අද කාලයේ තරුණ පිරිස් අතර හා ත්‍රීරෝද රථය ඇත්තේ අපූරු බැදීමකි. ඒ සම්බන්ධව චෝදනාත් ගොඩක් එල්ල වෙනවා. කෙසේ හෝ අලුතින් ගන්නා හෝ භාවිත කරන ත්‍රී රෝද රථයට විවිධ අලංකරන එක්කිරීම අද වන විට උප සංස්කෘතියක් බවට පත් වී හමාරය. එය වෙනම Trend එකක් බවටද පත්වෙලා. ඒ නිසා විවිධ මොඩිෆයි කිරීම්, ස්ටිකර්, විවිධ හැඩයෙන් යුත් ආසන, විදුලි බුබුලු වැනි අලංකරන කටයුතු තම ත්‍රී රෝද රථයට එක්කර ගැනීමට තරුණයන් ගේ විශේෂ කැමත්තක් ඇති වී තිබෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ එවැනි දේ සඳහා කදිම ස්ථානයක් පිළිබඳවයි.

මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප වසර දෙකකටත් වැඩි කාලයක් පුරා ත්‍රී රෝද රථ අලංකරණ ක්ෂේත්රයේ දස්කම් පාන මාලිගාවත්තේ පිහිටි ‘හිරු කුෂන්’ හි හිමිකරු සිල්වෙස්ටර් ඇන්තනී මහතා හමුවීමට ගියෙමු.
අප වෙළෙඳ පොළෙහි පවතින සෑම මාදිලියකම ත්‍රී රෝද රථ සඳහා සියලු අලංකරණ කටයුතු සිදුකරනවා. ඊට අමතරව අලුතින්ම මිලදී ගන්න ත්‍රී රෝද රථ මෙන්ම කළක් භාවිතකළ ත්‍රී රෝද රථ සඳහාද විවිධ අලංකරණ එක්කරන බව පවසා ඔහු කතාවට මුලපිරීය. අලුත් ත්‍රී රෝද රථ සඳහා ප්‍රථමයෙන්ම ‘බට කූඩු’ නිර්මාණය සිදුකරයි. පසුව පිටුපසට වීදුරු රාමුවක් පෑස්සීම සිදුකරන අතර අවශ්‍ය අලංකරණ කටයුතු සිදුකර එක් දවසකින් පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.
රෙදි වර්ග
ත්‍රී රෝද රථ හි වහලෙහි දක්නට ලැබෙන රෙදි වර්ග 4ක් අප භාවිත කරනවා. ජීප් රෙද්ද හා AV රෙද්ද (තෙල් රෙද්ද) මූලික වශයෙන් භාවිත කරන අතර මෙහි කලු හා දුඹුරු ලෙස වර්ග දෙකක් මෙම දෙවර්ගයේද දක්නට ලැබේ.
රෙදි ආවරණය සැකසීම

පාරිභෝගිකයාගේ අවශ්‍යතාව හා රුචිකත්වය අනුව තෝරාගත් රෙද්ද මගින් ආවරණ කටයුතු සිදුකරනවා. එහිදී ප්‍රථමයෙන්ම %බට කූඩු^වේ ආකාරයට රෙද්ද කපා මසා ගැනීමෙන් ආවරණය සකසා ගන්නවා. තවද අවශ්‍ය ස්ථාන සඳහා ලී යෙදිය යුතුනම් ලී යෙදීමද සිදුකරනවා.
රෙදි ආවරණය යෙදීමට පෙර අලංකාරය සඳහා විවිධ පිංතූරයක් යොදයි. එයින් ත්‍රී රෝද රථයට වෙනස්ම වූ ආකර්ශණයක් එක්කරන බව පැවසේ. වෘත්තිය වශයෙන් ත්‍රී රෝද රථ භාවිත කරන්නන් මෙම ප්‍රින්ට් එක යෙදීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැති බවත් නිවෙස්වල දක්නට ලැබෙන ත්‍රී රෝද රථ සඳහා ප්‍රින්ට් එක යොදා වෙනත් මොඩිෆයි කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙන බවත් ඔහු පෙන්වා දෙයි.
වෘත්තිය වශයෙන් ත්‍රී රෝද රථ ධාවනය කරන පුද්ගලයන් මේ අලංකරන කටයුතු සඳහා වැඩි ඇල්මක් නොදක්වන්නේ එය සීරීම්, ගැලවී යෑම් වැනි තත්ත්ව ඇති වෙතැයි සලකාය. නමුත් වෘත්තීය ත්‍රී රෝද රථ හිමිකරුවන් සඳහාද අප ආයතනය විවිධ පැකේජ් ක්‍රම හඳුන්වා දී තිබෙන බව සඳහන් කරයි.
කොළඹ අවටින් පමණක් නොව පොළෙන්නරුව, අනුරාධපුර, නුවරඑළිය, ගාල්ල, මාතර හා කුරුණෑගල වැනි ප්‍රදේශ වලින්ද පාරිභෝගිකයන් පැමිණෙයි. දිනකට වාහන 3ක් පමණ අලංකරණ කටයුතු සිදුකරනවා.
ආසන

පාරිභෝගිකයාගේ රුචිකත්වය අනුව ත්‍රී රෝද රථයට ගැලපෙන අයුරින් විවිධ හැඩයෙන් යුත් ආසන නිර්මාණය සිදුකරනවා. විවිධ ත්‍රී රෝද රථ ආසන වර්ග රැසක් මෙන්ම විදුලි බුබුලු සහිත ආසනද නිර්මාණය සිදුකරයි. වෙනස්ම වූ ආසන නිර්මාණය කරන විට ඊට ගැලපෙන අයුරින් දෙපස ආවරණද නිර්මාණය කරයි. එයින් මනා වර්ණ සංකලනයක් ත්‍රී රෝද රථයට එක් වෙයි.
සෝෆා සඳහා භාවිත කරන %ජපන් රෙක්ෂින්^ රෙද්දෙන් ආසන නිර්මාණය කරන අතර එයින් වැඩි සුවපහසුවක් ගමන්කරන මගීන්ට ලබාදෙයි.
වෙනත් විශේෂාංග

ත්‍රී රෝද රථ මොඩිෆයි කිරීමට අවශ්‍ය ස්ටිකර්, විදුලි බුබුලු, වයිසර් නිර්මාණය වැනි ත්‍රී රෝද රථ අලංකරණය සම්බන්ද සියලු දේ සිදුකරයි.
ත්‍රී රෝද රථයට අවශ්‍ය සෙටප්, සෙටප් බොක්ස් නිර්මාණයද පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි සිදුකර දීමට බලාපොරොත්තු වෙනවා. පිටුපස ආසනවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සඳහා වූ සුදුයකඩ බට කුෂන් කරන අතර ත්‍රී රෝද රථයේ අනෙකුත් අලංකරනවලට ගැලපෙන ලෙස එය නිර්මාණය කරයි.
පරණ ත්‍රී රෝද රථයක් නම් ටින්කර් කිරීම්, වර්ණ ගැන්වීම් ආදියද අවශ්‍යතාවය අනුව සිදුකරනවා. ත්‍රී රෝද රථවලට අමතරව කුඩා ලොරිවල කූඩුව හා කැනපි ගැසීම, යතුරු පැදි ආසන නිර්මාණයද සිදුකරනවා.
වගකීම් කාලය
වසරක පමණ වගකීම් කාලයක් ලබාදෙනවා. ත්‍රී රෝද රථය පෙරළීමෙන් තොරව සිදුවන අනතුරුවලට අමතරව අප නිෂ්පාදනයේ සිදුවූ දෝෂ සඳහා නොමිලේ සිදුකර දෙන බවත්. ත්‍රී රෝද රථය පෙරළීමෙන් සිදුවන අනතුරුවලදී අඩු මුදලකට සිදුකරදීමටද බලාපොරොත්තු වෙන බවත් අවසාන වශයෙන් ඔහු සඳහන් කර සිටියේය.





බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’
ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …