ඔබට වාහනයක් ඇත්නම් එහි ටයරයේ රිම් එකේ පොඩි යකඩ Clip එකක් දැක තිබෙන්න පුළුවන්. මේ කුමක්ද කියා නිකමටවත් සිතුවද. එසේත් නැතිනම් රිම් එක ඇතුළ් පැත්තේ යකඩ කැබලි කිහිපයක් අලවා තිබෙනු දුටුවද? මේ පිළිබඳ බොහෝ දෙනෙකු මේක ගැන දන්නේ නැහැ. ඉතින් මේ ලිපියෙන් ඒ කෑල්ල මොකක්ද යන්න සොයා බලමු.

Wheel weights එහෙමත් නැතිනම් Tire balance, tire unbalance හෝ tire imbalance වැනි විවිධ නම් වලින් හඳුන්වයි. Tire balance එක නැතිනම් වාහනය ධාවනය කරනවිට vibrate එකක් දැනෙනු ඇත. වාහනයක vibrate එකක් ඇතිවන එකම හේතුව Tire balance පමණක්ම නොවෙයි. Tire balance ඇතිවන්න ප්‍රධානම හේතුව වාහනයේ ටයරයි. මේ නිසා මෙය හොඳින් පරීක්ෂා කරගත යුතුය. මෙවැනි දෝෂ හේතුවෙන් ටයරයේ ආයුකාලය ඉතා ඉක්මනින් අඩුවනු ඇත.
Tire balance එක නැතිවී යාමට (imbalance) හේතු
- භාවිත කළ සාමාන්‍ය ටයර භාවිතය
- ධාවනය කරන භූමිය (වලවල්, ගැටි…)
- ධාවනය කරන ආකාරය
යාන්ත්‍රණය
වාහනයේ ටයරයේ හෝ මුළු රෝදයේ ස්කන්ධය බෙදාහැරීමේදී තමයි මෙය ඇති වන්නේ. සාමාන්‍යයෙන් රෝදයක් axle එක වටා භ්‍රමණය වීමට නැත්නම් කරකැවීමට අක්ෂයට ලම්භකව බාහිර ව්‍යාවර්ථයක් (external torque) එකක් යෙදිය යුතු වෙනවා. මෙන්න මේ බාහිර ව්‍යාවර්ථය axle එක මගින් සැපයිය යුතුය. එහි දිශානතිය රෝදයත් සමග අඛණ්ඩව භ්‍රමණය විය යුතුය. මෙහිදී ව්‍යාවර්තය දක්වන ප්‍රතික්‍රියා බලය නිව්ටන්ගේ 3වැනි නියමයට අනුව axle එක මතට අදාල වෙයි. මෙමගින් කම්පනයක් (vibrate) එකක් හටගනියි. වාහන නිෂ්පාදකයන් විසින් මෙන්න මේ කියන vibrate අඩු කිරීමට රෝදවල balance එක සමබර කරනු ලබයි. මෙහිදී සිදුකරන්නේ ප්‍රමිතියෙන් වුත් ස්කන්ධ කොටස් රෝදයේ එල්ලීමයි.
නිෂ්පාදන සමාගම් හා repair shops වලින් මෙම රෝදයේ balance එක ආකාර දෙකකට මනිනු ලබනවා.
- Static balance
- Dynamic balance

මෙය සරලව පහදන්නම්. රෝදයේ කේන්ද්‍රය (wheel center) හරහා එනම් රෝදය මැද සිට රෝදයෙන් දෙපසට රෝදයේ කේන්ද්‍රය හරහා අක්ෂයක් ගමන් කරන්නේ යැයි සිතන්න. එය රෝදයේ මධ්‍ය අක්ෂය යැයි සිතන්න. අනිවාර්යයෙන්ම රෝදයක් කරකැවෙන්නේයම් අක්ෂයක් වටාය. පෘථිවියත් භ්‍රමණය වන්නේ එවැනි අක්ෂයක් හරහා. රෝදය භ්‍රමණය වන අක්ෂය කලින් කියූ කේන්ද්‍රය හරහා යන අක්ෂයේ සිදුවන වෙනස් වන ආකාරය තමයි Static හා Dynamic balance නමින් හඳුන්වනු ලබන්නේ. කේන්ද්‍රය හරහා යන අක්ෂය මත තමයි රෝධයේ ස්කන්ධ කේන්ද්‍රය රඳා පවතින්නේ.

Static balance
බොහෝ දෙනා මෙය හඳුනන්නේ bubble balancing යන නමිනි. Wheel center එක හරහා දිවෙන අක්ෂය රෝදය කැරකැවෙන අක්ෂයට වඩා පහළින් පිහිටි අවස්ථාවක්ද යන්න මෙහිදී සලකා බැලේ. මෙහිදී එම අක්ෂ දෙකම සමගාමී තිරස් රේඛා දෙකක පිහිටයි. එම නිසා මෙවැනි අවස්ථාවලදී එක් weights mount එකක් රෝදයේ පිට පැත්තට සවිකරනු ලබනවා. මෙය Wheel tramp නමින් හඳුන්වයි.

Dynamic balance

Spin balancing යන්නෙන් හඳුන්වන මෙහිදී සිදුවන්නේ කළින් සඳහන් කළ Wheel center එක හරහා දිවෙන අක්ෂය නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය හරහා දිවෙන අක්ෂය, රෝදය කැරකැවෙන අක්ෂය කපා දැමීමයි. මෙහිදී අක්ෂ 2 කතිරයක ආකාරයෙන් පිහිටයි. මෙවැනි අවස්ථාවල එක් weights mount එකක් මගින් අක්ෂය සමතුළිත කළ නොහැක. මේ නිසා weights mount දෙකක් රෝදයේ ඇතුල් පැත්තෙන් යෙදීම සිදුකරයි. මෙම weights mount 2 ස්ථාපිත කරන්නේ කුමන තැනකින්ද යන්න තීරණය කරන්නේ කළින් සඳහන් කළ නිෂ්පාදන සමාගම් හා repair shops මගිනි. මෙය Wheel shimmy නමින් හඳුන්වයි.
මෙම දෙආකාරයේදීම මැන නිවැරදි කළ හැකිය. ඊට හේතුවන වන්නේ රබර්වල තිබෙන නම්‍යශීලීභාවයයි. මෙම balance එක පරීක්ෂා කිරීමට යොදා ගැනෙන්නේ සංවේදක මගිනි.
Weights

මෙහිදී weights යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ රෝදය මත එල්ලන හෝ අලවන කුඩා ස්කන්ධ කොටස්ය. මෙය බහුලව නිර්මාණය කරනුයේ lead වලිනි. එනම් ඊයම් වලිනි. මේ අනුව මෝටර් රථ නිෂ්පාදන සමාගම් විසින් කුඩා ඊයම් කැබලි මිලියන ගණනක් අවුරුද්දට නිපදවනවා. මෙහි සිදුවන අහිතකර පැත්ත නම්, මෙම ඊයම් කැබලි පරිසරයට එකතු වීමයි. අවුරුද්දට එකතුවන ඊයම් කැබලි මිලියන ගාන රාත්තල් 500,000කට වඩා බරකින් යුක්ත වෙනවා. US Environmental Protection Agency පවසන ආකාරයට ලෝකය පුරා සෑම වසරකම ටොන් 20,000කට අධික ඊයම් ප්‍රමාණයක් පරිසරයට එකතු වෙයි. මේ හේතුව නිසා යුරෝපයේ ඊයම් Weights කැබලි 2005දී තහනම් කරන්නට යෙදුණි. ඒ කාලයේදීම ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවලද මෙය තහනම් කළේය. මෙසේ ඇතිවූ තහනමත් සමග විකල්පවලට යෑමට නිෂ්පාදකයන්ට සිදුවිය. ඊයම් සමග සින්ක් හෝ තඹ මිශ්‍ර කිරීම සිදුවිය. පසුව සම්පූර්ණයෙන්ම ඊයම් භාවිතය නැතිවී ගියේය.

අදාල කාර්මික ස්ථානයකට වාහනය ගෙනගිය විට ඔවුන් රෝද ගලවා ඔවුන්ගේ යන්ත්‍රවලට දමා පරීක්ෂා කර බලනු ලබයි. ඒ අනුව රෝදයේ සිදුවන්නේ Static හා Dynamic balance එකක්ද යන්න සොයා බලයි. ඉන්පසු යන්ත්‍රාණුසාරයෙන් රෝදයට සවිකල යුත්තේ කුමන Weights එකක්ද යන්න තීරණය කර රෝදයට සවිකරනු ලබයි.

වාහනවලට පමණක් නොව යතුරුපැදි, පාපැදිවලද මෙම දෝෂය ඇතිවෙනවා. එවැනි අවස්ථාවල රෝදය පරීක්ෂාකර බලන අතර weights එක සවි කරනුයේ බොහෝ විට ස්පෝක්වලටය. ට්‍රැක්ටර්වල Wheel weights එක අනෙක් වාහනවල මෙන් පොඩි එකක් නම් නෙමෙයි. ඇතැම් Wheel weights රිම් එකේ ප්‍රමාණයේ විශ්කම්භය ප්‍රමාණයේ Wheel weights ද දක්නට ලැබෙනවා.
යතුරුපැදිවල Wheel weights ට්‍රැක්ටර්වල Wheel weights
Octane 92 හා Octane 95 පෙට්‍රල් කියන්නේ මොනවද?
මේ දිනවල රටේ මිනිස්සු වැඩියෙන්ම දැවෙන්නේ ‘ඉන්ධන’ අර්බුදයෙන්. ඉන්ධන මිල ඉහළ යාම…