වාහනයේ භාවිත කරන Oil වර්ග 100%ක්ම පිරිසුදු යැයි සහතික විය නොහැක. මක්නිසාද යත් මයික්‍රෝන ප්‍රමාණයේ කුඩා දූෂක ද්‍රව්‍ය ඊට එකතු වී තිබිය හැකිය. එන්ජිමේ ක්‍රියාකාරීත්වය මගින්ද Oilවලට එම දූෂක ද්‍රව්‍ය එක් විය හැකිය. මේ නිසා Engine oil, Transmission oil, Lubricating oil හෝ Hydraulic oilවල ඇති එවැනි දූෂක ද්‍රව්‍ය ඉවත් කර මනා කාර්යක්ෂමතාවක් ලබාදීමට එය ෆිල්ටර් කල යුතු වෙනවා. මේ කාර්යය සිදුකිරීමට තමයි ‘ඔයිල් ෆිල්ටර්’ (Oil Filter) භාවිත කරන්නේ.

ඉතිහාසය
මුල්කාලයේ වාහනවල එන්ජින් හි ඔයිල් ෆිල්ටර් එකක් දැකගන්නට ලැබුණේ නැහැ. ඒ සඳහා භාවිත වූයේ දැල් පෙරණයකි. නමුත් භාවිත කරන තෙල් අනුව එය වෙනස් කරන්නට සිදුවිය. මේ අනුව ඔයිල් ෆිල්ටර් එකක අවශ්‍යතාව ඉංජිනේරුවන්ට ඇතිවිය. 1923දී ඇමෙරිකානු ජාතික Ernest Sweetland හා George H. Greenhalgh මේ කාර්යයට අත ගසනවා. ඒ අනුව “Pure Oil Later” යන වදනය කෙටි කරමින් Purolator නම්ලද ඔයිල් ෆිල්ටර් එක මුල්වරට නිපදවනවා. කපුවලින් සමන්විත මෙම ෆිල්ටර් එක 1937 වනවිට replace කිරීමේ හැකියාවෙන්ද යුක්ත විය. එයින් වසර 9කට පසු ‘කඩදාසි ස්ථරවලින්’ (Pleated Paper) සමන්විත ඔයිල් ෆිල්ටර් එකක් බවට සංවර්ධනය කරනවා. මෙම තාක්ෂණය අදටත් භාවිත කරනවා. ඉන් පසු 1943 දී 100%ක් ඔයිල් පෙරිය හැකි Full flow ෆිල්ටර්, 1948 දී Block Mounted ෆිල්ටර්, 1955 දී Spin-On ෆිල්ටර්, 1996දී PureONE දක්වා ඔයිල් ෆිල්ටර් සංවර්ධනය විය. කෙසේ හෝ අද දක්වා මේ සමාගම විවිධ මාදිලිවල, විවිධ මෝටර් රථ සඳහා ඔයිල් ෆිල්ටර් නිපදවනු ලබයි.
මාධ්‍ය (media) අනුව Oil Filter වර්ග
Cellulose filter media
දිරාපත්වන අමුද්‍රව්‍යවලින් නිර්මිත මෙම ෆිල්ටර්ස් මයික්‍රෝන 8-10 දක්වා කුඩා විශ්කම්භයක් ඇති අංශූන් රඳවා ගැනීමට හැකියාව ඇති අතර, තෙල්වලින් 40%ක් පිරිසුදු කළ හැකිය. සැතපුම් 3000න් පසු මෙය මාරු කළ යුතුය.
Synthetic filter media
ඉහළ ශ්‍රේණියේ ෆිල්ටර් එකකි. මයික්‍රෝන 20-40 දක්වා අපද්‍රව්‍ය වලින් 50%ක්ද, මයික්‍රෝන 8-20 දක්වා අපද්‍රව්‍යවලින් 24%ක්ද පිරිසුදු කිරීමේ හැකියාව පවතියි. සාමාන්‍යයෙන් සැතපුම් 5000-7000ක දුරකින් පසු Synthetic filter මාරුකල යුතුය.

Microglass filter media
මෙහිදී highly delicate metal ස්ථරයක් හෝ Microglass යොදා ගනිමින් ගුණාත්මකභාවයෙන් ඉහළ ෆිල්ටර් එකක් නිපදවනු ලබයි. මෙම Microglass මාධ්‍ය, සෙලියුලෝස් ෆිල්ටර් මාධ්‍යයට වඩා දශගුණයකින් සැහැල්ලු තන්තුවලින් සමන්විත වෙයි. මෙය මාරුකළ යුත්තේ වසර 2-5ත් අතර කාලයකිනි.
Oil Filter වර්ග
Full-flow filters/ Primary oil filters
බහුතරයක් භාවිත කරනුයේ මෙම ෆිල්ටර් එකයි. Full flow filters නමින්ද මෙය හඳුන්වයි. ඔයිල්වල ඇති රොඩු හා අපද්‍රව්‍ය 100%ක් ඉවත් කරනු ලබයි. අනෙකුත් ෆිල්ටර්වලින් වාහනයේ ඔයිල්වලින් කොටසක් පිරිසුදු කරන අතර මෙමගින් සම්පූර්ණයෙන් පිරිසුදු කිරීම විශේෂත්වයකි. සීතල උෂ්ණත්වයකදී බහුලව වැදගත් වෙයි.
Secondary oil filters

මෙම තෙල් පෙරහන Primary oil filtersවලට අමතරව ඔබේ කාරයේ පද්ධතියට අතිරේකව ඇතුළත් කරනු ලබයි. නමුත් මෙම Primary හා Secondary oil filters ක්‍රියා කරනුයේ වෙනවෙනමය. මේ නිසා ඔයිල් මාරු කිරීමේදී අමතර ෆිල්ටර්ස් මාරු කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. 10%ක් වැනි ප්‍රතිශතයක් තමයි අපද්‍රව්‍ය ඉවත් කරනුයේ. වාහනයක් මිලදී ගැනීමේදී Secondary oil filters එකක් නැතිනම් වෙනවම සවිකර ගත හැකිය. එසේ සවිකරගත් පසු එය හඳුන්වන්නේ bypass filters නමිනි.
Conventional oil filters
මේවාද තවත් Secondary oil filters වර්ගයකි. Cellulose filters media වලින් සමන්විත මෙය විටින් විට මාරුකළ යුතු වෙයි.
Cartridge oil filters
Full-flow oil filters වල මාදිලියකි. භාවිතයට පහසු මෙය තෙල් ඉවත් කිරීමකින් තොරව පරීක්ෂා කර බැලිය හැකිය. කිසිඳු ලෝහ කොටසක් අඩංගු නොමැති අතර පරිසර හිතකාමී උපාංගයකි.
Spin-on filter

cartridge filter මෙන් Full-flow oil filters වල මාදිලියකි. වානේ හා කඩදාසිවලින් නිර්මාණය කර ඇත.
Thermal chamber oil filters
Thermal chamber ෆිල්ටර්ස් functions දෙකකින් සමන්විතයි. ෆිල්ටර් එකක්ම පමණක් නොව, මෙය ඔයිල්වල උෂ්ණත්වයද වැඩි කරයි. එවිට ඔයිල්වල ඇති අපද්‍රව්‍ය දහනය කර ඉවත් කිරීමටද හැකියාව ලැබෙයි. මේ පෙරහන සඳහා විද්‍යුත් බලය අවශ්‍ය වීම නිසා එය මෙවැනි පෙරහන්වල ඇති අඩු පාඩුවක් ලෙස සැලකෙයි.
Spinner filters

Centrifugal oil filter නිමින්ද හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ අධික වේගයෙන් කරකැවීමයි. එමගින් තෙල්වල වූ අපද්‍රව්‍ය අංශු පෙරහන පතුලට තල්ලුවී තැම්පත් වෙයි. මෙහි පෙරහන් පටලයකින් හා කුටීරවලින් සමන්විත අතර අපද්‍රව්‍ය වලින් පටලය වැසී ගියහොත් මාරු කළ යුතුය. සාමාන්‍යයෙන් සැතපුම් 3000ක් ධාවනය කළ විට පරීක්ෂා කරගත යුතුය.
Magnetic oil filters

නමින්ම මෙහි ක්‍රියාවලිය ඇඟවෙනු ඇත. චුම්භක බලයෙන් ඔයිල්වල ඇති කුඩා අංශු හා අපද්‍රව්‍ය ඉවත් කරනු ලබයි. නමුත් මෙහිදී දූවිලි ආකර්ෂණය කරගත නොහැකි බැවින් එය ඉවත් කරගත නොහැක.
Oil Filter එකක කොටස්
සාමාන්‍යයෙන් ඔයිල් ෆිල්ටර් වර්ග අනුව අභ්‍යන්තර සැකැස්ම වෙනස් විය හැකිය. පොදුවේ ඔයිල් ෆිල්ටර්වල දක්නට ලැබෙන කොටස් කිහිපයක් පහත දැක්වෙයි.

- Tapping Plate
තෙල් ඇතුළුවී පෙරහනෙන් පිටවන කොටස මෙයයි. මෙහි ඇති කුඩා සිදුරුවලින් ගමන් කර, පෙරහන් පටලයටත්, මැද පිහිටි සිදුරටත් පසුව එන්ජිමටත් තෙල් ගමන් කරනු ලබයි.

- Filter Material
තෙල්වල ඇති අපද්‍රව්‍ය කොටස් හා අංශු කොටස් රඳවාගන්නා ස්ථානයයි. මෙහි ඇති රැළි ස්වභාවය හේතුවෙන් දූවිලි ඇතුළු අපද්‍රව්‍ය හොඳින් පෙරීම සිදුවෙයි.
- Anti-Drain Back Valve
වාහනය නවතා ඇතිවිට, මෙම කොටස මගින් එන්ජිමේ සිට පෙරහන තුළට නැවත තෙල් ගලා ඒම වැලැක්වීමේ කපාටයක් ලෙස ක්‍රියා කරයි.
- Relief Valve
මෙම කොටසින් පෙරීම සිදු නොකල තෙල් ස්වල්පයක් මුදා හරිනු ලබයි. එවිට එන්ජිමේ තෙල් ධාරිතාව ඉහළ යන අතර මනා කාර්යක්ෂමතාවකින් ක්‍රියා කරයි.
- End Discs
ෆිල්ටරයේ කෙලවර දක්නට ලැබෙන මෙයින් පෙරනය මගින් පෙරනය නොකල තෙල් එන්ජිමට ගලා ඒම වලකයි.මෙය ලෝහ හෝ ෆයිබර්වලින් නිර්මාණය කරනු ලබයි.

ඔයිල් ෆිල්ටර් සවිකිරීම වෙනවම කොටසකින් කතා කරමු. මෙහිදී ඔයිල් ෆිල්ටර් කියන්නේ මොනවද, ඇතුලේ සැකැස්ම, වර්ග පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිය. ඔයිල් ෆිල්ටර් එකක් කියන්නේ වකුගඩු දෙක හා සමාන උපකරනයක්. මේ නිසා මෙය මනා ලෙස නඩත්තු කිරීමක් කල යුතු අතර, එසේ නැතිනම් අතින් වැඩියෙන් මුදල් යෙදවෙන රෙපයාර්වලට උල්පත විය හැකිය.
පෙට්‍රල් හා වාතය මිශ්‍රකර දෙන Carburetor
යතුරුපැදියක්, වාහනයක් නැත්නම් කුඩා මැෂින් අලුත්වැඩියා කරන්නෙක් නම්ඔබ අනිවාර්යයෙන්ම Carbure…