තෑගි දීමට හොඳම RC කාර් 10ක්
ලොකු පොඩි වයස් සීමාවකින් තොරව කැමැත්තක් දක්වන්නක් තමයි RC cars කියන්නේ. කුඩා කාලයේදී ඔබටත් අනිවාර්යයෙන්ම ත්‍යාගයක් ලෙස හෝ දෙමව්පියන්ගෙන් RC cars එකක් ලැබී තිබිය හැකිය. අද වනවිට විවිධ මට්ටමෙන් දියුණු වෙමින් RC cars නිර්මාණය වී තිබේ. ඒ වගේම මිලත් ඉහළයි. අපි මේ කියන්න යන්නේ ත්‍යාග ලෙස දීමට හැකි හොඳම RC cars 10ක් ගැනයි.
1. Redcat Racing Lightning EPX Pro

ක්‍රියාකාරීත්වයෙන් හා මිලෙන් මධ්‍යස්ථ මට්ටමේ පවතියි. පැ.සැ. 40කට වඩා වැඩි වේගයෙන් ධාවනය කළ හැකි අතර විනාඩි 20ක් එක් ආරෝපණයෙන් ක්‍රීඩා කළ හැකිය.
- Battery: 3500 mAh lithium polymer (LiPo) battery
- Motor: 2.4GHz radio& brushless 3300KV 540 Novatech motor
- වාසි: පෙනුම, මිල, වේගය, බැටරි ධාරිතාව
- අවාසි: Off-Road සඳහා සුදුසු නොවීම, control කිරීම දුෂ්කර වීම
2. Traxxas Rustler RTR

Red Cat Racing EPX Pro හා සමාන මිලකින් මෙන්ම ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙයි. උපරිම වේගය පැ.සැ. 35ක් වන අතර Off-Road සඳහා ඉහළ වේගයක් ලබා ගත හැකිය.
- Battery: nickel-metal hydride (NiMH) battery (With 12-volt DC charger)
- වාසි: වේගය, කල්පැවැත්ම, Off-Road ධාවනය, සම්පූර්ණයෙන්ම weather proof
- අවාසි: 12v/lighter socket charger එකක් පමණක් ලැබීම
3. SGOTA RC Car

ගෙවන මුදලට වටින තෑග්ගක් ලෙස ලබාදිය හැකි මෙය පැ.සැ.10ක වේගයකින් යුක්ත වෙයි. මෙම බැටරිය එක් ආරෝපණයකින් මිනිත්තු 25ක් ධාවනය කළ හැකිය. ඒවගේම මීටර් 50ක් දුරස්ථව ක්‍රියාකළ හැකිය.
- Battery: 3.6v, 600 mA battery
- වාසි: අඩුම මිල, කල් පැවැත්ම, තරුණ ළමුන්ට උචිත වෙයි
- අවාසි: වැඩිහිටියන්ගේ අවශ්‍යතාව අනුව මන්දගාමී තත්ත්වයක් පෙන්වයි.
4. Traxxas Short Course Truck 1/10 Scale

short course off-road racing truck රථයට වඩා 1/10ක ප්‍රමාණයකින් කුඩා වෙයි. පැ.සැ. 40ට වැඩි වේගයක් සහිත අතර, මධ්‍යම ප්‍රමාණයේ කල්පැවැත්මක් පවතියි. ඊට හේතුව වන්නේ මෙහි වේගය හේතුවෙන් කොහේ හෝ වැදීමේදී ඇතැම් කොටස් කැඩී යෑමයි. ඊට අමතරව 550 Modified motor එකකින් හා Revo-Spec Torque-Control slipper clutch එකකින් යුක්ත වෙයි.
- Battery: nickel metal hydride battery
- වාසි: වේගය, off-road සඳහා උචිතයි, upgradable
- අවාසි: මිල අධිකයි, වැඩි කල්පැවැත්මක් නැත
5. Tamiya No. 570 Lancia Delta Integrale 1/10 Scale RC

Rally ක්‍රීඩා ලෝලීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබේ. වැඩිහිටියන් සඳහාද වඩාත් උචිත මෙය අවශ්‍ය පරිදි motors, batteries හා වෙනත් සංරචක වෙනස් කරගැනීමේ හැකියාව පවතියි.
- වාසි: සිත්ගන්නා පෙනුම, අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය
- අවාසි: මිල අධිකයි, වෙනස් කළ යුතු අමතර කොටස් මිලදී ගත යුතුය
6. Traxxas XO-1 1/7 Scale AWD Supercar

පැ.සැ. 100 ඉක්මවන වේගයකින් යුක්ත අතර එය ගෙවන මුදලට පුදුම සහගත වේගයක් නොවනු ඇත. 0-60 mph ත්වරණයක් තත්ත්පර 2.3කදීද, 0-100 mph ත්වරණයක් තත්ත්පර 5කදී ලබා ගත හැකිය. steering knuckles, suspension components කල්පවතින සේ ඇලුමිනියම්වලින් නිර්මාණය කර තිබේ.
- Battery: polymer battery
- වාසි: අධි වේගය, ලෝහ කොටස්, දිගු බැටරි කාලය
- අවාසි: අධික මිල, පළපුරුදු RC racers සඳහා වඩා යෝග්‍ය වෙයි.
7. Redcat Racing Lightning STK

මුලින් සඳහන් කළ Redcat Lightning EPX Pro සේ බොහෝ දුරට ක්‍රියාකාරීත්වයෙන් හා මිලෙන් සමාන වෙයි. පැ.සැ. 25ක පමණ වේගයක් සහිත අතර අවශ්‍ය පරිදි වෙනස් කළ හැකි suspension හා aluminum capped වලින් යුක්ත වෙයි.
- Battery: 1800 mAh nickel-metal hydride battery
- Motor: 550 brushed motor
- වාසි: පෙනුම, අඩු මිල, වේගය
- අවාසි: වැඩි කල්පැවැත්මක් නැත. remote එකට AA batteries (8ක්) භාවිත වීම
8. Redcat Racing Everest

ගල්, වැලි, වතුර, හිම, මඩ සහිත භූමිවලද පහසුවෙන් ධාවනය කළ හැකිය. විනෝදය සඳහා RC ධාවකයන්ට උචිත වෙයි. තරමක කල්පැවැත්මක් සහිත වෙයි.
- Battery: 2000mAh NiMh battery
- වාසි: කල්පැවැත්ම, සවිශක්තිය
- අවාසි: ඇතැම් ප්ලාස්ටික් කොටස් අලුත්වැඩියා කිරීමට සිදුවීම
9. Traxxas AWD Ford Fiesta ST Rally Car

සිත්ගන්නා සුළු පෙනුමකින් යුක්ත තවත් Rally ලෝලීන් සඳහා වූවකි. waterproof electric motor එකකින් යුක්ත අතර, fulltime all-wheel drive, grippy tires සහිත replica rally wheels හා hobby-grade radio system එකකින් යුක් වෙයි. පැ.සැ. 30ක වේගයකින් යුක්ත වෙයි.
- වාසි: පෙනුම, වේගය, grippy AWD, upgradable
- අවාසි: බැටරි හා චාජරය අන්තර්ගත නොවීම, ටිකක් මිල අධිකයි
10. Traxxas TRX-4 Ford Bronco

මිල අධික අතර උසස් නිවාවකින් යුක්ත වෙයි. කල්පවතින portal axles, locking differentials හා windshield wipers මෙන්ම low- and high-speed gear ranges වලින් සමන්විත වෙයි.
- Battery: NiMh or LiPo batteries
- Motor: Robust 550 electric motor
- වාසි: සිත්ගන්නා සුළු පෙනුම, සවිශක්තිය හා කල්පැවැත්ම, උසස් නිමාව
- අවාසි: බැටරි හා චාජරය වෙනවම මිලදී ගත යුතුය, මිල අධිකයි
ඉදිරියේදී එන Mercedes-Benz Design 10ක්
Mercedes-Benz සමාගම නිෂ්පාදනය කිරීමට නියමිත මෝටර් රථ Design කිහිපයක් මෙහි දැක්වෙයි. මෙම මෝ…