ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එළි දැක්විය. තවමත් මෙය නමකින් හඳුන්වා නොමැති අතර සුඛෝපභෝගී SUV මාදිලි මෝටර් රථයක් ලෙස සැලකෙයි.

මෙහි දෙවැනි මාදලිය Sedan රථයක් වන බවත් එයත් 2025දී වෙළෙඳ පොළට නිකුත් කරනු ඇති බවත් වාර්තා වෙයි. ඔස්ට්‍රියාවේ Miba නම් බැටරි සමාගම සමග ඒකාබද්ධ වී නිෂ්පාදනය කරන මෙය එක් ආරෝපනයකින් කිලෝමීටර් 800ක (සැතපුම් 497ක්) දුරක් ගමන් කරනු ඇති බව සඳහන් වෙයි.
තවද මෙම Aehra SUV රථය 350 kW Fast-Charging සඳහා 950V Charging System එකක් භාවිත කරන මුල්ම රථයද වෙයි. නිෂ්පාදකයන් සඳහන් කරන්නේ 120 kWh Battery Pack එකක් මේ සඳහා භාවිත කරනු ඇති බවයි.
- දිග: මීටර් 5.10
- පළල: මීටර් 2
- උස: මීටර් 1.64
- Wheelbase: මීටර් 3

වාර්තා වූ තොරතුරු අනුව ඉදිරිපස ටයර ප්‍රමාණය 285/35 R23 ක්ද, පසුපස ටයර ප්‍රමාණය 285/35 R24ක්ද වෙයි. සිත් ගන්නාසුළු Cabin එකකින්ද යුක්ත වන අතර එයි විශාල තිරයක්ද දැක ගන්නට ලැබේ.


වැඩිදුර තොරතුරු තවමත් වාර්තා නොවන අතර, ඔක්තෝබර් මාසයේදී මෙය නිළ වශයෙන් හඳුන්වා දීමට නියමිත බවත් 2025දී වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

කකුළු ගමනක් සහිත Hyundai e-Corner System
Hyundai මෝටර් රථ සමාගම විසින් පසුගිය දා විශේෂ තාක්ෂණයකින් යුත් රථයක Testrun එකක් සිදුකළා. …