ඔයාලා ඕනෑතරම් ත්‍රීවිල්වල එහෙම නැත්නම් ටුක්ටුක්වල ගිහිල්ලා තියෙනවනේ. සමහරවිට ඔයා ත්‍රීවිල් එකක් පදවන රියැදුරෙක් වෙන්න ඇති. අපි පවුලේ වාහනය කියලා හඳුන්වන්නෙත් මේ ටුක් ටුක් එකටනේ. පාරේදි ගොඩක් අය ටුක් ටුක් එකට බැන්නත් කාටහරි කරදරයක් වුණු ගමන් කෙනෙක්ගේ කටට එන්නේ ‘ත්‍රීවිල් එකකවත් යමු, ත්‍රීවිල් එකක් නවත්තගමු, ටුක්ටුක් එකක්වත් නැද්ද’ වගේ වචනයි. ඒ වගේම හැමෝටම හදිසියකදි පිහිටට එන්නෙත් මේ රෝද තුනේ මාලිගාව තමයි. අපි කතා කරන්නේ ත්‍රීවිල් එකක වෙනස්ම පැතිකඩක් ගැනයි.

Threewheel Quarts 1

ත්‍රීවිල් පදින කොල්ලෝ එයාලාගේ ත්‍රීවිල් එක අමුතු අමුතු විදිහට මොඩිෆයි කරනවා. ගොඩක් අය ත්‍රීවිල් එක පරිස්සම් කරන්නේ, ලස්සන කරන්නේ එයාගේ ගෑණු ළමයාටත් වඩා වැඩි වුවමනාවකින් කියලා කිව්වොත් නිවැරදියි. මේ විදිහට මොඩිෆයි කරන ත්‍රීවිල්වලට පොඩි පොඩි වදන් ගහලා තියෙනවා. මේ කතා කරන්නේ ත්‍රීවිල්වල ගහලා තියෙන වදන් ගැනයි. වාහනයක මේ විදිහට වදන් ලියන සංස්කෘතිය ඔඩුදුවන්න ගන්නේ ත්‍රීවිල් වලින් කිව්වොත් තමයි නිවැරදිම. නමුත් දැන් නම් රෝද දෙක, රෝද හතරේ මේ හැම වාහනයකම වගේ මේ විදිහට ලස්සන වදනක් දෙකක් ගහලා තියෙනවා. ඒ තරමට ඒ සංස්කෘතිය මිනිස්සු ග්‍රහණය කරගෙන තියෙනවා.

විශේෂයෙන් මේ විදිහට ත්‍රීවිල්වලට වදන් ගහන්නේ තරුණ පරම්පරාවේ අයයි. අපි හැමෝම කැමති අපි පදින වාහනය ලස්සනට තියාගන්නනේ. ජනප්‍රිය සින්දුවල වචන පේලි, පොඩි පොඩි උපමාවන්, දෙපිට කැපෙන වචන බහුල වශයෙන් ත්‍රීවිල්වලට ගහලා තියෙනවා ඔයාලා පාරෙදි ඕනෑ තරම් දැකලා ඇති. හැබැයි ඒ වදන් අතරේ බොක්කටම වදින වදන් නැතුවාම නෙමෙයි. ඒක ඒ කෙනාගේ සාමාජීය පරිසරය මත පදනම් වෙනවා.

Threewheel Quarts 23

ගොඩක් වෙලාවට ලංකාවට එන විදේශීය සංචාරකයොත් ත්‍රීවිල්වල සංචාරය කරන්න කැමතියි. මේ විදිහට මොඩිෆයි කරපු ත්‍රීවිල් එකක සංචාරකයෝ යන්නත් ගොඩක් ආසා කරනවා කියලා ගොඩක් ත්රිරෝද රථ රියැදුරන් අපිට කියලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ගිය ත්‍රීවිල් එකට කැමති වී පිටරටට අරන් ගිය විදේශිකයන් ගැනත් අසා තිබෙනවා. ඒ වගේම ඒක එයාලට අමුතුම අත්දැකීමක්ලු. මේ සංස්කෘතිය ඇත්තටම බොහෝ අයට රස්තියාදුකාර විදිහට පෙණුනත් ඇත්තටම ඒක එහෙම නැහැ. ඕනම කෙනෙක් කැමති තමන්ගේ වාහනය මොකක් වුණත් ඒක ලස්සනට හදාගන්න. මේ වදන් අලවන විලාසිතාව එන්නේ ත්‍රීවිල් එක ලස්සන කරගන්න වුණත් එයින් එහාට ගිය සමාජයට වැදගත් පණිවුඩයක්, ආශිර්වාදයක්, විහිළු තහළුවක්, දෙපිට කැපෙන වචන වැනි දේවලුත් මේක ඇතුළේ තිබෙනවා. විශේෂයෙන් කටින් කියාගන්න බැරි ගොඩක් දේවල් මේ විදිහට වචන කිහිපයක එකතුවකින් ඔවුන් එළියට දෙනවා.

‘ළිඳ මගේ නම් මම ළිඳේ නම් කාටත් ඇයි වේදනා’
‘ලක්ෂ ගණන් අරහතුන් මේ භූමියේ පහළ වේවා!
‘මේ ඔක්කොම බලා ඉන්නේ වරදින තුරු අපට’

‘වද්දන්න එපා – ගත්තේ අමාරුවෙන්’ මේ ගොඩක් ජනප්‍රිය ත්‍රීවිල් වදන් කිහිපයක්.

Threewheel Quarts 17
Threewheel Quarts 2

මේ වදන් ගැන කතා කරන විට ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදන්න පුළුවන්. සිංදුවල කොටස්, බෞද්ධ පාඨ, උපමා, ජනප්‍රවාද වාක්‍ය, ඉංග්‍රීසි වාක්‍ය, හාස්යෝත්පාදක වාක්‍ය, Boot පාඨ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක තීරණය වෙන්නේ මූලිකවම ත්‍රීවිල් එක අයිති පුද්ගලයාගේ මානසික හා සාමාජීය තත්ත්වය මතයි.

මේ වදන්වලට අමතරව ත්‍රීරෝද රථවලට අමුතු අමුතු නම් දාලා තියෙනවා. බස් රථවලටත් ලස්සන නම් දාලා තියෙනවානේ. ඕනෑම කොල්ලෙක් අලුත් ත්‍රීරෝද රථයක් හරි, කාලයක් පැදපු එකක් හරි මිලදී ගත්තු ගමන් කරන්නේ පොඩි වදනක් අලවලා වාහනය ලස්සන කරගන්න එකයි. එයාලාට පුළුවන් විදිහට අඩු වැඩි වශයෙන් වාහනය ලස්සනට මොඩිෆයි කරනවා. ඒක ඇත්තටම වැරැද්දක් විදිහට දකින්න බැහැ. ඒක එයාලාගේ ආසාවනේ. ප්‍රශ්නයක් වුනොත් වෙන්නෙත් පාර් යන මිනිසුන්ගේ දෘෂ්ටියට බාධා වුණා වගේ වරදක්. ඒත් මේ වචන තුන හතරේ පද පේලියට වඩා පාර තොටේ දෘෂ්ටියට බාධා ගෙනදෙන තව ගොඩක් දේවල් තියෙනවා.

මේ විදිහට වදන් ගහන ප්‍රවණතාව කොතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් කාලයක් යද්දි මේ සංස්කෘතිය ත්‍රීරෝද රථ පදවන්නන් හැමෝම වගේ තමන්ගේ වාහනයේ වදනක් ගහන්න පෙළඹුණා. ඒ වගේම අද වනවිට වදන් යොදා නිර්මාණය කරපු ස්ටිකර් වෙළඳපොලේ විකිණීමටද තිබෙනවා. ඒ වගේම මේ වදන්, ටැටූ ත්‍රීවිල්වලට ගහලා මොඩිෆයි කිරීම වෘත්තීය මට්ටමින් සිදුකිරීම සඳහා ආයතන, සමාගම් සහ ඒ සඳහා වෙනමම නිර්මාණ ශිල්පියනුත් බිහිවෙලා ඉන්නවා. නවීන තාක්ෂණය නිසා දැන් පරිඝණකයෙන් අකුරු ටික ඩිසයින් කරලා ගෙදරදී තමන්ටම අලවා ගන්නට හැකි වුණත් හැමෝම මේ ශිල්පින් ළඟට ගිහිල්ලා වාහනය ලස්සන කරගන්න එක ඔවුන්ගේ නිහතමානී කමක් හැටියටයි අපි නම් දකින්නේ.

Threewheel Quarts 4
Threewheel Quarts 5

ලෝකයේ සංගීත රැප් කලාව ආරම්භ වන්නේ සුද්දන්ගේ කාලේ කළු මිනිස්සුන්ට එයාලාගේ අදහස් ප්‍රකාශ කරන්න ලැබුණු වේලාව, අවස්ථාව අඩු නිසයි. එතකොට ඔවුන් ඒ ලැබෙන පොඩි වේලාවෙන් ගොඩක් දේවල් කියන්න උත්සාහ කරා. ඒක කාලයක් යද්දි වෙනමම සංගීත ශෛලියක් වුණා. ඉතින් ඒ වගේම දෙයක් තමයි අද වෙද්දි මේ ත්‍රීරෝද වදන් සංස්කෘතියටත් සිදු වෙලා තියෙන්නේ.

Threewheel Quarts 3
Threewheel Quarts 30
Threewheel Quarts 29
Threewheel Quarts 28
Threewheel Quarts 27
Threewheel Quarts 26
Threewheel Quarts 25
Threewheel Quarts 24
Threewheel Quarts 21
Threewheel Quarts 20
Threewheel Quarts 19
Threewheel Quarts 18
Threewheel Quarts 16
Threewheel Quarts 15
Threewheel Quarts 14
Threewheel Quarts 13
Threewheel Quarts 12
Threewheel Quarts 11
Threewheel Quarts 10
Threewheel Quarts 9
Threewheel Quarts 8
Threewheel Quarts 7
Threewheel Quarts 6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’

ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …