ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනට (CGTTI) අර්ධකාලීන සන්ධ්‍ය පාඨමාලා සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ. ඔබ මීට සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේනම් මේ ඒ සඳහා කාලයයි. පහත පාඨමාලා සඳහා සඳහා ඔබට ඊට අයැදුම් කළ හැකිය.

- කර්මාන්තශාලා පුහුණුව (WP1)
- යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව හා නඩත්තුව (MF)
- මෝටර් රථ කාර්මික ශිල්පය (M1, M2,M3, M10)
- ත්‍රී රෝද රථ අලුත්වැඩියාව (M6)
- වාහන විදුලි ශිල්පය (E3, EA)
- මෝටර් සයිකල් තාක්ෂණය (M8)
- වාහන බොඩි අලුත්වැඩියාව හා පින්තාරු ශිල්පය (AP1, AT1)
- පෑස්සුම් ශිල්පය (W1, W2, W3)
- ද්‍රව හා වායු පීඩන ශිල්පය හයිඩ්‍රොලික් හා නියුමැටික් (HP1, HP2)
- Automobile Color Technician (ACTI)
- වාහන හිමියන් සඳහා මෝටර් කාර්මික ශිල්පය (M7)
- හයිබ්‍රිඩ් තාක්ෂණය (M12)
- ඉන්ධන පොම්ප ශිල්පය (M4, M5)
ආදී ක්ෂේත්‍ර රැසක සන්ධ්‍යා පාඨමාලා සඳහා අයැදුම් පත් එවිය හැකිය.
පාඨමාලා පැවැත් වෙන්නේ සවස 3.30 සිට 6.00 දක්වා
අයැදුම් පත් 2022 ජනවාරි 31 වැනිදාට පෙර පහත ලිපිනයට යොමු කළ යුතුය.
ලේඛකාධිකාරී,
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය,
582,
ගාලුපාර,
ගල්කිස්ස (අඟුලාන හන්දිය අසල)
අයැදුම් පත්‍රය හා මිලගණන් භාගත කරගැනීමට
වැඩි විස්තර සඳහා www.cgtti.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය. මාර්තු මස මුලදී පාඨමාලා ආරම්භ වීමට කටයුතු යොදා තිබේ.
මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය: Automobile Engineering Training Institute (IAETI)
මෝටර් රථ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන කෙනෙක්නම් පිළිගත් ආයතනයකින් මෝටර් රථ සම්බන…