අද වනවිට ඉන්ධන මිලේ වැඩි වීමත් සමගම ලීටරයකින් වැඩි දුරක් ගමන් කළ හැකි නම් එය ලාභදායී වේ. මේ නිසා වර්තමානයේ සෑම දෙනෙකුම උත්සහ කරන්නේ ගහන තෙල්වලින් වැඩිදුරක් ගමන් කිරීමටයි. මේ නිසා වාහනයේ සිදුකරන කුඩා කුඩා දේ මගින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති කරගත හැකිය. මේ ඒ සඳහා Tips 7ක්.

1. ටයර නියමිත වායු පීඩනයේ තබා ගන්න

low tire pressure

වාහනයක ටයරවල පීඩනය ඉන්ධන කාර්යක්ෂමතාවට විශාල ලෙස බලපාන සාදකයක්. අඩු වායු පීඩනයක් පවතින්නේ නම් ටයර හා පාර අතර ගැටෙන ප්‍රමාණය වැඩිවෙයි. ඒ අනුව උපදින ඝර්ෂණ බලයද වැඩි වෙයි. මේ නිසා සතියකට සැරයක්වත් ටයරවල පීඩනය බැලීමට අමතක කරන්න එපා. වායු පීඩනය මැනිය හැකි කුඩා උපාංගද අද වෙළෙඳ පොළෙහි මිලදී ගත හැකිය.

2. යන තැන තීරණය කරන්න

Travel

අද වනවිට බොහෝ දෙනෙකු මාර්ගයට වාහනය දැමීමෙන් පසු යන මාර්ගය පිළිබඳ විමසා බලයි. නමුත් වාහනය පණගැන්වීමට පෙර ගමන් කළ යුතු ගමනාන්තය හා යා යුතු මාර්ගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තබා ගැනීම වැදගත්. එයින් අමතර මාර්ගවල ගමන් කිරීමෙන් සිදුවන ඉන්ධන දහනය සීමා කරගත හැකිය. තවද සංචාර සඳහා යන්නේ නම් කෙටි දුර සංචාර දෙක, තුනකට වඩා එක් දිගු සංචාරයක් Plan කරන්න. ඒ වගේම මාර්ග තදබදය මගහැර වේලාව ටිකක් පසුකර අදාල ගමන යා හැකි නම් එයත් අමතරව සිදුවන ඉන්ධන දහනය අවම කර ගත හැකිය.

3. මනා ධාවනය

manual gear

ඉන්ධන කාර්යක්ෂමතාවට ඍජුව බලපාන කරුණක් තමයි ධාවනය. මෙය රියදුරා මත තීරණය වන ප්‍රබල සාධකයක්. Manual වාහනයකනම් අදාල වේගවලදී ඉක්මනින්ම Gear මාරු කිරීමටත් වගබලා ගන්න. Automatic gear system එකක් තිබෙන වාහනයකම් ස්වයංක්‍රීයව මෙය සිදු වෙයි. නමුත් එහිද දෝෂ ඇතිවිය හැකි අතර, නිවැරදි තැනකින් පරීක්ෂා කරගත හැකිය. ඒ වගේම ඇස්ලේටර් හා බ්‍රේක් එකද  නිසියාකාරව භාවිත කිරීමෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කර ගත හැකිය.

4. ක්‍රමවත්ව AC පාලනය කරන්න

air conditioner

වාහනයක AC ක්‍රියාත්මක කිරීම අද වනවිට අනිවාර්යයෙන් සිදුකළ යුතුය. නමුත් ඔබට AC ඔෆ් කළ හැකි අවස්ථාවලදී හැකිනම් AC ඔෆ් කර තැබීම වඩා යෝග්‍ය වෙයි. AC නොදැමිය නොහැකි නිසා වාහනයේ වීදුරු ටින්ටඩ් කිරීම, ධාවනය වනවිට වීදුරු විවෘත නොකිරීම, ඩෑෂ්බෝඩ් සඳහා ආවරණ යෙදීම වැනි ක්‍රම මගින්මනා පාලනයකින් AC ක්‍රියාත්මක කළ හැකිය. ඒ වගේම වාහනය පිරිසුදුව තබා ගැනීමටද වගබලාගත යුතුය. AC ඔෆ් කර වාහනයේ වීදුරු මදක් වීවෘත කර ගමන් කිරීමේදී වැඩිදුරක් ඉන්ධනවලින් ගමන් කිරීමේ හැකියාව පවතියි.

5. නියමිත කාලයට Service කරන්න

Car Service

ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිකරගත හැකි තවත් ප්‍රධාන කරුණක් නම් නිවැරදි වේලාවට Service එක සිදුකිරීම. ඒ Service  එකේදී Belt, Air filters වැනි උපාංග පිළිබඳව මනා සොයා බැලීමක් සිදුකළ යුතුය. වාහනයේ ලෙඩක් නොමැති සේ පෙනුනත් ඇතුළත කොටස්වල ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදු නොවිය හැකි බැවින් වාහනය නියමිත කාලයේ Service කිරීම අත්‍යඅවශ්‍ය වෙයි.

6. උදේ වරුවේ තෙල් ගහන්න

petrol prices

උදේ වරුවේ තෙල් ගැසීමේදී සවස් කාලයේදී තෙල් ගැසීමට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත හැකිය. අවු රෂ්මිය හේතුවෙන් භූගත ටැංකි රත්වී තෙල් ප්‍රසාරණය වෙයි. රාත්‍රී කාලයේදී ප්‍රසාරණය වූ තෙල් යළි සංකෝචනය වෙයි.  මේ නිසා සවස තෙල් ගහන මුදලට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් එම මුදලටම උදේ තෙල් ගැසීමේදී ලබාගත හැකිය.

7. අමතර බර ඉවත් කරන්න

Child Safety Seats

රථයේ බර වැඩි වන විට එන්ජිමේ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් ලබා දිය යුතුය. මේ නිසා වාහනයට බරක් එකතු වන අනවශ්‍ය කුඩා කුඩා ද්‍රව්‍ය වුවද ඉවත් කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

වැසි දිනක යතුරුපැදි පදවන ඔබට සැලකිය යුතු කරුණු 7ක්

වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වා…