යතුරුපැදියකත් බැටරිය කියන්නේ ප්‍රධාන අංගයක්. ඒ නිසා මීට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. බොහෝ දෙනා බැටරිවර්ග හඳුනන්නේ වෙළෙඳ නාමය නැත්නම් Brand name එකෙන්. නමුත් බැටරිය පිළිබඳ ඔවුන්ට තිබෙන්නේ අල්ප දැනුමකි. දන්නා අයත් සිටිනවා. ඒ නිසා අපි අද කතාකරමු යතුරුපැදි බැටරි වර්ග ගැන.

යතුරුපැදි බැටරි ගැන කතාකරනවිට ප්‍රධාන වර්ග 3කට බෙදන්න පුළුවන්.

  • Wet cell batteries
  • AGM batteries
  • Gel cell batteries

Wet Cell Batteries

Wet Cell Batteries 1

මෙම බැටරි මාදිලි conventional හෝ lead acid or flooded cell batteries ලෙසද හඳුන්වයි. යතුරුපැදිවල බහුලව භාවිතවන බැටරි විශේෂයත් මෙයයි. මෙය වියළී ගියපසු නැවත distilled water පිරවීම මගින් ආරෝපණය කළ හැකිය. Seal කර නොමැති නිදා  විවිධ හේතු මත බැටරි අම්ලය පිටතට ගලා ඒමේ හැකියාවක් පවතියි. මේ නිසා ඉතා හොඳ නඩත්තුවක් මෙම Wet Cell Batteries වලට අවශ්‍ය වෙනවා. මෙවැනි බැටරියක් භාවිත කිරීමේදී නිතර electrolyte level එක පරික්ෂා කළ යුතුය.

AGM batteries

AGM batteries 2

නිෂ්පාදකයන් AGM batteries නිෂ්පාදනය කරනුයේ ප්‍රධාන අරමුණු දෙකක් සඵල කරන්නයි. amps  වල powerful bursts එකක් ඇති කරන්න හා දිගුකාලීනව ධාවනය කළ හැකි බැටරියක් නිපදවීමයි. යතුරුපැදි සඳහා පමණක් නොව විද්‍යුත් උපාංග සඳහා මෙය භාවිත කළ හැකි වූ අතර මෙහි ජනප්‍රිය භාවය ක්‍රමයෙන් වැඩිවිය.  ඒ නිසා මෙය අද වනවිට යුධ වාහනවල, ගුවන්යානා, සබ්මැරීන් සඳහා යොදාගනු ලබයි.   Absorbed Glass Mat (AGM) Batteries නමින් හඳුන්වන මෙහි භාවිත වන්නේ lead-acidය. මෙහිදී electrolyte එක Fiberglass mat එකක තමයි ගබඩා වෙන්නේ. සාමාන්‍යයෙන් සඳහන් කරන පරිදි AGM batteries වලින් එන්ජිම 60,000කට අධික ප්‍රමාණයක් පණ ගැන්විය හැකිය. එනම් එය conventional battery මෙන් තුන්ගුණයකි.

Gel Cell Batteries

gel cell batteries 1

AGM batteries මෙන් මෙහිදීද භාවිත වන්නේ lead-acidය. 1934 දී තමයි මුල් වරට  Elektrotechnische Fabrik Sonneberg  විසින් මෙය සොයා ගත්තේ.  නමුත් වර්තමානයේ භාවිත වන Gel හෝ VRLA battery සොයාගනු ලැබුවේ 1957 දී Otto Jache විසිනි. මෙහිදී සිලිකා එකතු කිරීම හේතුවෙන් ජෙලටීනමය තත්ත්වයක් ගොඩනගා තිබේ. එම නිසා තරලය කාන්දු නොවන සේ නිපදවා තිබේ.

ආරක්ෂාව

ඉහත කතාකල බැටරි මාදිලි 3ම භාවිත කරනුයේ lead-acidය. ඒ එකිනෙකට වෙනස් තත්ත්වයන් සමගය. ඒ අනුව යම් කිසි අනතුරකදී හෝ පාරිසරික තත්ත්ව මත බැටරි අම්ලය පිටතට නොඑන බැටරියක් යතුරුපැදි සඳහා යෝග්‍ය වනු ඇත. මෙහිදී AGM හා Gel බැටරි එම ගුණාංග මනා ලෙස ආරක්ෂා කරනු ඇත.

බර හා ප්‍රමාණය

මෙම බැටරි මාදිලි පෙනුමෙන් හා ප්‍රමාණයෙන් සමාන වුවදථ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි බර වෙනස් වෙයි. ඒ අනුව බර වැඩිවීම පිළිවෙලින් conventional wet cell batteries, Gel Cell Batteries හා AGM batteriesවල දක්නට ලැබේ.

මිල

මිල අතර මෙම බැටරිවර්ග 3 සංසන්ධනය කිරීමේදී Gel Cell Batteries වැඩි මිලකින් යුක්ත වන අතර, ඊට අඩුවෙන් Wet Cell Batteriesද ඊටත් අඩුවෙන් AGM batteries ද මිලදී ගත හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Octane 92 හා Octane 95 පෙට්‍රල් කියන්නේ මොනවද?

මේ දිනවල රටේ මිනිස්සු වැඩියෙන්ම දැවෙන්නේ ‘ඉන්ධන’ අර්බුදයෙන්. ඉන්ධන මිල ඉහළ යාම…