Dashboard එකේ Windscreen එක ළඟ ඇති කුඩා වෘත්තා කාර කොටස් ඔබ දැක ඇත. ඇතැම් වාහනවල මෙය එකක් හෝ දෙකක් දක්නට ලැබෙනවා. මේ කුම්ක්ද කියා ඔබ සිතුවද? ඇතැම් විට මෙය Sensors එකක් කියලා දන්නවත් ඇති. එහි ක්‍රියාකාරීත්වය ගැන ඔබ දැනුම්වත්ද? අපි මේ කියන්නේ එම Sensors එක ගැනයි.

Main 1 1

Sunload Sensors  නමින් හඳුන්වන මෙය automatic air condition පද්ධති තියෙන වාහනවල දැකගත හැකි Sensors එකක්. මෙය සූර්යයා ලෝකයට නිරාවරණය වන ස්ථානවල සවි කර තිබේ. බොහෝ වේලාවට Dashboard එකේ සවිකර තිබෙනවා. වාහනයේ  Electronic Temperature Control System (EATC) එක මගින් Blower වේගය වෙනස් කර වාහනය තුළ උෂ්ණත්වය පාලනය කිරීම අවශ්‍ය දත්ත ලබාගන්නේ මේ කියන Sensors එක හරහා.  

diagram
FIGURE 20.5 Sun load sensors are usually located at the top of the instrument panel.

මෙම optoelectronic devices එකේ sensing element එක සිලිකන් ප්‍රකාශ ඩයෝඩයකින් (photodiode) සමන්විත  වෙයි. බොහෝ වාහන නිෂ්පාදන සමාගම් වාහනයේ කැබින් එක තුළ මනා උෂ්ණත්ව පාලනයක් සඳහා  dual-channel sun load sensors භාවිත කරනු ලබයි. මෙහිදී රියැදුරු පැත්තේ හෝ මගීන් ආසනය පැත්තේ මෙම සංවේදක ස්ථාපිත කරන අතර, එයින් උෂ්ණත්ව පාලනය පමණක්ම සිදු නොවෙයි. කුමන පැත්තට වායු සමීකරන පද්ධතියෙන් සිසිල් වාතය බෙදා හැරිය යුතුද යන්න තීරණය කරනු ලබයි.

සූර්යයාලෝකය වැඩිවීමත් සමග Sunload Sensor එකේ Signal Voltage එක අඩු වෙයි. මෙහිදී Voltage එක මැනිය හැකි උපකරණයක් තිබෙන්නේ නම් මෙහි ක්‍රියාකාරීත්වය ඔබට නිරීක්ෂණය කළ හැකිය. එනම් එනම් Sensor එක වසා මිනිත්තු කිහිපයක් තබා Voltage එක මැනීමෙන් හා නැවත විවෘත කර Voltage එක මැනිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

අවශ්‍ය වෙලාවට පමණක් යෙදිය යුතු OD Button එක

Auto gear වාහනවල Gear ලීවර් එකේ OD (Overdrive) නමින් Button එකක් තිබෙනවා ඔබ දැක ඇත. නමුත් …