කියනවා නම් 1:1 අනුපාතයක එන්ජිමෙන් රෝදවලට බලය ලැබෙනවා. 4 වැනි Gear එකේ සිට 5 වැනි gear එකට වගේ යනවිට එන්ජිමට වඩා රෝද වේගයෙන් කරකැවෙන්න ගන්නවා. මෙවැනි gear වලදී වේගය වැඩි නමුත් Pickup එක අඩුයි. කන්දක් නගින්න අපහසුයි. මේ නිසා Manual වාහනයක නම් 4 වැනි Gear එකේ සිට අඩු gear එකකට ඕනම අවස්ථාවක දාගන්න පුළුවන්.

Main 6

Autogear වාහනවල ස්වයංක්‍රීයව gear වැටෙන නිසා අපට වාහනයක් ඉස්සර කරන්න, කන්දක් නැගීමේදී අඩු gear එකකට යන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව නිරාකරනය කරගන්න තමයි OD Button එක තියෙන්නේ. වාහනයට වැඩි Pickup එකක් ලබාගැනීමට අවශ්‍යනම් OD Button එක එබීමෙන් Autogear වාහනයක 4 වැනි gear එකට වැටීමක් සිදුවන්නේ නැහැ. ඊට අඩු 1,2,3 gear වලට පමණයි වැටීම සිදුවන්නේ මේ නිසා අවශ්‍ය Pickup එකත්, කන්දක් නැගීමට හා බැසීමට අඩු gear එකත් පහසුවෙන් ලබාගත හැකිය.   

Autogear වාහනය ධාවනය වනවිට OD Button එක එබීමෙන් ධාවනය වන්නේ 4 වැනි gear එකේ නම් එය 3 වැනි Gear එකට මාරු වනු ලබයි. මෙසේ මෙම Button එක එබීමෙන් එය Dashboard එකේ OD Off යන සංඥාවෙන් දැනුම් දෙනු ලබයි. OD Button නැවත ඔබන තුරු වාහනයේ උපරිම gear එක 3 වෙයි.

overdrive 5228 1426676749 m 460x0

OD Button එක එබීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාවද අඩු වෙනවා. තවද, එන්ජිමේ RPM එක ඉහළ අගයක් ගනු ලබනවා. මේ නිසා එන්ජිමේන් ශබ්දයක්ද ඇතිවිය හැකිය. එම නිසා මතක තබාගත යුතු කරුණ නම් අවශ්‍ය මොහොතේ පමණක් මෙම OD Button එක ක්‍රියාත්මක කළ යුතු බවයි. මේ ආශ්‍රිත දෝෂයක් ඇතිවුව හොත් එය මිල අධික රෙපයාර් එකක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

දැක ඇති නමුත් හරියට නොදන්නා Sun load Sensors

Dashboard එකේ Windscreen එක ළඟ ඇති කුඩා වෘත්තා කාර කොටස් ඔබ දැක ඇත. ඇතැම් වාහනවල මෙය එකක් …