ලෝකයේ සැප පහසුව අතින් වාහන කාණ්ඩ කිහිපයකට බෙදිය හැකිය. ඒ අතරිනුත් ඉහළින්ම තිබෙන අති සුඛෝපභෝගී මෝටර් රථ මාදිලියක් තමයි Genesis කියන්නේ. නමුත් ශ්‍රී ලංකාවෙනම් මේ මෝටර් රථ දක්නට ලැබෙන්නේ නැහැ. Genesis සමාගම විසින් පසුගියදා සිය නමතම මෝටර් රථය හඳුන්වා දුන්නා. 2023දී වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම අති සුඛෝපභෝගී රථය නම් කර තිබුණේ Genesis G90 ලෙසයි.

2023 genesis g90 7

Genesis G90 රථයට ආවේණික වූ ෂෙල් එකකින් යුක්ත අතර අභ්‍යන්තර සැකැස්ම G80 sedan හා GV80 SUV මාදිලිවලට උරුමකම් කියයි.  මාදිලි දෙකකින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි. Audi A8, Audi S8 හා Genesis G70 යන මාදිලිවලට තරගකරුවෙකු වූ නමතම G90 රථය ඇ.ඩො.80,000ක ආරම්භක මිලක් සටහන් කර තිබේ.   

 G90G90 Long Wheelbase
Length5,275 mm (207.6 in)5,465 mm (215.1 in)
Width1,930 mm (76 in)1,930 mm (76 in)
Height1,490 mm (58.6 in)1,490 mm (58.6 in)
Wheelbase3,180 mm (125.1 in)3,370 mm (132.6 in)
DrivetrainRWD or AWDAWD
Engine3.5-liter V63.5 T-GDi with electric supercharger
TransmissionEight-speed automaticEight-speed automatic
Horsepower375 hpTBA
Torque530 Nm (391 lb-ft)TBA

ගමන් ගන්නා පුද්ගලයන්ට සුවපහසුව උපරිමයෙන්ම සලසන Ergo-Relaxing Seats වලින් යුක්ත වෙයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් individual LED lamps. පෙනුමෙන් සුඛෝපභෝගී Look එකක් ලබාදීමට එම individual LED lamps මහගු ලෙස උපකාරී වී තිබේ. එම   LED lamps design එක බොනට්ටුව දෙපසින් දොර දක්වා දිව යයි.

2023 genesis g90 2
2023 genesis g90 6

අභ්‍යන්තරය සැලකීමේදී පාරිභෝගිකයාට තෝරාගැනීමට වර්ණ 12ක් ලබා දී තිබේ. Digital key (using a smartphone to open the doors and trunk), හා fingerprint authentication system මෙන්ම head-up display, noise-canceling, remote parking, හා Hands-On Detection (HOD) system එකකින් යුක්ත වෙයි.

Next-generation infotainment system  එකකින් යුක්ත අතර  the connected car Integrated Cockpit (ccIC) එක high-tech look එකකින් මතු කිරීමට සමත් වෙයි. ඒ වගේම Mood Curator මගින්  Vitality, Delight, Care, හා Comfort ලෙස modes 4 කින් music, scent, lighting, curtain, හා massage වෙනස් කර ගත හැකිය.

2023 genesis g90 5

ගමන් කරන පුද්ගලයන්ට උසස් රසවින්දනයක් ලබාදීමට Bang & Olufsen 3D sound system එකකින් යුක්ත අතර රථය පුරා ස්පීකර්ස් 23ක් ස්ථාපිත කර තිබේ.

2023 genesis g90 3
2023 genesis g90 8
2023 genesis g90 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…