උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බවයි නිරීක්ෂණය වී ඇත්තේ. පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී තිබිණි.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත්, ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී  24%ක් QR ක්‍රමයට පරිබාහිරව නිකුත් කර තිබුණු බවත්, කෙසේ වෙතත් ඉන්ධන කෝටාව වැඩි කල පසු එය 14% දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි.

එමෙන්ම ඉන්ධන හල් මඟින් ඩීසල් නිකුත් කිරීමේ දී 28% ක් වූ QR ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කිරීම, ඉන්ධන කෝටාව වැඩිකල පසු 15% දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…