ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වැඩිවශයෙන් අළෙවි වූ මෝටර් රථයක් ලෙස වොක්ස්වැගන් සමාගමේ බීට්ල් රථය ප්‍රසිද්ධවී තිබේ. මේ වනවිට මෙහි නිෂ්පාදනය කටයුතු අවසන් වී පැවතියද, මේ සඳහා ඇති ඉල්ලුම, කැමැත්ත තවමත් අවසන් වී නොමැත. මෙහි තිබෙන වටිනාකම දන්නා සෑම පුද්ගලයෙක් ළඟම ධාවනයට පමණක් නොව තම පෙලපතේ පෞඪත්වය පිළිබිඹු කිරීමටද ළඟතබාගෙන සිටියි. වොක්ස්වැගන් බීට්ල් රථවලට පෙම් බඳින සියලු දෙනාට දැන ගැනීමට ‘නිට්ටඹුවේ වෙක්ස්වැගන් දොස්තර’ හමූ වීමට Testrun අප කණ්ඩායම ගියා. ඔහු නමින් නිට්ටඹුවේ සිටින විෂාන් රණවීරයි. වොක්ස්වැගන් ජීවිතය කරගත් ඔහු මෙම ක්ෂේත්‍රයේ වසර 15කටත් අධික කාලයක් පළපුරුදුකාරයෙකි.


වොක්ස්වැගන් රථ ආරම්භය ගැන සඳහන් කළොත්?
1938 වසරේ සිට 2003 ජූනි 30 දක්වා පමණයි මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන්නෙ. එදා සිට මෝටර් රථ 21,529,464 ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන අතර ඒ සෑම රථයකම දොර දෙක, ගියර් 4, එන්ජිමේ පිහිටීම එකම ආකාරයට නිර්මාණය කරනවා.
ප්‍රධාන ලෙස ශ්‍රී ලංකාවට 1200cc, 1300cc, 1302cc හා 1303cc යන මාදිලි 4ක් ගෙන්වනවා. ඊට අමතරව 1500, 1303 S… ආදී මාදිලි කිහිපයක්ද ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේ ධාවනය වන මට්ටමේ වොක්ස්වැගන් මෝටර් රථ 2,000කට අධික ප්‍රමාණයක් තියෙනවා.
සාමාන්‍යයෙන් ලීටරයකින් කිලෝමීටර් 10ක් විතර ධාවනය කළ හැකිය. නමුත් 1200cc මාදිලියේදී ඊට වඩා කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කළ හැකිය. ‘ඇන්ටික්’ නැත්නම් පෞරාණික භාණ්ඩ විදිහට බොහෝදෙනෙකු තියාගෙන ඉන්නෙ 1200cc මාදිලියයි. තවද, වැඩියෙන්ම අළෙවි වන මාදිලිය 1300cc වන අතර හොඳට ධාවනය කළ මාදිලි අතර 1300cc, 1302cc… ඉදිරියෙන් සිටිනවා.
අලුත්වැඩියාව?

වොක්ස්වැගන් පිළිබඳව දන්න මනා පළපුරුද්ද ඇති පුද්ගලයෙක් මෙම මෝටර් රථ අලුත්වැඩියා කළ යුතුයි. මෙය වෙනත් මෝටර් රථ මෙන් නොවෙයි. පළපුරුද්ද ඇති කෙනෙක් සාමාන්‍යයෙන් අමතර කොටසක් දාලා හැදුවොත් අවුරුදු 30ක් විතර තියාගන්න පුලුවන් බව ඔහු සඳහන් කළේය.
ගිනි ගැනීම්
බොහෝ දෙනෙකුගේ විශ්වාසය මෙම රථය ගිනිගන්නවා යන්නයි. නමුත් එය බොරු මතයක් බවත් නිෂ්පාදන දෝෂයක් නොවන බව ඔහු පවසයි. බොහෝ විට එය සිදුවන්නෙ අලුත්වැඩියා කිරීමේදී සිදුවන දෝෂ නිසයි. ඒ සියල්ල හදාගන්න පුලුවන් කුඩා වැරදි.
අමතර කොටස්
භාවිත කළ වොක්ස්වැගන් එකක් මිලදී ගැනීමේදී හැමෝටම එන ප්‍රශ්නයක් තමයි ඕක. බහුතරයක් විශ්වාස කරන්නේ මෙයට අමතර කොටස් නැහැ කියලා. දොරවල්, බෆර් ඇතුළු ඕනෑම කොටසක් අදටත් ගෙන්වනවා.
ඉස්සර මෙම මෝටර් රථයක් මිලදී ගැනීමේදී, ධාවනය වන විට සීරීමක් ඇතිවුවහොත් ආලේප කිරීම සඳහා. මෝටර් රථයේ වර්ණයට අදාල තීන්ත කාලක් ලබාදී තිබෙන බවත් ඔහු පවසනවා.
මේකේ තාක්ෂණය මොනවගේද?
එන්ජිම

මෝටර් රථයේ පිටිපස කොටසේ (ඩිකියේ) තමයි එන්ජිම හා ජියර් බොක්ස් පිහිටා තියෙන්නෙ. එන්ජිමේ ‘ගෑස්කට්’, ‘ඔයිල් ෆිල්ටර්’ කිසිම දෙයක් නැහැ. යතුරු පැදියටත් වඩා සරල එන්ජිමක් තමයි තියෙන්නෙ. පැය 24ක් වුවත් නොනවත්වා ධාවනය කළ හැකි අතර එන්ජිම රත්වීමක් සිදු වෙන්නෙ නෑ. ඉස්සර රෝහල්වල ජෙනරේටර්වලටද මෙම වොක්ස්වැගන් එන්ජිම භාවිත කරලා තිබෙනවා කියා දැනගන්නට ලැබෙනවා.
වොක්ස්වැගන් කියූවිට බොහෝ දෙනෙකු දන්නෙ ඩයිනමෝ තාක්ෂණයයි. නමුත් ඒක පරණ තාක්ෂණයක් බවත් අද තියෙන්නෙ ‘ඕල්ටනේටර් තාක්ෂණයක්’ (Alternator). තවද ඔටෝමැටික් ජියර් බොක්ස් අවශ්‍යනම් එවැනි මෝටර් රථද තිබෙනවා.
එයාකූලර්
එන්ජිමට වතුර දැමීමට අවශ්‍ය වන්නෙ නැහැ. ‘එයාකූලර්’ පද්ධතියකින් තමයි සන්නද්ධ වන්නෙ. නමුත් සිසිල් වීම සිදුවන්නෙ වාතයෙන් නෙමෙයි ඔයිල් වලිනුයි.
වින්ඩ්ස්ක්‍රීන් ෂවර්
ඉදිරිපස වීදුරුවට වතුර විදිනුයේ (වින්ඩ්ස්ක්‍රීන් ෂවර් මගින්) ‘ස්පෙයාර්වීල්’ (අමතර රෝදයේ) එකේ ඇති සුළඟෙන්. එනම් ‘ස්පෙයාර්වීල්’ එකේහි තියෙන සුළං වතුර ටැංකියට පැමිණ එතනින් තමයි වීදුරුවට ජලය විදින්නෙ.
ජැක් එක
රෝදයක පැච් එකක් සිදුවූ විට අදාල රෝදය පමණක් ජැක් එකක් ආදාරයෙන් එසවිය නොහැක. ඒ සඳහා මෝටර් රථයේ ස්ථීර තැනක් පවතිනවා. එම ස්ථානයෙන් ජැක් එක ගසා එසවූ පසු ඒ පැත්තෙ ඇති රෝද දෙකම එකවිට එසවීම සිදුවෙනවා. ඔර්ජිනල් ටයරනම් සුලං ගැසිය යුතු ප්‍රමාණයක් තිබෙනවා. ඉදිරිපස රෝදයට 17යි පිටුපස රෝදයට 22යි.
ආනත රෝද
කාන්තාරවල ධාවනයට නිර්මාණය මෝටර් රථයක් වන මෙය වැල්ලේ එරීම වැලැක්වීමට රෝද යම් ආනතියකින් යුක්තව නිර්මාණය කර තිබෙන බවත් ඔහු පවසනවා.


අළෙවිය
මේ වනවිට මම මෝටර්රථ 170ක් පමණ විකුණා තිබෙනවා. පරණ වාහන ගෙනත් අලුත් වැඩියා කර විකුණනවා. සියලු මෝටර් රථ ගත්විය අද වනවිට මෝටර් රථ 700ක් පමණ අලුත්වැඩියා කර තියෙනවා. 1303cc මෝටර් රථ මාදිලියේ රථ 25ක් පමණ තමයි ලංකාවට තියෙන්නෙ. එම 25න් 16ක්ම මගේ හරහා තමයි විකුණුවේ. මගෙන් මෝටර් රථ මිලදී ගන්න කොළඹ අවටින්ම පමණක් නොව නුවර, අනුරාධපුරය හා යාපනය වගේ පැතිවලිනුත් පැමිණෙනවා.ඒ පැතිවල තමයි වැඩිපුරම මෙම මෝටර් රථ තිබෙන්නෙ.
වොක්ස්වැගන් බීට්ල් මෝටර්රථයක් ලක්ෂ 3 ½ සිට ලක්ෂ 10-12ට විතර මිලදී ගන්න පුලුවන්. ‘මගෙන් මෝටර් රථයක් මිලදී ගන්නවනම් හොඳට දුවන මට්ටමට හදලා දෙනවා. මොකද මමම එය හදන නිසා. ඒ පිළිබඳ මම වගකීමක් ලබාදෙන’ බවත් ඔහු පවසා සිටිනවා.




බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’
ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …