මැයි මස 17 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ ආසන්නම පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නි‍වේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක දත්ත ගොනුවේ පෙර අයිතිකරුවන්ගේ සම්පූර්ණ තොරතුරු දිගටම පවත්වාගෙන යන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

වාහනයක් අලෙවි කිරීමට යෑමේ දී මෙම පෙර අයිතිකරුවන් ලයිස්තුව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පැවතීම විශාල ගැටලුවක් බව දිගින් දිගටම ප්‍රකාශ වීම නිසා මෙම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…