ලෝකයේ හොඳම මෝටර් රථ ධාවන ක්‍රීඩාව බවට සිය ආධිපත්‍ය පතුරවමින් Forza සමාගමේ නවතම ක්‍රීඩා forza Horizon 5 සංස්කරණය Premium customers සඳහා පසුගිය නොවැම්බර් 5 වැනිදා නිකුත් කරනු ලැබුවා. ලෝකය පුරා නිලවශයෙන් මෙය එළි දැක්වූයේ නොවැම්බර් 9වැනිදාය. නමුත් 9 වැනිදා එළිදැක්වීමට පෙර ක්‍රීඩා ලෝලීන් 800,000කට අධික පිරිසක් Premium Edition ක්‍රීඩා කර ඇති බවද වාර්තා වෙයි.

ලෝකයේ අතිසුඛෝපභෝගී මෙන්ම දුර්ලභ මෝටර් රථ ධාවනය කිරීමට හැකියාව මෙමගින් උදා කර දී තිබෙන අතර එම Car List එකද ඔවුන් නිකුත්කරනු ලැබුවා. උදාහරණ ලෙස, 2020 Ford Super Duty F-450 DRW, 1991 Jaguar Sport XJR-15, all-electric 2020 Porsche Taycan Turbo S…
Playground Games සමාගම විසින් සංවර්ධනය කළ Forza Horizon 5, බෙදාහරිනු ලබන්නේ Xbox Game Studios මගිනි. මෙක්සිකෝව ආශ්‍රිතව පාදක කරගනිමින් නිර්මාණය වූ මෙය මයික් බ්‍රවුන්ගේ අධ්‍යක්ෂනයකි. Forza Horizon 4 සංස්කරණයට වඩා විශේෂාංග රැසකින් සමන්විත වෙයි. ඒ වගේම වෙනස් පරිසර පද්ධති මෙන්ම වියලි කාලගුණ, දූවිලි කුණාටු අතරින් ක්‍රීඩා කිරීමට හැකි වීමත් ක්‍රීඩාවේ වූ ඒකාකාරි බව බිඳ දැමීමට ක්‍රීඩා නිර්මාණශිල්පීන් සමත් වී තිබේ.

Forza Horizon 5 සහාය දක්වන Platforms:
- Xbox Series X|S: 103 GB
- Xbox One: 116 GB
- Windows: 103 GB
- Steam*: 103 GB
නොවැම්බර් 1 වැනිදා සිට Steam හරහා ලබා ගැනීමට හැකියාව ලැබුණි. ඒ වගේම Standard Edition, Deluxe Edition or Premium Edition සඳහා pre-ordering හරහා ලබාගත හැකිය. ඇතැම් විශේෂාංග රටවල් අනුව වෙනස් වන නිසා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.forzamotorsport.net මගින් ලබාගත හැකිය.

Forza Horizon 5 minimum PC requirements
- Processor: AMD Ryzen 3 1200/ Intel Core i5-4460
- GPU: AMD Radeon RX470/ Nvidia GTX 970
- RAM: 8GB
- VRAM: 4GB
Forza Horizon 5 recommended PC requirements
- Processor: AMD Ryzen 1500X/ Intel Core i5-8400
- GPU: AMD Radeon RX 590/ Nvidia GTX 1070
- RAM: 16GB
- VRAM: 8GB
Forza Horizon 5 ideal PC requirements
- Processor: AMD Ryzen 7 3800XT/ Intel Core 17- 10700K
- GPU: AMD Radeon RX6800XT/ Nvidia RTX 3080
- RAM: 16GB
- VRAM: 16GB (AMD)/ 10GB (Intel)
ඒ වගේම 2019 නොවැම්බර් Update එක සහිත Windows 10 ධාවනය විය යුතු අතර, පරිගණකයේ 110GB of free onboard storage එකක් තිබිය යුතුය.

Xbox සඳහා
- Standard Edition – ඇ.ඩො. 59.99+*
- Deluxe Edition – ඇ.ඩො. 79.99+*
- Premium Edition – ඇ.ඩො. 99.99+*
Standard Edition එකේදී ගේම් එක පමණක් මිලදී ගත හැකි අතර, Deluxe Edition එකේදී Forza Horizon 5 Car Pass, Add-ons ද අන්තර්ගත වෙයි. Premium Edition එකේදී Forza Horizon 5 Expansion One, Forza Horizon 5 Expansion Two, Forza Horizon 5 Car Pass, Forza Horizon 5 Welcome Pack, Forza Horizon 5 VIP Membershipද අඩංගු වෙයි. ඔබට අවශ්‍ය වෙනත් Treasure Map (ඇ.ඩො.2.99), Expansions Bundle (ඇ.ඩො.34.99) හා Welcome Pack (ඇ.ඩො. 4.99) වැනි Add-ons වර්ග www.xbox.com හරහා මිලදී ගත හැකිය.





ඔබත් මේ වීඩියෝ ක්‍රීඩාව සෙල්ලම් කරානම් ඔබේ අත්දැකීමත් Comment කරන්න…
ඩොම්නික්ගේ කණ්ඩායමට අලුත් හතුරෙක්: Fast X
සිනමා ලෝලීන් පුලපුලා බලා සිටි අලුත්ම සුපිරි ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනක…