අපි ගමන පටන් ගත්තේ වැලිමඩ ඉඳලා. වේලාව උදේ 7.00යි. වෙනදා මෙන් සීතල මීඳුමෙන් කඳුශිකර සියල්ල වසාගෙනය. ඊට නොදෙවැනි සීතලක්ද ඇඟ දැවටුණා. නමුත් ඒ සියළු බාධාවන් ගෙන ආවේ අපේ සංචාරයේ මතක සලකුණුය. අපේ ගමන් සගයන් වූ Dio, GN 125, TVS, CB hornet ඇතුළු Bike 5 සූදානම්ය. මෙවැනි ගමනකට Bike සූදානම් කළේ මීට දින දෙක තුකනකට පෙර සිටමය.

Main 2

ඇත්තටම මේක Road Trip එකක්. ගොඩක් අය එන්නේ කළුපහනෙ ඉඳන් ඔහියටය. මොකද ඒ ගමන ඇඟටත්, Bike ඒ ගමන අපහසුයි. නමුත් අපේ ගමන් මග යෙදුණේ ඔහියේ ඉඳන් කළුපහනටය. දෙවියන් බුදුන් සිහිකර අපි වැලිමඩින් ගමන ආරම්භ කළා. ඔහියට එනවිට උදේ තිබූ මීදුම කොහේ ගිහින්ද දන්නේ නැහැ. හොඳට හිරු රශ්මිය හැමතැනම පැතිරෙනවා. යතුරුපැදියෙන් සංචාරයක් සඳහා හොඳ කාලගුණයක්. හැබැයි මේ වගේ සීතල පැත්තක හිරුඑළිය ඔනවටත් වඩා වැඩි වුණොත් ඒ සුන්දරත්වයට බාධා ඇති වෙනවා. ඒ හිරු රෂ්මිය විඳිමින් අපි ඉදිරියට ගියේය. ඔහිය පහුවී කි.මී. 10ක් වගේ එන විට මීදුම හා පින්න හිරු රශ්මිය අබිබවා නැග ආවේය. මේ වගේ Trip එක ලස්සන වන්නේ මෙන්න මේ මීදුම නිසා. මීදුමනම් අපිට හුරුයි. නමුත් මේ වගේ ගමනක් එක්ක ඒ මීදුම විඳනවා කියන්නේ වචනවලින් කියන්න බැරි අත්දැකීමක්, feeling එකක්. ක්‍රමයෙන් මීදුම දැඩි විය. මනා ලෙස දර්ශණය වූ වටපිටාව ක්ෂණිකව නොපෙනී ගියේය.

238569831 407751074097848 8519299600218759303 n
239806816 407750987431190 8099041615092812511 n

ඈතින් වතුර පාරක් ගලාගෙන යන හඩක් ඇසිණි. මීදුමත් දැඩි නිසා ඒ වතුරපාර ළග අපි bike නතර කළේය. ඒ තැන හරිම ලස්සනයි. Bike වලින් ගමන් කරන නිසා ලොකු අමාරුවක් දැනුනේ නැහැ. හැබැයි Bikeවල ඩබල් දාලා ගියොත් නම් bike එකට ටිකක් අවුල්. ඒක ඉතින් ඒ අයගේ කැමැත්ත. ගොඩක් අය යන්නේ ඩබල් දාලා. Scooter එකකනම් තනියෙන් යන එක තමයි හොඳ. මේ පැතිවල පාරවල් හුරු පුරුදු නිසා අපිට ප්‍රශ්ණයක් නැහැ. නැත්නම් scooter නම් ගල්වල වදින්න වැඩි ඉඩ කඩක් තියෙනවා.

මීදුම ක්‍රමයෙන් අඩු විය. නමුත් නැත්තටම නැති වූයේ නැත. ඒ මේ පැතිවල හැටි නිසා අපි සෙමින් සෙමින් ගමන ආරම්භ කළා. හදිස්සියකුත් නැහැ. මේ නිසා අවට සුන්දරත්වයත් විඳ විඳ පැය 5කට පස්සේ ඔහියේ ඉඳලා කළුපහනට ආවා. ඔහියේ ඉඳන් කළුපහනය කි.මී 22ක් වගේ තියෙනවා. කි.මී. 22 එන්න පැය 5ක් ගියා කියන්නේ ගමන හිතා ගන්න පුළුවන්නේ. ගොඩක් තැන්වල අපි නතරත් කලා. දෙයක් කියන්න ඕන සාමාන්‍යයෙන් මේ වගේ ගමනක් Bike එකකින් එද්දි තව යාලුවො 2-3ක් එක්ක ආවට කමක් නැහැ. හදිස්සියක් වෙලා bike එක කැඩුනොත්, පැච් එකක් ගියොත් හදාගන්නවත් මේ පැත්තේ කෙනෙක් නැහැ. ඒ නිසා ඒවට සූදානම් වෙලා යන එක හොඳයි.

කොළඹ ඉන්න කෙනෙකුට නම් මේ අත්දැකීම වෙනස් වෙන්න පුළුවන්. අපි මේ පැත්තෙ වෙලත් මේ ලැබුණු අත්දැකීම ඔවුන්ට  වෙනස්ම ආකාරයට තමයි ලැබෙන්නේ.

238886386 407750984097857 4151957663860064675 n
240769989 407751040764518 2473447329111185691 n
240555300 407751050764517 6150282950088218060 n

දේශාන් නුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

කොළඹ සිට උඩවලව හරහා කතරගම දක්වා බයික්වලින්

බයික්වලින් ඔහියේ ඉඳලා කලුපනට යන Road Trip එකක් මීට පෙර අපි ඔබට ගෙන ආවා. මෙවර අපි ගෙන එන්න …