වර්තමානයේ උද්ගතවී ඇති ඉන්ධන අර්බුධයෙන් බහුල වශයෙන් බැට කන්නේ යතුරුපැදිකරුවන්ය. මේ හේතුව නිසා ඇතැමුන්ට සිය රැකියාවේ පවා නිරතවීමේ අවිනිෂ්චිත බවක මං සලකුණු ඉදිරියේදී පෙනෙන්නට තිබේ. මීට ඇති කදිම විසදුමක් පසුගියදා අසන්නට ලැබුණා. ඒ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන යතුරුපැදියකි. මේ කතා කරන්නේ 100%ක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ThermalR විද්‍යුත් යතුරුපැදිය ගැනයි.

Thermal R 5
 Ⓒ www.testrun.lk

  • දුර ප්‍රමාණය: 120km
  • කි.මී. වැයවන මුදල: සත 80
  • උපරිම වේගය: පැ.කි.මී. 110
  • මිල: රු.595,000 – 740,000

Falcon Shaped Body Design එකකින් යුක්ත මෙම ThermalR යතුරුපැදිය මාදිලි දෙකකින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතය. මීට ආවේණික වූ Iconic Headlights වලින් යුක්ත අතර Taillight එකද ඊට නොදෙවැනි අයුරින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ දෑතින් සවිගැන්වෙන මෙය ජාත්‍යන්තර තලයේ යතුරුපැදි හා නව තාක්ෂණයට කරට කර තරග කිරීමේ හැකියාවක් පවතියි.

Charging

3.6 CEB Units එකකින් සමන්විත අතර සම්පූර්ණ ආරෝපණයක් සඳහා ගත වන්නේ පැය 4ක් වැනි කාලයකි. එසේ ආරෝපණය කිරීමෙන් කි.මී. 100-120ක දුරක් ගමන් කිරීමේ හැකියාව පවතියි.

Brakes

Front & Rear Disk Brakes with Regenerative Braking

Wheel Base

  • 1448mm Long
  • 160 mm Ground Clearance

Display

Thermal R 8

මෙහි කැපී පෙනෙන අංගයක් වන්නේ අඟල් 7ක LCD Touch Display එකයි. Android මෙහෙයුම් පද්ධතියකින් බලගැන්වෙන මෙහි,

  • Speedometer,
  • Battery Voltage,
  • Odometer,
  • Android App installation,
  • GPS Navigation

වැනි විශේෂාංග ගණනාවක් පෙන්නුම් කරයි. ඔබේ ස්මාට්දුරකථනය මේ හා සම්බන්ධ කිරීමෙන් පසු Phone එක Use කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගිණු ඇත.

Thermal R 1
 Ⓒ www.testrun.lk

Models

මෙය ප්‍රධාන වශයෙන් මාදිලි දෙකක් යටතේ වෙළෙඳ පොළට නික්තු කිරීමට බලාපොරොත්තු වෙයි.

  • Barbery
  • Peregrine

Barbery මාදිලිය

  • Range: 120 km
  • Top Speed: 90 kmph
  • Motor (Rated – Peak): 2 – 4 kW
  • Price*:Rs. 595,000/-

Peregrine මාදිලිය

  • Range: 120 km
  • Top Speed: 110 kmph
  • Motor (Rated – Peak): 4 – 8 kW
  • Price*: Rs. 740,000/-

ඉදිරි මාස 6 තුළදී වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරෝත්තු වන මෙම යතුරුපැදියේ මාදිලි 2 සඳහාම මේ වනවිට Preorders භාරගනු ලබයි. ඒ සඳහා රු.70,000ක අත්තිකාරම් මුදලක් අය කරනු ලබයි.  වැඩිදුර විස්තර සඳහා www.thermalr.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Thermal R 3
Thermal R 4
 Ⓒ www.testrun.lk
Thermal R 7
 Ⓒ www.testrun.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne

Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…