ටයිමිං බෙල්ට් එක  (Timing Belt), Timing Chain, හෝ Cambelt යන නම්වලින්ද හඳුන්වනවා. අභ්‍යන්තර දහන එන්ජිමේ කොටසක් වන මෙය දැති ස්වභාවයෙන් යුක්ත වෙයි. Timing Belt එක ගැන බොහෝ දෙනා අහලා ඇති. නමුත් නොදන්න අයට දැනගන්න වටින දෙයක්.

Main 5

ඉතිහාසය

මුල්ම වරට  Timing Belt එකක් යොදාගැනීම පිළිබඳ වාර්තා වෙන්නේ 1945දීය. මුලින්ම Belt එකකින් ක්‍රියාකරන Camshaft එන්ජිම් එක සොයා ගන්නේ 1954දී ඇමෙරිකානු ජාතික බිල් ඩෙවින් විසින්. ඒ අනුව මුල්වරට Timing Belt එකක් සහිත camshaft එකක් දක්නට ලැබෙන්නෙත් 1954දීය. Pontiac inline 6 නම් Timing Belt එකක් සහිත Overhead camshaft engine 1966දී මුල්වරට මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළේය. පසුව Vauxhall Motors, Fiat වැනි සමාගම් Timing Belt සහිත සංවර්ධිත එන්ජිම් නිෂ්පාදනය කළේය.

2263916613828434

කාර්යය

Timing Belt එකෙන් සිදුකරනුයේ Camshaft එක හා Crankshaft එක කරකැවීම. ඒ කියන්නේ එන්ජිම තුළ ඇති වෑල්ව් අරින්න වහන්න Camshaft එක කරකැවිය යුතු වෙනවා. ඒ වගේම පිස්ටන් ක්‍රියාකරන්නත් Crankshaft කරකවන්න වෙනවා. මේ දෙකම නිසි පරිදි නිසි වේලාවට සිදුවිය යුතුය. ඒ නිසා මේ දෙක සම්බන්ධ කර තමයි Timing Belt එක දුවන්නේ. තවත් විදිහට කිව්වොත් Camshaft එකේ වෑල්ව් හා Crankshaft එකේ පිස්ටන් අදාල වෙලාවට ක්‍රියාත්මක කරවීමයි මෙයින් සිදුකරන්නේ. ඒ කියන්නේ Timing එකට. මේ Timing එක නිසියාකාරව පවත්වාගැනීමයි Timing Belt එකෙන් සිදුකරනුයේ.

වර්ග

Timing Belt ප්‍රධාන වශයෙන් Belt ආකාර හා Chain ආකාර ලෙස වර්ග දෙකකි. නමුත් ඇතැමුන් පොදුවේ Timing Chain නමින්ද Belt එක හඳුන්වනවා.

timing belt vs timing chain
Timing Belt හා Timing Chain
  • Chain මාදිලිය

මෙය යතුරුපැදි Chain එකක් වගේ. යකඩින් නිර්මිතයි. භාවිතයේදී වැඩි ශබ්දයක් ඇතිවෙයි. මෙය භාවිත කිරීමේදී ලිහිස්සුම් තෙල් අවශ්‍ය වෙයි.

  • Belt මාදිලිය

1960න් පසු මෙය හඳුන්වා දුන්නේ යැයි සැලකෙයි. Belt ආකාරය කල්පවතින රබර් වැනි අමුද්‍රව්‍ය වලින් නිර්මිතයි. වර්තමානයේ බොහෝ විට භාවිත කරන්නේ Belt ආකාරයයි. වැඩි කාර්යක්ෂමතාවකින් යුක්ත අතර මාරු කිරීමේදී අඩු වියදමකින් සිදුකළ හැකිය. නමුත් Chain එකට වඩා අඩු කාලයකින් මාරු කිරීම් කළ යුතුය. Belt මාදිලියට ලිහිස්සුම් තෙල් අවශ්‍ය වන්නේ නැත.

Timing Belt මාරු කිරීම

images

Timing Belt මාරුකිරීම මූලිකවම සිදුවන්නේ වාහනය නිෂ්පාදකයාගේ නිර්දේශිත කාල වකවානුවේදීය.  එය නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ඇතැම් නිෂ්පාදන සමාගම් අනුව සැතපුම් 60,000 -100,000 අතරදී මාරුකරනු ලබයි.

ඒ විතරක් නොව මෙය කල්පවතින රබර්වලින් නිෂ්පාදිත නිසා දිගු කාලයක් ධාවනය නොකර වාහනය එකතැන තැබීමෙන් වියළී ගොස් කල්පැවැත්ම අඩු විය හැකිය. මේ නිසා වාහනය දක්ෂ කාර්මිකයෙකු ලවා පරීක්ෂා කර ගත යුතුය.

Timing Belt දෝෂ පිළිබඳ පුරෝකථන

Timing Belt එක හොඳ එකක්ද නැද්ද යන්න නිව‍සේ සිට ගලවා බැලීම දුෂ්කරයි. ඒ සඳහා පළපුරුදු කාර්මික ශිල්පියෙකු විය යුතුය. මක්නිසාද යත් මෙය ඇතැම්වාහනවල තිබෙන්නේ ඇතුළින් වීමයි. මේ නිසා Timing Belt  එක දෝෂ සහිතද යන්න අනුමාන කළ හැකි සාදක කිහිපයකි මේ.

  • එන්ජිමේ ක්‍රියාකාරීත්වය අඩු වීම
  • Overheating
  • Vibrating හෝ shaking
  • වාහනය පණ ගැන්වීමේ දෝෂ ඇතිවීම
  • පටිවලින් ශබ්ද ඇතිවීම
  • එන්ජිම Misfire කිරීම
  • එන්ජිමෙන් දුම් දැමීම
  • තෙල් කාන්දු වීම / Oil Pressure එක අඩුවීම
  • Engine Light එක පරීක්ෂා කර බැලීම
  • Pistons හෝ Valves කැඩී යාම

කෙසේ හෝ Timing Belt එකක් දැමීමට සිදුවුව හොත් අනිවාර්යයෙන් එය දැමූ දිනය හා ඒ වනවිට තිබූ කිලෝමීටර් ප්‍රමාණය කොතැනක හෝ සටහන් කර ගැනීම ඉදිරියේදී අවශ්‍ය වෙයි. මෙය බොහෝ දෙනෙකු නොකරන දෙයකි. Timing Belt එක පමණක් නොව අනෙක් Belt මාරැ කිරීමේදීද මෙය අනුගමණය කළ හැකිය.

මෙසේ නිවැරදි කාලයේදී Timing Belt මාරු කිරීමෙන් එන්ජිමේ දෝෂ බොහෝ දුරට අඩු කර ගත හැකිය. වාහනයේ කන්ඩිෂන් එකට Timing Belt අත්‍යඅවශ්‍ය උපාංගයක් බව ඔබට දැන් වැටහෙනු ඇත.

ඒ වගේම භාවිත කරපු වාහනයක් මිලදී ගැනීමේදී හෝ මිලදී ගත්පසු අනිවාර්යයෙන්ම Timing Belt එක මාරු කරගන්න එක ඇඟට ගුණයි. මක්නිසාද කළින් භාවිත කරපු කෙනා කවදා Timing Belt දැම්මද, වාහනය කොහොම භාවිත කළාද කියා අප දන්නේ නැති නිසා.

Timing Belt එකක් මාරු කරන හැටි ඉදිරියේදී කතාකරමු. මක්නිසාද සාමාන්‍යයෙන් නිවසක මෙය සිදුකිරීම අපහසු නිසාය. විශේෂයෙන්ම සේවා පොත (Service manual) අවශ්‍ය වෙනවා. කෙසේ හෝ Timing belt මාරුකිරීම පිළිබඳ වෙනම ලිපියකින් හමුවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Octane 92 හා Octane 95 පෙට්‍රල් කියන්නේ මොනවද?

මේ දිනවල රටේ මිනිස්සු වැඩියෙන්ම දැවෙන්නේ ‘ඉන්ධන’ අර්බුදයෙන්. ඉන්ධන මිල ඉහළ යාම…