යතුරුපැදියේ එන්ජිමේ ප්‍රධාන අංගයක් තමයි Cylinder head එක. යතුරුපැදියක් භාවිත කරන ඔබ මේ පිළිබඳව දැනුම්වත් වී හෝ සිටිම වැදගත් වෙනවා. මේ Cylinder head එක තුළ ඇති ප්‍රධාන අංගයක් තමයි Valve කියන්නේ. මේ Valve හි දෝෂ නිසා ඉන්ධන දහනය අකර්මණ්‍ය කරන අතර, කාර්යක්ෂමතාවකින් ඉන්ධන දහනය කිරීමට එය බාධාවක් වෙයි.

Cylinder head එකෙහි ප්‍රධාන සිදුරු 2ක් දැකගන්න පුළුවන්. එනම්,
- Inlet Port
Inlet Port එක කාබියුරේටර් එකටත් එයාර් ෆිල්ටර් එකටත් සම්බන්ධ වන අතර පෙට්‍රල් මිශ්‍රවාතය සිලින්ඩරය තුළට ඇද ගැනීම මෙයින් සිදුකරයි. මෙම සිදුර වැසෙනු ලබන්නේ Inlet Valve එකෙනි. සාමාන්‍යයෙන් මෙම Inlet Valve ලොකුයි Exhaust Valve එකට වඩා. මෙම Valve එක විවෘත වන්නේ චූෂණ පහරේදීය.
- Exhaust Port
Exhaust Port එක සයිලන්සරේට සම්බන්ධ වෙනවා. දහනය වූ වායූන් මෙම කොටස හරහා එළියට යෑම සිදුවෙයි. මෙම සිදුර වැසෙනු ලබන්නේ Exhaust Valve එකෙනි. මෙම Valve එක පිටාර පහරෙදී පමණක් ඇරීම සිදුවෙයි. ඒ අනුව මෙම Valve දෙකම සම්පීඩන පහරේදී හා බල පහරේදී වැසී පවතියි.

මෙම වෑල් ප්‍රමාණය වෙනස් විය හැකිය. මේ අනුව Valve එක සම්බන්ධව ඇතිවිය හැකි ප්‍රධාන දෝෂ කිහිපයකි.
Valve Sheet එක ගෙවීම
Cylinder head එක හා Valve එක සම්බන්ධ වන කොටස ගෙවීම සිදුවෙයි. එමගින් සිලින්ඩරය ඇතුලේ ඇති සම්පීඩනය ඒ හරහා පිටවිය හැකිය. මෙහිදී Valve Sheet එක අලුතෙන් ගැසීම සිදුකරනු ලබයි.
Valve Guide එක ගෙවීම
Valve එක බැස ඇති සිදුර එනම් Valve Guide එක ගෙවීම සිදුවිය හැකිය. මෙහිදී සිදුවන්නේ Valve එකේ කඳ කොටස බැස ඇති සිදුරේ ප්‍රමාණය ලොකු වීමයි. එවිය ඔයිල් පිච්චීම සිදුවෙයි. එවිය සුදු දුමක් ලෙස සයිලන්සරයෙන් පිටවිය හැකිය. මෙලෙස Valve දෙකේම Valve Guide එක ගෙවීම සිදුවිය හැකිය. මෙහිදී Valve Guide එක අලුතෙන් ගැසීම සිදුකරනු ලබයි.
Valve Seal ගෙවීම
මෙම Valve දෙකෙහිම Valve Guide එකට සම්බන්ධ වී ඇති කොටසක් තමයි රබර් එක. නැතිනම් Valve Seal එක. මෙය ගෙවී ගිය පසුද තෙල් පිච්චීම සිදුවිය හැකිය.

මෙම ප්‍රධාන දෝෂ කිහිපය නිරාකරනය කිරීමෙන් අනතුරුව හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලඟා කරගත හැකිය. එමගින් වැඩි වියදම් ගෙනදෙන රෙපයාර්වලින්ද එන්ජිම ආරක්ෂා කර දෙයි.
සුළු කොට නොතැකිය යුතු Wheel Alignment
වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහන…