ඔබේ වාහනය නවීන මෝටර් රථයක් නම් cruise control Option එක අනිවාර්යයෙන්ම ඔබට දැකගත හැකිය. ඔය එය අත්හදා බලා තිබෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් රියදුරුට විවේකයක් ලබාදෙන මම Option එක ගැන විස්තර ටිකක් සොයා බලමු.
Speedostat, Speed control, Autocruise, හෝ Tempomat යන නම් වලින් විවිධ රටවල් වල හඳුන්වන මෙම විශේෂාංගය මගින් සිදු කරන්නේ ඔබට අවශ්‍ය පරිදි වාහනය ධාවනය වන වේගය අවශ්‍ය නියත අගයක තබා ගැනීමයි. එනම් ඔබ යම් වේගයකින් ගමන් කරන්නේ නම්, එම වේගය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි වාහනයට විදාන දීමකි.


ඉතිහාසය
මෙම Option එක නවීන මෝටර් රථවල දක්නට ලැබුණද, 17වැනි ශතවර්ශය දක්වා මෙම Option එක දිව යයි. මේ පිළිබඳ මුලින්ම අත්හදා බලා ඇත්තේ 1788 දී James Watt හා Matthew Boulton විසිනි. ඒ වාෂ්පබලයෙන් ක්‍රියාකරන එන්ජින් සඳහාය. විවිධ සමාගම් පසුව අත්හදා බැලීම් සිදුකළද වාර්තාවන ආකාරයට මුලින්ම භාවිත කර තිබෙන්නේ 1900දී Wilson-Pilcher මෝටර් රථ සමාගමයි. ඉන්පසු 1908දී Peerless මෝටර් රථ සමාගම විසින් වේගය පාලනය කළ හැකි අමතර throttle lever එකක් steering wheel එකට සම්බන්ධ කරමින් රථයක් නිපදවිය. මේ තාක්ෂණය දිගින් දිගටම සංවර්ධනය වූ අතර වර්තමානයේ පවතින cruise control තාක්ෂණය සොයාගනු ලැබුවේ 1948 දී Ralph Teetor විසිනි.
Modern cruise control සොයා ගැනීම
මෙම තාක්ෂණය සොයාගනු ලබන්නේ ඇමෙරිකානු ජාතික Ralph Rowe Teetor විසිනි. ඉංජිනේරුවරයෙක් වූ ඔහු The Perfect Circle Co. නම් මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදන සමාගමේ ප්‍රධානියාය. දිනක් මොහු අතින් පිහිය ගිලිහී ගොස් ඇසේ ගැටීමෙන් මොහු අන්ධ භාවය පත්විය. Ralph Teetorට මෙම අදහස ආවෙ දවසක් පවුලේ නීතීඥයා වූ හැරී ලින්ඩ්සෙ (Harry Lindsay) සමග වාහනේ ගමනක් යනවිටය. හැරී කතා කරන විට වාහනේ වේගෙ අඩු කරන අතර, කතාව නවතා ඇහුම්කන් දෙනවිට වාහනයේ වේගය වැඩි කරයි. නමුත් Ralph Teetorට හැරීගේ මේ ක්‍රියාවට එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසා ඊට උපකමයක් අවශ්‍ය බව Ralph Teetor ට සිතුණි. ඒ අනුව speed control device එකක් නිර්මාණය කිරීමට ඔහු අදිටන් කරගත්තා. 1945 දී එනම් අවුරුදු 10කට පසු Ralph Teetorට තමන් විසින් speed control device එකක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නවා.

Controlmatic, Touchomatic, Pressomatic හා Speedostat වැනි විවිධ නම්වලින් මෙම උපාංගය හැඳින්විය. නමුක් මේ අතරින් Speedostat යන්න වෙළෙඳ සන්නාමයක් බවට පත්විය. 1950 අගොස්තු 22 වැනිදා Speedostat සඳහා පේටන්ට් බලපතුය හිමිවිය. නමුත් 1958 දී Chrysler සමාගම විසින් Auto Pilot ක්‍රමය හඳුන්වා දෙනතුරු Perfect Circle device එක කිසිඳු වාණිජමය යොදා නොගැණුනි. පසුව Cadilac සමාගම විසින් Cruise Control නමින් මෙම තාක්ෂණය සහිත වාහන වෙළෙඳ පොළට නිකුත් කිරීම සිදුවිය. මෙම තාක්ෂණය සඳහා Cruise Control යන නාමය ජනප්‍රිය වෙන්නත් නිල නාමය බවට පත්වීමත් සිදුවිය. පසුව විවිධ අංග මෙම Cruise Control හා එකතු වෙමින් වැඩි දියුණු විය.
Cruise Control Actuator
Cruise Control එක පාලනය කරනු ලබන්නේ Cruise Control Actuator එක මගිනි. Actuator එකේ සිට පිටතට කේබල් දෙකක් ගමන් කරයි. Throttle body එකටත් අනෙක් කෙබල් එක gas pedal එක හා සම්බන්ධ වෙයි. Cruise Control Actuator එක කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. මෙම කේබල් දෙකම සම්බන්ධ වන්නේ Actuator ඇති Plate දෙකකටය. ඉහළින්ම පිහිටි Plate එක Gas Pedal එකේ සිට එන කේබලයද, ඊට යටින් පිහිටි Plate එක Throttle body එකේ සිට එන කේබල සම්බන්ධ වෙයි. මෙම Plate තුළ Tension Spring අන්තර්ගත වෙයි. යටම ඇති Plate එක සම්බන්ධ වන්නේ මෝටරයටය. එම මෝටරය Throttle එක පාලනය කරනු ලබයි.

Actuator එකෙහි මෝටර් 2ක් දක්නට ලැබෙයි. අනෙක් මෝටරය දැතිරෝද වලල්ලකින් යුක්ත සමන්විත වෙයි. එය Clutch Solenoid ලෙස හඳුන්වයි. ඊට අමතරව කුඩා පරිපථයක් ස්විච දෙකක්ද මෙහි ඇතුළත් වෙයි. 12v විදුලි බලයක් සැපයූ විට ලැබෙන සංඥා අනුව එය ක්‍රියා කරනු ලැබේ. මෙම මෝටර වලින් බලය සම්ප්‍රේෂණය කිරීමට සරළ දැතිරෝද සැකැස්මක්ද මෙම Actuator එක තුළ දක්නට ලැබේ. ධාවනයේදී අප විසින් අදාල throttle එකේදී Cruise Control ක්‍රියා කලවිට එම සංඥාවලට අනුව Actuator එක throttle එක ලොක් කර ගනු ලබයි.


Adaptive cruise control (ACC)
වර්තමානයේදී මාර්ගවල තිබෙන රථවාහන ප්‍රමාණයත් සමග පැවත ගෙන එන cruise control තාක්ෂණය ප්‍රමාණවත් නොවනු ඇත. මේ නිසා වැඩිදියුණු කළ ක්‍රමවේදයක් තමයි Adaptive cruise control ලෙස හඳුන්වන්නේ. මෙහිදී වාහනයේ වේගය ස්වයංක්‍රීයව පාලනය කිරීමක් සිදුකරයි. cruise control ක්‍රියාවලිය වගේම මෙහිදීද රියැදුරු විසින් උපරිම වේග අවස්ථාව සලකුණු කරයි. ඉන් පසු වාහනයේ ස්ථාපිත radar sensor මගින් ඉදිරියෙන් වූ වාහන පිළිබඳ පිරික්සීමක් සිදුකරයි. එහිදී ඉදිරියෙන් වාහනයක් ඇත්නම්, හදිසි අවස්ථාවකදී අපේ වාහනය තත්ත්පර 2-3ක කාලයක් තුළ නවතා ගැනීමට හැකිවනසේ දුර ප්‍රමාණය අනුව වේගය තීරණය කරයි.
උදාහරණ ලෙස, TRW සමාගම විසින් නිපදවන 77-GHz Autocruise radar system එක මගින් පැ.සැ. 18.6 (30 kph) සිට පැ.සැ. 111 mph (180 kph) වේග අන්තරයකදී මීටර් 150ක් තරම් වූ දුර ප්‍රමාණයක් ග්‍රහණය කරගත හැකිය. Delphi සමාගමේ 76-GHz system එක මගින් පැ.සැ. 20 (32 kph)ක් වැනි අඩු වේගයකදී මීටර් 150ක දුරක් ග්‍රහණය කරගත හැකිය.

ඒ වගේම ඉදිරියෙන් වූ වාහනයේ වේගය අඩු කල විටද, ඔබේ වාහනයට ඉදිරියෙන් ඔබේ පථයට වාහනයක් ඇතුළු වූ විට ඔබේ වාහනය ස්වයංක්‍රීයව තිරිංග යොදා වේගය පාලනය කිරීමක් සිදු කරයි. මෙවැනි අවස්ථාවක රථය visual හා acoustic signal එකක් මගින් කෙටි අනතුරු ඇඟවීමක් රියැදුරුට දැනුම් දෙනු ලබයි. එවිය රියදුරුට ක්ෂණිකව වාහනය නැවතීමට හෝ වේගය අඩු කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. එසේත් නොමැතිනම් මෙම පද්ධතිය විසින් ස්වයංක්‍රීයව වාහනය සම්පූර්ණයෙන්ම නැවැත්වීමේ හැකියාවද උදා වෙයි. ඇතැම් වාහන optical system එකක් පදනම් කරගත් stereoscopic camera පද්ධතියක්ද ඊට සහාය දක්වයි.

ඒ කෙසේ නමුත් රාත්‍රියේදී, වැසි දිනවල, හිම සහිත ස්ථාන (වෙනත් රටකනම්) වැනි ආන්තික තත්ත්ව යටතේ මෙය භාවිත කිරීම සුදුසු නොවනු ඇත.
Adaptive cruise control (ACC) වල අවසානය මෙය නොවනු ඇත. මක්නිසාද යත් ස්වයංක්‍රීයව ධාවනය වන වාහනවල ආරක්ෂාවේ මූලික පියවර මෙය වන නිසාය. එම නිසා ඉදිරියේදී වැඩිදියුණු වූ, ඇතැම්විට වෙනත් නම්වලින් හඳුන්වනු ලබන Adaptive cruise control (ACC) දැකගත හැකි වනු ඇත.
Cruise control Buttons
ඔබේ වාහනයේ cruise control පහසුකම තිබ්බද, මීට කලින් ඔබ එය භාවිත කර නැත්නම් එයින් කරන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. Cruise control විශේෂාංගයේ Buttons 5ක් සාමාන්‍යයෙන් දැකිය හැකිය. ඇතැම් වාහනවල වෙනස්වන අවස්ථාද දක්නට ලැබෙනවා. එනම්,
- On
- Off
- Set/Accel
- Resume
- Coast
- Switch On
ඔබට අවශ්‍ය වේගයට වාහනය පැමිණි පසු Switch එක On කිරීමෙන් අපේක්‍ෂිත වේගය රඳවා ගනු ලබයි. මෙය Dashboad එකේ හෝ Steering Wheel එකේ මෙම Switch එක දක්නට ලැබේ. Set බොත්තම එබූ විටද On වීම සිදුවෙයි.
- Switch Off
වාහනය රඳවා ගත් වේගය නැවත ඔබ අතට ගැනීමට මෙය භාවිත කළ හැකිය. නමුත් ඇතැම් වාහනවල මෙම Switch එක දක්නට නොමැති අතර, එහිදී Brake pedal එක යන්තම් පෑගීමෙන් මෙම Switch එකෙන් සිදුකරන කාර්යය කරගත හැකිය.
- Set/ Accel
වර්තමානයේ පවතින වේගය Brake pedal එකට හෝ Gas Pedal එක භාවිත නොකර අඩු වැඩි කිරීමට Set/ Accel යන Switch උපකාර වෙයි. ඔබ පැ.සැ. 45ක වේගයෙන් ධාවනය කරන විට Set බොත්තම එබීමෙන් වාහනය එම වේගය පවත්වා ගෙන යනු ලබයි. එනම් Switch On එකෙන් කරන කාරයයමයි. Set/ Accel Switch එක ඔබගෙන සිටීමෙන් උදාහරනයට අනුව වේගය පැ.සැ. 46, 47, 48… දක්වා ක්‍රමයෙන් වැඩිකරගත හැකි වෙයි. ඇතැම් වාහනවල වේගය වැඩිකිරීමට + ලකුණ සහිත බොත්තමක් දක්නට ලැබේ.
- Switch Resume
Brake pedal එක පෑගීමෙන් හෝ Switch Off කිරීමෙන් Cruise control එකෙන් මිදී වෙනත් වේගයකින් ධාවනය කරන්නේ යැයි සිතමු. මෙම අවස්ථාවේදී Resume Switch එක එබීමෙන් ඔබ අවසානයේදී Cruise control භාවිත කර ගිය වේගයට වාහනයේ වේගය සකස් වනු ඇත. ඉහත උදාහරණයටම අනුව ඔබ දැන් ගමන් කරන්නේ පැ.කි. 30ක වේගයකින් නම් Resume Switch එක එබීමෙන් එය පැ.සැ. 45 දක්වා වැඩි වී එම වේගය නියතව තබා ගනු ලබයි.
- Switch Coast
මෙම Switch එක එබීමෙන් ඔබේ වාහනය ක්‍රමයෙන් මන්දනය වනු ඇත. එනම් Gas Pedal එකෙන් පාදය ඉවත් කරා මෙන් පැ.සැ. 1 දක්වා අඩු විය හැකිය. ඉහත උදාහරණය සැලකූවිට වේගය පැ.සැ. 44, 43, 42… දක්වා ක්‍රමයෙන් අඩුකර ගතහැකි වෙයි. ඇතැම් වාහනවල මෙය – ලකුණ සහිතවද, Set/ Coast ලෙසද සලකුණු කර තිබේ.
මේ අනුව ඔබේ වාහනයේ ඇති Switch ඔබ තේරුම් ගත යුතුය. මක්නිසාද යත් වාහන සමාගම් ඔවුන් ආවේණික වූ ක්‍රමවේද මෙය සලකුණු කිරීමට යොදා ගන්නා නිසාය.

Cruise control හි වාසි හා අවාසි
වාසි
- දහනය වන ඉන්ධන ප්‍රමාණය අවම වීම.
- හොඳ ධාවන අත්දැකීමක් ලබා දෙයි.
- වේගය සීමාකාරී නිසා ආරක්ෂාවක් සැලසෙයි
අවාසි
- නිදිමත හා විඩාවක් සහිත රියැදුරන්ට සුදුසු නැත.
- ක්ෂණිකව අඩු වේගයකට යෑමට ඇති අපහසු කම.
- අයහපත් කාලගුණයේදී ධාවනය කිරීම සුදුසු නැත.
දැක ඇති නමුත් හරියට නොදන්නා Sun load Sensors
Dashboard එකේ Windscreen එක ළඟ ඇති කුඩා වෘත්තා කාර කොටස් ඔබ දැක ඇත. ඇතැම් වාහනවල මෙය එකක් …