මුල් භාගයේදී ඉපදුන කෙනෙක් නම් කුඩා කාලයේ නැරඹූ මතක හිටින කතාවක් කියන්න කිව්වොත් ගොඩක් අය ටිංටිං, හයිලෑන්ඩර්, තන්ඩර්කැට්, නයිට්රයිඩර්, වයිපර්, ඥානකතා මල්ලී, කූබිච්චී වගේ කතා හා කාටුන් ගණනාවක් කියයි. හැබැයි ඒ අතරේ එකක් තිබ්බා. ලේසියකට මතක් නොවන, ඒ වගේ එකක් දැක්කොත් මතක් වෙන ඒත් ආශාවෙන් බලපු, අමතක කරන්න බැරි කථාවක්. ඒක තමයි BRUM කියන්නේ. වාහනවලට ඇලුම් කරන ඔබට ඔබේ පුංචිකාලයට ගෙනයෑමටත්, නොදන්නා අයට මෙහෙම කතාවක් තිබ්බා හොයාගෙන බලන්න කියන කාරණාවත් මතක් කරමින් අපි BRUM ගැන කියන්න හිතුවා.

Brum 2

Brum කියන්නේ ඇමෙරිකානු – බ්‍රිතාන්‍ය රූපවාහිනී ළමා කථා මාලාවක්. The Adventures of Brum නමින් තමයි මෙය ප්‍රසිද්ධ වුණේ. Brum ට හඬකවන්නේ Toyah Willcox විසින්. කතාව රූපලත කරන්නේ එන්ගලන්තයේ  Birmingham හිදීය. Brum කියන්නේ 1920ට පසු ආපු Austin 7 Chummy convertible මෝටර් රථයේ කුඩා අනුරුවක්. එය නිර්මාණය කරන්නේ Rex Garrod විසින්. පසුව ඔහුගේ මරණයෙන් පසු Rex Garrod’s පවුල වෙතය.

Created by:       Frank Beattie

                        Anne Wood

Developed by:   Ragdoll Productions

                        BBC Television

Narrated by:    Toyah Willcox (1991–1994)

                        Tom Wright (2001–2002)

                        Sarah Wichall (2001–2002)

Brum 3

එක් කතාවක් එක් දවසක් තුල සිදුවෙනවා. කුඩා කහපාට රෙප්ලිකා මෝටර් රථයක් වන Brum ජීවත් වෙන්නේ වාහන කෞතුකාගාරයකය. ඒක උදේ පාන්දර විවෘත කළ පසු Brum එයින් පිටත්ව නගරයට යන අතර, නගරයේදී මුහුණ දීමට සිදුවන ක්‍රියාකාරකම් මේ කතාව හරහා ගෙන එයි. වර්තමානයේදී Brum ජීවත් වන්නේ The Cotswold Motoring Museum එකේය.  කතාමාලා 5 තුළ Brum වෙනස්කම් කිහිපයක්ද සිදුවිය.

1991දී මුල්වරට විකාශය වූ මෙය එක් කතාවක් මිනිත්තු 10-15ත් අතර කාලයට සීමා විය. සම්පූර්ණ කතාව කතාමාලා 5කින් සමන්විත විය.

  • මුල්ම කතා මාලාව (Series 1) කතාංග 13කින්ද,
  • Series 2 (1994) කතාංග 13කින්ද
  • Series 3 (2001) කතාංග 17කින්ද
  • Series 4 (2002) කතාංග 13කින්ද
  • අවසාන Series එක (2002) කතාංග 10කින් යුක්ත විය.

ඒ අනුව සම්පූර්ණ කතාංග 66කින් සමන්විත විය.

Brum 4

වර්තමානයේදී ස්වයංක්‍රීයව පාලනයවන මෝටර් රථ සංකල්පය දරුණු ලෙස කතාවුවද අතීතයේදී කෙදිනකවත් සිතුවද අප මේ Brum කියන්නෙත් ස්වයංක්‍රීයව ධාවනය වන කාර් එකක් කියලා. ඒ විතරක් නෙමෙයි මේක කෘතිම බුද්ධියකිනුත් (Artificially Intelligent) සමන්විත වුණා.

මෙම කතාමාලාව IMDb දර්ශකයේ 6.3ක. අගයක් ලබාගැනීමට සමත්වී ඇත. එම දර්ශකයට අනුව වැඩිපුර අගය ලබාදී තිබෙන්නේ ගැහැණු ලමුන් වීම විශේෂයි. ඒ අනුව මෙය වයස් භේදයකින් තොරව කෙනෙකුගේම සිත්ගත් කතාවක් බව සනාථ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ඩොම්නික්ගේ කණ්ඩායමට අලුත් හතුරෙක්: Fast X

සිනමා ලෝලීන් පුලපුලා බලා සිටි අලුත්ම සුපිරි ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනක…