ඔබ වාහනයක් පැද්දත් තම වාහනයේ Ball joint නම් දැකලා නැතුව ඇති. ඇතැමුන් රෙපයාර් එකකදී දැකලා තියෙන්න පුළුවන්. Ball joint පිළිබඳ අවබෝධයක් තිබීම වාහනයක් රෙපයාර් එකකදී වැදගත් වෙනවා. මේ නිසා අපි අද කතා කරන්න හිතුවේ  Ball joint ගැන.

Main Ball Joint

පිහිටීම

Control arms එක steering knuckles එකට සම්බන්ධ වන්නේ මේ කියන Ball joint එකකින්. වාහන මාදිලිය අනුව Ball joint ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර වාහනවල එක් රෝදයකට Ball Joint 2ක් දක්නට ලැබෙනවා. එහි ඉහළින්ම පිහිටි Ball joint එක Upper Ball Joint ද, පහළින් පිහිටි Ball joint එක Lower Ball joint නමින් හඳුන්වනවා.

Parts Matter Article BallJoint 02 1533676564646

සැකැස්ම

Ball joint ප්‍රධාන කොටස් 2කින් යුක්ත වෙනවා. එක් කොටසක් යකඩ බෝලයක් හා Stud එකකින් සමන්විතයි. අනෙක රබර් Boot එකකින්, Socket එකකින්ද යුක්ත වෙනවා. මේ කියූ Socket එක තුළට තමයි යකට බෝලය සහිත Stud එක බහින්නේ. නමුත් Stud කොටස තිබෙන්නේ Socket එකෙන් හා රබර් Boot එකෙන් එළියේ. මේ නිසා Stud එක කැමති අතකට හැරවිය හැකිය.

RUGAF HD Balljoint.3

Socket

Socket එක බොහෝ වේලාවට යකඩින් නිර්මාණය කරනු ලබයි. එය අභ්‍යන්තරයේ Polymer Bearing එකක් දක්නට ලැබෙනවා. Polymer Bearing එකක් යොදන්නේ විවිධ අවස්ථාවල ඝර්ෂණබලය පාලනය කිරීම සඳහායි. ඇතැම් අවස්ථාවල Polymer Bearing එකට Crown Pressure Plate නමින්ද හඳුන්වනවා. Polymer Bearing එකට තමයි Stud  එක සම්බන්ධ වන්නේ.එය සම්බන්ධ වූ පසු අවසානයේ ආරක්ෂාව සඳහා Socket  එක හා Stud එක අතරට රබර් Boot එකක් දමනු ලබයි.

Ball joint වර්ග

Ball joint වර්ග ගණනාවක් විවිධ නිෂ්පාදක සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබනවා. ඇතැම් Ball joint හැඩයෙන් වෙනස් වන අතර, අභ්‍යන්තර සැකැස්මට විවිධ මෙවලම් අන්තර්ගත කර තිබෙනු ඇත. උදාහරණ ලෙස ස්ප්‍රීන් එකක් සහිත Ball joint ද ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ.  Spherical rolling joint කියන්නෙත් ඉහළ තාක්ෂණයකින් යුත් ගුණාත්මක Ball joint මාදිලියක්.

දෝෂ හඳුනාගැනීම

Ball joint දෝෂ සහිතනම් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් ඔස්සේ දැනගත හැකිය. එනම්, ශබ්දයෙන්, Steering එකෙන් හා ටයර්වලින්.

  • ශබ්දයෙන්

Bump එකක් හෝ Dip එකක් මතින් යනවිට වාහනයේ front suspension එකෙන් Clunking noises ඇතිවිය  හැකිය. මුල් කාලයේදී ශබ්දය සෙමින් ඇසුනද පසුව දෝෂය උත්සන්න වීමත් සමග වැඩි විය හැකිය.

  • Steering එකෙන්

මෙහිදී Steering එකට තද බවක් දැනෙනු ඇත. අඩු වේගයකින් කෙලින් පාරක යනවිට Steering එක Vibration ගතියකින්ද යුක්ත වනු ඇත.

  • ටයරවලින්

ටයර් ඇදවීම මෙහිදී මූලික ලක්ෂණයයි. රෝගය උත්සන්න වූ විට ටයර පැත්තට යාමක් දැකිය හැකිය.  

maxresdefault

පිළියම්

Ball jointවලට පිළියම් ඔබට නිවසේදී සිදුකිරීම ඉතා දුෂ්කරයි. මේ සඳහා පළපුරුදු කාර්මිකයෙකුගේ සහාය ලබාගත යුතුය. ඉහත කී කුමන හෝ රෝග ලක්ෂණයක් දැනුණේ නම් ඔඩුදුවන්න කලින් ගැරිජ් එකකට යෑමයි උචිතම වැඩේ. මෙහිදී එය ගලවා බැලීමෙන් පසු අලුත් එකක් හෝ තිබෙන Ball joint එකම අලුත්වැඩියා කිරීමකින් නැවත දැමීම පිළිබඳ තීරණය ගැරිජ් බාස් අතේ තමයි තියෙන්නේ. වැඩිපුර ගෙවිලා නැත්නම් අලුත්වැඩියා කර දමයි. මෙහිදී මෙම සිදුවීම පිළිබඳ ඔබ අවධානයෙන් සිටිය යුතුය.

එය අලුත්වැඩියා කරන්න දමා ඔබ යන්නේ නම්, අලුත් එකක් දැම්මා කියා පරණ එකම අලුත්වැඩියා කර දමන ගැරිජ්නම් ඕනෑ තරම් තියෙනවා. එතන වෙන්නේ ඔබෙන් ගාන කැපීමකි. කෙසේ හෝ Ball joint එක අලුත්වැඩියා කර බොහෝ කාලයක් භාවිත කළ හැකිය.

maxresdefault 2

අලුත් වැඩියාව

Ball joint එක අලුත්වැඩියා කරන්න දුන්නට පස්සේ Socket එක කපලා යකට බෝලය සහිත Stud එක එළියට අරන් පොලිෂ් කරලා, කලින් කිව්ව Polymer Bearing එක අලුතින් ලියවලා, ග්‍රීස් ගාලා නැවත Socket එක හයි කරනවා. මේ කරන වැඩ පිළිවෙල ඒ ඒ ශිල්පියා අනුව වෙනස් වෙනවා. සමහරු Socket එකෙන්ම නවලා හදනවා. තවත් අය වෑල්ඩින් කරනවා. ඒක ඒ ශිල්පියාගේ හැකියාව අනුව. නමුත්ඒ ක්‍රම 2 ගුණාත්මක භාවය පිළිබඳවද ගැටලු පැන නගිනවා. නමුත් වැඩේ පිළිවෙලට කරන අයත් ඉන්නවා.

කලින් කිව්වා වගේ ගැරිජ් බාස්ගෙන් පස්සේ අනිත් බොරුව කරන්නේ පට්ටලේ අයියා. විශේෂයෙන්ම කියන්න ඕන බහුතරයක් නිවැරදිව, ක්‍රමාණුකූලව ඉහත කිව්ව ආකාරයට අලුත්වැඩියාව සිදුකරනවා. කිහිප දෙනෙකු තමයි මේ වැඩ කරන්නේ. කම්මැලිකමට මිටි පාරවල් දෙකක් Socket එක මුදුනට ගහනවා. එතකොටත් Socket එක තද වෙනවා. ඊට පස්සේ වැලි කොලේකින් අල්ලලා, රබර් boot එක ඇතුලට ග්‍රීස් ටිකක් ගාලා දෙනවා හැදුවා කියලා. ඉතින් ඒක වාහනය අයිති කෙනා දන්නේ නෑ. එයා හිතන්නේ අලුත් එකක් දැම්මා කියලා. නැත්නම් අලුත්වැඩියා කලා කියලා. මේවගේ Ball joint අලුත්වැඩියා කරනවානම් ඔබත් ළඟින්ම ඉඳන් බලන්න මොකද කරන්නේ කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සුළු කොට නොතැකිය යුතු Wheel Alignment

වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහන…