වාහනවලට කැමති අය පිළිබඳ විවිධ පුවත් අසන්නට ලැබේ. උදාහරණයක් ලෙස පෞද්ගලික වාහන එකතූන් පවත්වාගෙන යන පිරිස් මෙනි. ‍අපි මේ කියන්න යන්නේ තවත් එක් වාහන ලෝලියෙකු ගැනය. බොහෝ දෙනෙකු මොහු ගැන නොදන්නවා විය හැක. අපි මොහුට ඉඩක් වෙන් කළේ මොහු වාහන ලෝලියෙකු වූ පමණක්ම නොවන නිසාය. තවත් විශේෂතා රැසක් මොහු සතුව තිබේ. 

Rodger Dudding 9

1937 දෙසැම්බර් 21 වැනිදා ‘රොජර් ඉයෑන් ඩඩින්’ එංගලන්තයේදී උපත ලැබීය. කුඩාකල සිටම ව්‍යවසායක නිර්මාණ සිදුකළ මොහු බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවට බැඳුණේය. 1954 සිට 1959 දක්වා නාවුක හමුදාවේ සිට පැමිණ මොහු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පුරුදු පුහුණු විය. පසුව ඇතිවූ තුවාලයක් හේතුවෙන් එම ස්ථානයෙනුත් ඉවත්විය. ඔහු 1970 දී Self-Storage කර්මාන්තය සඳහා ඔහු යොමු විය. එයින් සිය වපසරිය ක්‍රමයෙන් ව්‍යාප්ත කරගන්නා අතර, Dudrich Holdings Ltd,  Lonsto International Limited හා  Studio 464 වැනි සමාගම් රැසකට උරුමකම් කියූ සාර්ථන ව්‍යාපාරිකයෙකි. මෙහුගේ පාරිභෝගිකයන් මොහුව හැඳින්වූයේ Mr Lock Up යන අන්වර්ථ නාමයෙනි. ඔහුගේ කාර්යය මණ්ඩලය ඔහුව ඇමතූවේ RD යන නමිනි.

Studio 464 හැර ඒ ව්‍යාපාර කිසිවක් මෝටර් රථ හා ලොකු සම්බන්ධයක් ‍නැහැනේ යන්න ඔබට සිතෙන්නට පුළුවන. පිළිතුර ඔව්ය. සාමාන්‍යයෙන් සිතුවොත් වර්තමානයේදී එක් පුද්ගලයෙකුට ගරාජ නැත්නම් මෝටර් රථ අලුත්වැඩියාකරන ස්ථාන කීයක් තියෙන්නට පුළුවන්ද? දෙකක්, තුනක්… වැඩිම වුනොත් දහයකි.  මොහු ගරාජ 12,000කට උරුමකම් කියූ පුද්ගලයෙකි. 2015 වනවිට එහි ඇස්තමේන්තුගත වටිනාකම පවුම් මිලියන 162කි. ඔහු එංගලන්තයේ “පෞද්ගලික ගරාජ විශාල ප්‍රමාණයකට උරුමකම් කියන පුද්ගලයා බවට පත්විය.

Rodger Dudding 2

රොජර් සතුව ඇති තවත් විශේෂත්වයක් නම් මොහුගේ මෝටර් රථ එකතුවකි. මොහු සතුව මෝටර් රථ 420කට අධික ප්‍රමාණයක් පවතී. එයින් ඇස්ටන් මාර්ටින් ලැගොන්ඩා රථ 24ක් සහිත Classic කාර් 200ක් පමණ ඔහුගේ එකතුවට අන්තර්ගතය. බ්‍රිතාන්‍යයේ විශාලම තනි පුද්ගලයෙකුට අයත් මෝටර් රථ එකතුවද තමන් සතු බව රොජර් විශ්වාස කරයි. ඔහු එම මෝටර් රථ චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් සඳහා කුලී පදනම යටතේද ලබා දෙයි. ඔහුගේ මෝටර් රථ එකතුවේ මුල්ම රථය වූයේ 1952දී ඔහුගේ පියා විසින් මිලදී ගත් මොරිස් මයිනර් රථයය. ඒ රථය සඳහා ඔහුගේ රථ එකතුවේ වැදගත් තැනක් අදටත් හිමිව තිබේ.

Rodger Dudding 12
Rodger Dudding 11
Rodger Dudding 5
Rodger Dudding 6
Rodger Dudding 7
Rodger Dudding 8
Rodger Dudding 3
Rodger Dudding 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’

ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …