මෝටර් රථ ක්ෂේත්‍රය අභ්‍යන්තර දහන එන්ජිම්වලින් දුරස් වෙමින් සිටියි. Zero emission මෙන්ම autonomous නැත්නම් ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සෑම නිෂ්පාදන සමාගමක් විසින්ම නිර්මාණය කිරීමට පෙළඹී සිටියි. මෙවන් වකවානුවක ඉහත කරුණු 2ම තෘප්ත කරන නැවක් නිර්මාණය කර තිබේ. අපි මේ කියන්නේ zero emission, autonomous නෞකාව ගැනයි.

Yara Birkeland

Main 9

ලෝකයේ මුල්ම වරට සම්පූර්ණයෙන්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන මෙය Cargo Ship එකකි. ජනප්‍රිය විද්‍යාඥයෙකු හා නව නිපැයුම් කරුවෙකු වූ Kristian Birkeland විසින් Yara International සමාගම ස්ථාපිත කර තිබේ. Yara Birkeland නමින් හඳුන්වන මෙය Marin Teknikk ගේ නිර්මාණයකි. මීට අවශ්‍ය නාවික යටිතලපහසුකම් සපයන්නේ Kongsberg Maritime සමාගම විසිනි.

  • Length o.a.: 79,5 m
  • Length p.p.: 72,4 m
  • Width mld.: 14,8 m
  • Depth shelter deck: 10,8 m
  • Draught (full): 6 m
  • Draught (ballast): 3 m
  • Service speed: 6 knots
  • Max speed: 13 knots (15mph)

Yara Birkeland හි අරමුණ වන්නේ අවුරුද්දකට Truck රථ 40,000ක් මගින් ප්‍රවාහනය කරන කන්ටේනර් ප්‍රවාහනය නවතාලීමයි. එම Truck රථවලින් නිකුත් කරන වායූන් එවිට සම්පූර්ණයෙන්ම අඩු කරගත හැකිවනු ඇත. ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන්නේ 2017 තුන්වැනි කාර්තුව අවසාන භාගයේදීය. අද වනවිට යථාර්තයක් බවට පත්වී තිබේ.

CAPACITY

  • Cargo capacity: 120 TEU
  • Deadweight: 3 200 mt

PROPULSION

  • Propulsion system: Electric
  • Propellers: 2 Azimuth pods
  • Thrusters: 2 Tunnel thruster
  • Battery pack: 7 – 9 MWh

120 TEU යන සන්නාමයෙන්ද හඳුන්වන මෙම නෞකාව නිෂ්පාදනය සඳහා ඇ.ඩො. මිලියන 25ක මුදලක් වැයවී තිබේ. Batteries 7.0–9.0MWh බැටරිවලින් සන්නද්ධ මෙම නෞකාව නොර්වේ හි Herøya හා Brevik අතර සේවයේ යෙදවීමට බලාපොරොත්තු වෙයි.

YARA BIRKELAND 2

PROXIMITY SENSORS

  • Radar
  • Lidar
  • AIS
  • Camera
  • IR camera

CONNECTIVITY & COMMUNICATION

  • Maritime Broadband Radio
  • Satellite Communications
  • GSM

මෙම නෝර්වේජියානු නෞකාව ලබන වසරේදී මෙහෙයුම් සඳහා යෙදවීමට බලාපොරොත්තුවන අතර, නියමුවන් රහිතව ධාවනය කිරීමට හැකි වීම වෙනස්ම අත්දැකීමක් ගෙනදෙනු ඇත.

11n
csm Yara Birkeland 32ab3c9c21
navigation systems and undergo testing before delivery to Yara Birkeland
WhatsApp Image 2021 01 28 at 9.44.46 PM 1024x668 3
YaraBirkeland 2 FotoViviSC3A6vik 2
YaraBirkeland03 768x576 1 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

කකුළු ගමනක් සහිත Hyundai e-Corner System

Hyundai මෝටර් රථ සමාගම විසින් පසුගිය දා විශේෂ තාක්ෂණයකින් යුත් රථයක Testrun එකක් සිදුකළා. …