ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් ස්ටිකර් ගැන පසුගිය කාලයේ බොහෝ ආන්දෝලනාත්මක කථාබස්ද ඇතිවුණා. ඇතැම්විට නීතියෙන්ද බස් ස්ටිකර් සඳහා වාරණ නිකුත් කර තියෙනවා. නමුත් මෙය සැබැවින්ම අලංකාර උප සංස්කෘතියක් ලංකාව තුළ නිර්මාණය කර අවසන්. ශ්‍රී ලංකාවේ කොහේ හෝ බස් රථයක් ලස්සනට ස්ටිකර් කරලා තියෙනවා නම් ඒ සමගම යා වන නාමයක් තමයි ‘අනුර ඇඩ්වර්ටයිසින්’ කියන්නේ. මේ නිසා Testrun.lk කණ්ඩායම බස් ස්ටිකර් හි නවමු වෙනසක් සිදුකළ ‘අනුර ඇඩ්වර්ටයිසින්’ සොයා ගියේය. ඒ බස් ස්ටිකර් පිළිබඳ ඔබව දැනුවත් කිරීමේ අභිලාෂයෙනි.

83817178 2162644647171948 1838045719773052928 n

ස්ටිකර් වර්ග

බස් රථ සඳහා බහුලවම ඩිසයින් මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන්නෙ Mcjet නම් ස්ටිකරයයි. එහි  පැවැත්ම වැඩියි. වෙනත් ස්ටිකර්වල තිබෙන්නෙ තුනී gum එකක් නමුත් මෙම වර්ගයේ තිබෙන gum ප්‍රමාණය වැඩිය. තවද  Mcjet ස්ටිකරය ඝණකම්ය.

වීදුරු ආවරණය හා අකුරු සඳහා භාවිත කරන්නේ 3M ලුමිනස් ස්ටිකරයයි. අද වනවිට වෙළෙඳ පොළෙහි චීනයේ නිෂ්පාදිත විවිධ ස්ටිකර් වර්ග දක්නට තියෙනවා. නමුත් එහි පැවැත්ම අඩුයි.

අපි ස්ටිකර් මුද්‍රණය කිරීමට භාවිත කරන්නෙ ජපන් මුද්‍රණ යන්ත්‍රයි. ඒ සඳහා විශේෂ වූ තින්ත අප ගෙන්වනවා. මක්නිසාද අඩු තත්ත්වයෙන් යුත් තීන්ත භාවිත කිරීමෙන් මුද්‍රණ යන්ත්‍රවල පැවැත්මත් නිර්මාණයේ තත්වයත් අඩු වෙනවා.

ඩිසයිනින්  තෝරාගැනීම

පාරිභෝගිකයාගේ සිතේ ඇති සිතුවිල්ල තේරුම්ගෙන ඊට අදාල ඩිසයිනින් එක නිර්මාණය කරනවා. අපි ළඟ නිර්මාණය කළ ඩිසයිනුත් තිබෙනවා. පාරිභෝගිකයන්ට එයින් සිත්ගත් ඩිසයින් එක තෝරගන්න පුලුවන්. තවද පාරිභෝගිකයා විසින් සිදුකරන ලද ඩිසයින් එකක් වුවද  මුද්‍රණය කර බස් රථය අලංකාර කර දෙනවා.

85161116 2181080038661742 2085817667205201920 n
83758552 2150105761759170 3375772212219871232 n

වර්ණ

වර්ණ තෝරාගැනීමේදී පාරිභෝගිකයාගේ ඉල්ලීම පරිදි හා ඩිසයින් එකට ගැලපෙන පරිදි වර්ණ තෝරා ගන්නවා. කළින් පැමිණි බස් රථ සඳහා වැඩිපුර කොළ පැහැය යොදා ගත් අතර දැන් පැමිණෙන බස් රථ සඳහා වැඩියෙන් භාවිත වන්නේ නිල් පාටයි. බොහෝ පුද්ගලයන් බස්රථය මිලදී ගත් පසු එහි වර්ණය වෙනස් කිරීම සඳහා පේන්ට් කිරීම සිදුකරනවා. එවැනි බස් රථ සඳහා වුවද පේන්ට්එකෙහි ඇති වර්ණවලට ගැලපෙන ලෙස ස්ටිකර් ඩිසයින් කරනවා.

කාලය

ඇතුළත හා පිටත සම්පූර්ණයෙන් ඩිසයින් කර බස්රථයක් නිම කිරීම සඳහා දවස් දෙකක පමණ කාලයක් ගත වෙයි.

15369202 840273082742451 609167528343871849 o 2
17098590 899339646835794 6840676285869519028 n 1
80264255 2464307580338985 7137699962680756844 n 1

වගකීම් කාලය

වාහනයට සිදුවන හානියක් නොවන්නට මෙවැනි ස්ටිකරයක් අවුරුදු 5ක පමණ කාලයක් තබාගත හැකිය.

Modify Bus

ඉදිරිපස bodykit එකකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු  බස්රථය මෙය බව එහිදී අපට දැනගන්නට ලැබුණි. මීට අමතරව ඇස් මවිතකරවන විචිත්‍ර ආලෝක පද්ධතියකින්ද, Wifi, CCTV Camera, TV,  සෑම ආසනයකටම Phone Chargers වලින් සන්නද්ධ වී තිබුණි. බස් රථය තුළ සියලු වැඩ නිම කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් වැය වී තිබේ. සම්පූර්ණ බස් රථය මාස තුනහමාරක කාලයක් වැය කර Modify කිරීම් කටයුතු සිදුකර තිබේ. මෙය මාර්ග ධාවනයට එක් නොකරන   විනෝද ගමන් සඳහා ධාවනයට යොදාගන්නා බව ඔවුන් පැවැසිය.

DSC 2442 2
DSC 2454 1
DSC 2461 1

බස් රථ වලට අමතරව අනෙකුත් වාහනවලද ස්ටිකර් නිර්මාණය මෙහිදී සිදුකරයි. ඊට කදිම උදාහරණ කිහිපයක් පහත දැක්වෙයි.

143140594 3030349353734802 819681904358899732 n 2
150677073 3074352656001138 2552427214666210681 n 1
151235780 3074351686001235 3938408651999037229 n 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

නිට්ටඹුවේ වොක්ස්වැගන් දොස්තර

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වැඩිවශයෙන් අළෙවි වූ මෝටර් රථයක් ලෙස  වොක්ස්වැගන් සම…