කාර් සම්බන්ධ Guinness වාර්තා 10
වාහන සම්බන්ධයෙන් ගිනස් වාර්තා රැසක් පිහිටුවා තිබෙනවා. ඒ අතරින් කාර් සම්බන්ධ ගිනස් වාර්තා 10ක් මෙහි දැක්වෙයි.
1 මුල්ම කාර් එක

ලෝකයේ මුල්ම මගී කාර් එක බවට ගිනස් වාර්තා පොතට එකතු වන්නේ Richard Trevithick (1771-1833) විසින් 1801 දෙසැම්බර් 24 වැනිදා Camborne, Cornwall හිදී මුල්ම Testrun එක ගිය වාෂ්පබලයෙන් ක්‍රියාකරන රථයකි.
2 දිගම කාර් එක

දිග : මීටර් 30.5ක් (අඩි 100)
ලෝකයේ දිගම කාර් එක ලෙස සැළකෙන්නේ මීටර් 30.5ක් (අඩි 100) දිග කාර් එකක්. කැලිෆෝනියාවේ Burbank හි Jay Ohrberg විසින් තමයි 1986 දී නිෂ්පාදනය කරන්නේ. රෝද 26කින් යුක්ත අතර, මෙහි, diving board සහිත පිහිනුම් තටාකයක්, king-sized water bed එකක්ද, HeliPad එකක්ද අන්තර්ගත වෙනවා. චිත්‍රපට හා ප්‍රදර්ශණය අරමුණු කරගනිමින් නිර්මාණය කළ මෙය හොලිවුඩ් නළු නිලියන් ප්‍රවාහනය කිරීමද සිදු කරයි. සාමාන්‍යයෙන් පැයකට ඇ.ඩො.50 – 200ත් අතර මිලකට මෙය rent කරනු ලබයි.
3 බරම කාර් එක

බර : ටොන් 6
ලෝකයේ බරම මෝටර් රථය ලෙස සැලකෙන්නේ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Zil-41047 limousine රථයයි. මීටර් 3.88ක් (අඩි 12.72) ක දිග wheel-base එකකින් යුක්ත වෙයි. මෙවැනි මෝටර් රථ වාර්ෂිකව 2-3ක් පමණක් නිපදවන අතර මෙම රථය 1991 දක්වා භාවිත කරනු ලැබූවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ Mikhail Gorbachev විසිනි. එය ටොන් 6ක බරකින් යුක්ත විය. armor-plated steel මගින් key areaවල ආරක්ෂා තහවුරු කරනු ලබයි.
4 වේගවත්ම කාර් එක

වේගය: පැ.කි.මී. 1227.985
ලෝකයේ ගොඩබිම වේගවත්ම රථයට උරුමකම් කියන්නේ Thrust SSC රථයයි. එහි වේගය ලෙස වාර්තා වන්නේ පැ.කි.මී. 1227.985කි. මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ 1997 ඔක්තොම්බර් 15 වැනිදා එංගලන්තයේ Andy Green විසිනි. ඒ ඇමෙරිකාවේ, නවාඩා හි බ්ලැක් රොක් කාන්තාරෙදීය. Rolls-Royce Spey 202 jet engines දෙකකින් බලගැන්වෙන මෙහි 222 kN (50,000 lb)ක තෙරපුමක් ලබා දෙයි.
5 වේගවත්ම bumper car / dodgem එක

වේගය: පැ.කි.මී. 161.476
ලොව වේගවත්ම bumper car / dodgem එක වාර්තාකර ඇති ඉහළම වේගය වන්නේ පැ.කි.මී. 161.476කි (100.336 mph). එංගලන්ත ජාතික Colin Furze විසින් මෙය නිර්මාණය කර ඇති අතර BBC Top Gear හි The Stig විසින් Testrun එක සිදුකර තිබේ. 2017 මාර්තු 23 වැනිදා එංගලන්තයේ Suffolk හිදී මෙය සිදුකර තිබේ.
6 අභ්‍යවකාශයේ වේගවත්ම කාර් එක

වේගය: තත්ත්පරයට කිලෝමීටර් 33.5ක
මේක ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඉලෝන් මස්ක්ගේ වැඩක්. 2018 පෙබරවාරි 6 වැනිදා Falcon Heavy rocket එකත් සමග ගුවන්ගත කළ Tesla Roadster රථය අභ්‍යවකාශයේ සාර්ථකව කක්ෂගත කෙරුණි. ඒ අනුව කක්ෂයේ තත්ත්පරයට කිලෝමීටර් 33.5ක (74,937 mph) වේගයෙන් එය ගමන් කරනු ලබයි.
7. දිය තුළ ගමන් කරන කාර් එක

ලෝකයේ ජලය තුළ ගමන් කළ හැකි කාර් එක ලෙස සැලකෙන්නේ sQuabaරථයයි. ස්විස් සමාගමක් වූ Rinspeed විසින් නිර්මාණය කළ මෙම රථය මුල්වරට 2008 මාර්තු 16 වැනිදා Geneva Motor Show හිදී එලිදැක්විය. rechargeable lithium-ion batteries 3කින් බලගැන්වෙන මෙහි ජලය තුළදී ගමන් කිරීමට twin propellers වලින් යුක්ත වෙයි.
8 පියාඹන කාර් එක

පියාඹන කාර් පිළිබඳ අදවනවිට කොතෙකුත් අසන්නට ලැබුණත් මුල්ම පියාඹන කාර් එක ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වෙන්නේ Terrafugia Transition රථයයි. 2009 දී එංගලන්තයෙන් වාර්තා වෙන මෙය ආසන දෙකකින් යුක්ත වෙයි. මාර්ගයේ හා ගුවනේ ගමන් කළ හැකි අතර තත්ත්පර 15කදී ගුවන් යානයක් බවට පරිවර්තනය විය හැකිය.
9. මිල අධිකම කාර් එක

මිල: ඇ.ඩො. 70,000,000
පෞද්ගලික සේල් එකකින් විකිණූ මිල අධිකම කාර් එක බවට ගිනස් වාර්තා පොතේ ලියැවෙන්නේ 1963 Ferrari 250 GTO (4153 GT) racer රථයයි. එය ඇ.ඩො. 70,000,000 (£52,730,800; €60,297,800) කට විකුණා ඇ.ි අ.ර එය මිලදී ගෙන ඇත්තේ 2018 වසරේ මැයි මාසයේදී ඇමෙරිකානු ජාතික David MacNeil විසිනි. ලෝකයේ මෙවැනි මෝටර් රථ 36ක් පමණක් නිර්මාණය කර තිබේ. මෙහි 3-litre V12 engine, 0 – 60 mph වේගයක් තත්ත්පර 6.1 කදි ලබා ගන්නා අතර උපරිම වේගය 174 mph කි.
10. මුල්ම 3D-printed මුල්ම කාර් එක

ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කළ මුල්ම කාර් එක බවට පත්වන්නේ Strati රථයයි. 2014 සැප්තැම්බර් 13 වැනිදා International Manufacturing Technology Show (IMTS) සඳහා ඉදිරිපත් කළ මෙම රථය නිර්මාණයට පැය 44ක් ගතවී තිබේ. “3D Printed Car Design Challenge” යටතේ නිර්මාණය වූ ත්‍රිමාණ කාර් රටවල් 30ක, 200කට අධික පිරිසකගේ නිර්මාණ අභිබවමින් ජයග්‍රහණය කර තිබේ. මේ සඳහා ඇ.ඩො. 5,000ක ත්‍යාගයක්ද හිමි වී තිබේ.
ඉදිරියේදී එන Mercedes-Benz Design 10ක්
Mercedes-Benz සමාගම නිෂ්පාදනය කිරීමට නියමිත මෝටර් රථ Design කිහිපයක් මෙහි දැක්වෙයි. මෙම මෝ…