වාහනයක ටයර කියන්නේ ඉතාම වැදගත් සාදකයක්. එහි ගමන් කරන මගීන්ගේ හා වාහනයේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔය කියන ටයර මතයි. ඒ නිසා ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අපි කියන්නේ ටයරයේ උප්පැන්නය සහතිකය ගැනයි. එනම් Tire pressures Sticker එක ගැනයි. එහෙමත් නැතිනම් Tyre placard එක ගැනයි. සමහරු මෙය දැකලත් ඇති, නොදැකත් ඇති. දැකලා ඇති අය මේක හරියට කියවලත් ඇති නැතුවත් ඇති. අද බහුතරයක් දෙනා Tire pressures Sticker එක හරියට කියවනවාද යන්නත්, ඊට අනුව කටයුතු කරනවාද යන්නත් ගැන ගැටලුවක් මතු වී තිබේ.

download

තිබෙන ස්ථාන

මුලින්ම කියන්න අවශ්‍යයි මෙම Tire pressures Sticker එක තියෙන්නේ කොතැනද කියලා. සාමාන්‍යයෙන් මෙම Tire pressures Sticker එක දක්නට ලැබෙන්නේ රථයේ ‘B’ pillar රියැදුරු දොර අසල තිබෙන කනුවේ) එකේ. ඇතැම්විට ඉන්ධන ටැංකි පියනේ, බොනට් එක යට, glove box එක තුළ වැනි ස්ථානවල මෙය සටහන් කරනවා. ඒ අනුව ඔබගේ රථයේ කුමන ස්ථානයේ මෙය තිබෙන්නේද යන්න සොයා බැලිය යුතු වෙනවා.

Tyre Placardහි අන්තර්ගතය

මෙහි සටහන් වෙන්නේ ටයරය නිවැරදිව භාවිත කරන්නේ කෙසේද යන්නයි. වාහනයට අනුව භාවිත කළ යුතු,

  • නිර්දේශිත ටයරයේ ප්‍රමාණ
  • සාමාන්‍ය තත්ත්ව යටතේ ඉදිරිපස හා පිටුපස ටයරවල පීඩනය
  • භාණ්ඩ පැටවීමේදී අවශ්‍ය ටයර පීඩන

වැනි තොරතුරු රාශියක් එහි අන්තර්ගත වෙයි. මේ අනුව ඔබ වෙනස් ටයර මාදිලි හෝ අලුතෙන් ටයර යොදන්නේ නම් ඊට අවශ්‍ය තොරතුරු මෙම Tyre placard එක හරහා කියවා දැනගත හැකිය. එය මෝටර් රථ නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට වෙනස් වෙයි.

Tyre placard එකෙහි දත්ත සාමාන්‍යයෙන් කුඩා රූප/ සංඛ්‍යා වගුවලින් නිරූපණය කරයි.

කියැවීම

  • මුලින්ම ටයරයේ ප්‍රමාණය සොයා ගත යුතුය. එය ටයරයේ සඳහන් කර තිබේ.
  • පසුව Tyre placard එකෙහි ඒ ටයර ප්‍රමාණය සොයා ගන්න.
  • ඊට ඉදිරියේ ඔබේ රථයේ ඉදිරිපස හා පිටුපස ටයරවලට යෙදිය යුතු පීඩනය. එම පීඩනය යටතේ ගෙන යාහැකි මගීන් ප්‍රමාණය දිස්වෙයි.
  • ඔබට මගීන්ට අමතරව තව භාණ්ඩ ගෙන යා යුතුනම්, ඊට අවශ්‍ය විකල්පයද එහි දක්නට ලැබේ. ඒ අනුව ඊට අදාල ඉදිරිපස හා පිටුපස ටයර පීඩනය සොයා ගත හැකිය.

ඒඅනුව ටයර වලට එම පීඩන යෙදීමෙන් ටයරවල ගුණාත්මක භාවයද ආරක්ෂා කරගත හැකිය.

උදාහරණ ලෙස,

ඔබේ පිටුපස ටයරය 275/40  R 19”  101Y ලෙස සටහන් වී තිබේ යැයි සිතමු.
(මෙම අංකවල තේරුම කියැවීම පිළිබඳ ආටිකල් එක බලන්න)

ඉන්පසු Tyre placard එකෙහි අදාල ටයර අංකය තෝරන්න.

ඒ අනුව,

  • ඉදිරිපස ටයර පීඩනය 2,7 bar (270 kPa)ද,
  • පිටුපස ටයර පීඩනය 2,3 bar (230 kPa)ද වෙයි.


මෙම පීඩනය වලංගු වන්නේ උපරිම මගීන් 4 දෙනෙකු සඳහා පමණි.

ඔබට මගීන් 5 දෙනෙකු හෝ භාණ්ඩ ගෙනයා යුතුනම් දෙවැනි විකල්පයට යා හැකිය.

එහිදී,

  • ඉදිරිපස ටයර පීඩනය 2,9kPa (290)ද,
  • පිටුපස ටයර පීඩනය 2,6kPa (260)ද වෙයි.

ඉහත උදාහරණය BMW මාදිලියේ මෝටර් රථයක වන අතර, නිෂ්පාදක සමාගම් අනුව එය වෙනස් වෙයි.

පීඩනය පරීක්ෂා කිරීමේ අවශ්‍යතාව හා සිදුවන වාසි

  • සාමාන්‍යයෙන් සෑම සති දෙකකට වරක්ම ඔබේ මෝටර රථයේ ටයර පීඩනය පරීක්ෂා කළ යුතුය.
  • දුර ගමනක් හෝ චාරිකාවක් යෑමට පෙර අනිවාර්යයෙන්ම ටයර පීඩනය පරීක්ෂා කරන්න.
  • මෙසේ පරීක්ෂා කිරීමෙන් ටයර ගෙවීයෑම නිසා සිදුවන දෝෂ අවම කරගත හැකිය.
  • මනා ඉන්ධන කාර්යක්ෂමතාවක් ගොඩනගා ගත හැකිය.
  • ටයරවලින් Noise නොනැගෙනු ඇත.

පීඩනය මනින ඒකක

මෙහිදී ටයර පීඩනය මැනීමට සමාගම් විවිධ ඒකක භාවිත කරයි. බහුතරයක්ම භාවිත කරන්නේ Bar හෝ Pascal (Pa) ය. Pascal යනු වර්ගමීටරයකට නිව්ටන් කොපමන බලයක් බලපානවද යන්නයි. (1Pa = 1 N/m2).

1 Pa = 10-5 bar

105 bar = 100 kPa

විවිධ රටවල Pa හා bar යන්න අදාල රටේ භාෂාවෙන්ද මුද්‍රණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Octane 92 හා Octane 95 පෙට්‍රල් කියන්නේ මොනවද?

මේ දිනවල රටේ මිනිස්සු වැඩියෙන්ම දැවෙන්නේ ‘ඉන්ධන’ අර්බුදයෙන්. ඉන්ධන මිල ඉහළ යාම…