බස් රථවලට ආදරේ කරන බොහෝ දෙනෙක් අපිට නිතරම හමුවෙනවා. ඇතැමුන්ට ආදරේටත් එහා ගිය ආධ්‍යාත්මික බැදීමක් මේ බස් එක්ක තියෙනවා කිව්වොත් හරි. ඔවුන් නිසා තමයි ලංකාවේ බස් කර්මාන්තය ලස්සන වෙන්නේ. එවන් තරුණයෙක් ගැන පසුගිය දා අපි testrunහරහා ගෙන ආවා. බස් රථ සිය ජීවිතය කරගත් තවත් කෙනෙක් අපට හමුවුණා. ඔහු තණමල්විල කොල්ලෙක්. මේ බස් රථය ගැන කතා කරන්න විශේෂ කරුණු කිහිපයක් මූලික වුණා. අපි බලමු ඔහුගෙන්ම අහලා මේ බස් අනුරුව මොකක්ද කියලා.

  • නම: කේ. ලහිරු මධූෂ දිල්ශාන්
  • ගම: තණමල්විල, කුඩාඔය

ඔබ ගැන කතා කළොත්?

මම ලහිරු දිල්ශාන්, ඉන්නේ තණමල්විල. රැකියාව ලෙස කරන්නේ බස් රථ ධාවනයයි.

ඇයි මෙහෙම අනුරුවක් නිර්මාණය කරන්න හිතුවේ?

කලින් මේ වගේ නිර්මාණ කරලා නැහැ. හැබැයි බස්වලට තියෙන කැමැත්ත නිසා තමයි මේ වගේ බස් අනුරුවක් නිර්මාණය කරන්න හිතුවේ.

Bus Dummy Thanamalvila 25
Bus Dummy Thanamalvila 20

මොකක්ද මේ බස් අනුරුව?

ලංකාවේ බොහෝ දෙනෙකු දන්න කියන බස් එකක් තමයි දුඹුරු ළමිස්සී කියන්නේ. මේ තියෙන්නේ ඒ බස් එක වගේ අනුරුවක්. මේ අනුරුව තමයි ලංකාවේ මුල්ම වරට full Lumines stickerඑකක් ගහලා බස් අනුරුවක් නිර්මාණය කළේ. ඒ වගේ බස් අනුරුවක් මුල්ම වරට ලං‍කාවේ සිදුකරන්න වුණ එක ගැන මම සතුටු‍ වෙනවා.

මේ බස් අනුරුවේ තියෙන විශේෂත්වය මොකක්ද?

ශ්‍රී ලංකාවේ හොඳටම මොඩිෆයි කරපු බස් අනුරුව මේක කිව්වොත් මම හරි කියලා හිතනවා.  මේ බස් එක ඇතුළේ seat lights system, outdoor sound system වැනි මොඩිෆයි කරපු බස් එකක තියෙන සේරම අංග මේ බස් අනුරුව ඇතුළෙත් තියෙනවා.

කොච්චර කාලයක් ගියාද මේ අනුව හදන්න?

සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරන්න මාස 10ක් වගේ කාලයක් ගියා.

Bus Dummy Thanamalvila 11

උදවු කළ අය මතක් කළොත්?

අම්මයි, තාත්තයි සල්ලිවලින් උදවු කළා. තව මගේ යාලුවොත් උදව් කලා. එතකොට මේකේ ස්ටිකර් හදන්න උදවු කළා නාලක අයියා.

ඉදිරියේදී මොනවද බලාපොරොත්තු?

මේ වගේ බස් එකක් ගන්න එක තමයි මගේ බලාපොරොත්තුව‍. තව මේ වගේ බස් අනුරුත් ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙනවා.

Bus Dummy Thanamalvila 4
Bus Dummy Thanamalvila 15
Bus Dummy Thanamalvila 21
Bus Dummy Thanamalvila 12
Bus Dummy Thanamalvila 2
Bus Dummy Thanamalvila 8
Bus Dummy Thanamalvila 16
Bus Dummy Thanamalvila 17
Bus Dummy Thanamalvila 19
Bus Dummy Thanamalvila 18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’

ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …