Audi හා Nio සමාගම අතර පැවැති නඩුවෙන් Audi සමාගම ජය ලබා තිබේ. චීන මෝටර් රථ සමාගමක් වන Nio සමාගම විසින් නවතම මෝටර් රථ මාදිලි දෙකක් ES6 හා ES8 ලෙස නම් කිරීම හේතුවෙන් Audi සමාගම මෙම නඩුව ගොනු කර තිබේ. ES6 හා ES8 යන මාදිලි නාමය Audi සමාගමේ S6 හා S8 යන මාදිලිවල නාමයට සමාන බවත් එහිදී තීරණය විය.
මාස 15ක් පුරා අසන ලද මෙම නඩුවෙන් තීරණය වූයේ E අකුර ශබ්ද වීම අවම වන බවත් ඒ අනුව කියවෙන ආකාරයට මාදිලි දෙකේ නාමයන් සමාන බවත් එහිදී සලකා බැලැණි. තවද E අකුර විද්‍යුත් මෝටර් රථ සඳහා බහුල වශයෙන් භාවිත වන අතර, S6 හා S8 මාදිලිවල විද්‍යුත් සංස්කරණයද ES6 හා ES8 ලෙසද ඉදිරිපත් කළ හැකි බවටද මෙහිදී අවධානය යොමු විය.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව Nio සමාගම සඳහන් කරයි. ඒ අනුව ES6 හා ES8 මාදිලි ජර්මනිය තුළ වෙළෙඳ ප්‍රචාරණය කිරීමට Nio සඳහා අවස්ථාව නොලැබෙන අතර ES7 මාදිලිය EL7 ලෙස වෙනස් කිරීමටද අවධානය යොමු වී තිබේ.
ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…