වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වාහනයක් සොයා ගැනීමට නොහැකි නම්, එකම විකල්පයත් යතුරුපැදිය විය හැකිය. එවැනි අවස්ථාවක නොතෙමී යන්නත්, ආරක්ෂිතව යන්නත් වෙනදාට වඩා වැඩි අවධානයක් ‍යොමු කළ යුතු වෙනවා. මෙවැනි වැසි දිනවල නොතෙමී ආරක්ෂිතව යෑමට ඔබ සිහි තබාගත යුතු කරුණු 7ක් අපි මතක් කරන්න හිතුවා.

1. අවශ්‍යම උපාංග තොරාගන්න

වැස්සකදී නොතෙමී යාමට waterproof jacket එකක් හා trousers එකක් තිබෙනවානම් වඩාත් පහසුයි.  ඒ වගේම Helmet visor එක පැහැදිලි නැත්නම් අලුත් visor එකක් සවි කර ගන්න. එසේත් නැතිනම් සුදු පැහැති Cycling eyewear එකක් හෝ goggles භාවිත කළ හැකිය. ඒ වගේම gloves දෙකක්ද භාවිත කළ හැකිය.

2. සෙමින් හා මෘදුව ධාවනය කරන්න

වැසි දවසේ මාර්ගවල වලවල් ජලයෙන් පිරී ඇති නිසා අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ඉතා ඉහළය. එම නිසා සෙමින් ආරක්ෂාකාරීව, සෙමින් යතුරුපැදිය ධාවනව කිරීමට වගබලාගත යුතුය. ඇතැම් වතුර පිරුණු වළවල් වලදී යතුරුපැදියේ වේගය අඩු වී සමබරතාව ගිලිහී යා හැකිය. ඒ නිසා අවශ්‍ය වේලාවේදී ක්ෂණිකව නවතා ගැනීමට හැකි වේගයකින් ගමන් කළ යුතුය. වංගු ගැනීමේදීද සැලකිලිමත් වන්න.

3. ආරක්ෂිතව තිරිංග යෙදීම

මාර්ගයේ ඇති සුදු ඉරි, කහ ඉරි මතදී තිරිංග යෙදීම හැකි තාක් අඩු කළ යුතුය. එවැනි ස්ථාන මග හැර ගමන් කිරීමට කටයුතු කළ යුතු අතර එවැනි ස්ථානවලදී තිරිංග යෙදීමේදී යතුරුපැදිය ලිස්සා යාමේ වැඩි ඉඩක් පවතියි. තවද   වැසි දිනවල යතුරුපැදිවල තිරිංග ක්‍රියාකිරීමටද අඩුවෙන් සිදුවෙයි. මේ නිසා තිරිංග පිළිබඳ පූර්ණ විශ්වාසයද තැබිය නොහැක.

4. යතුරුපැදියේ අවශ්‍යතා සොයා බලන්න

වැසි දිනකදී ගමන් කිරීමේදී යතුරුපැදියේ තිරිංග, ටයරයේ හුළං තත්ත්වය, ඉන්ධන වැනි දේ පිළිබඳ නිසි අවබෝධයකින් යතුරුපැදිය පාරට දැමිය යුතුය. නැතිනම් වැස්සේ අදාල සේවා ස්ථාන සෙවීමේදී දැඩි අපහසුතාවක් හෝ වැස්ස පායනකම් බලා සිටීමට සිදුවිය හැකිය.

5. වියලි මංතීරුවක් සොයා ගන්න

වර්ෂාවත් සමග මාර්ගයේ ජලයෙන් යුක්ත අතර, හැකි සෑම විටම වියලිව තිබෙන මංතීරුවක් සොයා ගත යුතුය. එහිදී සිදුවන අනතුරු අවම කරගත හැකිය. ඒ වගේම යතුරුපැදියේ විදුලිපහන් දල්වා යෑමට අමතක කරන්න එපා.

6. අත්‍යඅවශ්‍ය භාණ්ඩ පමණක් රැගෙන යන්න

අනවශ්‍ය බෑග්, කඩදාසි වැනි දෑ රැගෙන යාමෙන් වලකින්න. අවශ්‍යමනම් ජලය නොයන Ziploc සහිත ඇසුරුමක් භාවිත කළ හැකිය. ෂොපින් බෑග් කිහිපයක්ද රැගෙන යාමේදී උවමනා වේලාවකදී  ප්‍රයෝජනයට ගත හැකිය.

7. වර්ෂාව වැඩි නම් නවත්වන්න

ඉහත සෑම පියවරක්ම අනුගමනය කළද, වර්ශාව දැඩිනම්, මාර්ගය නොපෙනෙන සේ වසින්නේ නම්, යතුරුපැදිය අනිවාර්යයෙන්ම ළඟම සුදුසු ස්ථානයක් බලා නතර කළ යුතුය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දැඩි වර්ශාවක් ඇති වන්නේ නම් අනිවාර්යයෙන්ම නවතා වැස්ස පායනකම් සිටිය යුතුය. එසේ නවත්වන්නේ ගහක් යටනම් වෙනත් ස්ථානයකට යාමට වගබලා ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ගහපු තෙල්වලින් වැඩි දුරක් ධාවනය කරන්න Tips 7ක්

අද වනවිට ඉන්ධන මිලේ වැඩි වීමත් සමගම ලීටරයකින් වැඩි දුරක් ගමන් කළ හැකි නම් එය ලාභදායී වේ. ම…