යතුරුපැදියක් කියන්නේ එදිනෙදා ගමන් බිමන් යන්න බහුලව භාවිත කරන වාහනයක්. ඉතින් මේ යතුරුපැදියේ බැටරිය ගැනත් අවධානයක් යොමු කළ යුතුය. ඔබේ යතුරුපැදිය Brand-new එකක් හෝ Secondhand එකක් විය හැක. නැත්නම් ඔබ යතුරුපැදිවලට ආධුනිකයෙක් හෝ ප්‍රවීණයෙක් විය හැක. ඒ කෙසේ වෙතත් සෑම අවස්ථාවකටම ගැලපෙන සේ බැටරියක් මිලදීගැනීමට පෙර ඔබට අවශ්‍ය කුමන ආකාරයේ බැටරියක්දැයි නිවැරදි තේරීමක් අවශ්‍ය වෙයි. මෙහි දැක්වෙන්නේ එවැනි බැටරියක් තේරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 7ක් ගැනයි. (බැටරිය මිලදී ගැනීමේදී බැලය යුතු කරුණු ඉදිරියේදී සාකච්ඡා කරමු.)

1 පෙර මාදිලියමදැයි බලන්න
ඔබේ යතුරුපැදිය අලුතෙන් මිලදීගත්තේ නම් වර්තමානයේ පවතින බැටරියට සමාන බැටරියක් තෝරා ගන්න. Second hand එකක් නම් යතුරුපැදියේ handbook එක පරීක්ෂා කර බලා ගැලපෙන බැටරිය කුමක්දැයි තීරණය කරන්න.
2 අවබෝධයක් ලබාගන්න
ඔබ බැටරියක් ගැනීමට තීරණය කළ පසු එම බැටරිය පිළිබඳ අන්තර් ජාලයෙන් හෝ දන්නා කෙනෙකුගෙන් අසා තහවුරු කරගන්න. ඔබේ යතුරුපැදිය සමග එය ගැලපේද, බැටරියේ මිලගණන්, වගකීම් කාලය, ආයු කාලය වැනි කරුණු පිළිබඳ අවබෝධයක් ලබාගන්න.
3 වගකීම් කාලය
බැටරියක් මිලදී ගැනීමේදී වගකීම් කාලය අත්‍යඅවශ්‍යම කරුණක් අවධානය යොමු කරන්න. වගකීම් කාලය තුළ හෝ ඉන් ඔබ්බට බැටරියේ දෝෂයක් ඇතිවූ විට ඔවුන්ගේ දායකත්වය කෙසේද යන්න හොඳ අවධානයක් ලබා ගන්න. ඒ වගේම වගකීම් කාලය හිමිවන්නේ කුමන දෝෂ සඳහාදත්, වගකීම් කාලය තුළ එය නොලැබී යන්නේ කුමන දෝෂ සඳහාදත් එම ආයතනයෙන් සැකහැර දැන ගන්න. අනිවාර්යයෙන්ම Warranty Card එක පරීක්ෂා කර ගන්න.
4 නඩත්තුව
බැටරියක් විවිධ තත්ත්ව හේතුවෙන් දෝෂ ඇතිවිය හැකිය. මේ නිසා සෑම අවස්ථාවකම නඩත්තු කිරීමට සිදුවන බැටරියක් නම් එය ඔබටත් ඔබේ මුදල් පසුම්බියටත් එතරම් සතුටු දායක කරුණක් නොවනු ඇත. මේ නිසා බැටරිය පිළිබඳ එය භාවිත කළ අය කිහිප දෙනෙකුගෙන් අසා දැන ගැනීම වටිනවා. හැබැයි ඩීලර්ස්ලගෙන් මේ ගැන අහන්න යන්න එපා.
5 දේශගුණය
සාමාන්‍යයෙන් මීට අවධානය යොමු වන්නේ නැහැ. ඔබ උෂ්ණාධික කලාපයක සිටින්නේ නම්, නැත්නම් යතුරුපැදිය වැඩිපුර ධාවනය වන්නේ උෂ්ණාධික ප්‍රදේශවල නම් ඔබ තෝරා ගත යුත්තේ වැඩි ආයු කාලයක් තිබෙන බැටරියකි.
6 බැටරි චාජරය
ඔබ ළඟ බැටරි චාජරයක් තිබෙන්නේ නම් අලුතෙන් මිලදී ගන්නා බැටරිය එම චාජරයෙන් ආරෝපණය කළ හැකිද? ඊට ගැලපේද යන්න පරීක්ෂා කරගත යුතුය. ඒ අනුව අනෙක් සියලු සාධක තෘප්ත කර ඔබේ චාජරයටත් Support කරන බැටරියක් නම් එය බෙහෙවින් යෝග්‍ය වනු ඇත.
7 Auto parts store වලින් මිලදී ගන්න
ශ්‍රී ලංකාව වගේ රටකට මෙය වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. බැටරි කඩවලින් තමයි බොහෝ දෙනෙකු බැටරි මිලදී ගන්නේ. නමුත් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ බැටරි මිලදී ගැනීමේදී නොමිලේ සවිකර දෙන ස්ථානයකින් මිලදී ගන්නා ලෙසයි. නමුත් ඔබ නිවැරදිව සවිකිරීමට සමත් නම් මෙම කරුණ අදාල වන්නේ නැහැ. කෙසේ නමුත් බැටරියට අලෙවියෙන් පසු සේවා සපයා දෙන්නේ නම් ඔබේ නිවසට ළඟ තැනකින් මිලදී ගැනීම වටිනවා.
වැසි දිනක යතුරුපැදි පදවන ඔබට සැලකිය යුතු කරුණු 7ක්
වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වා…