Clutch ගැන මීට පෙර සාකච්ඡා කළා. Clutch එකක් කියන්නේ මොකක්ද? එහි සිදුවන යාන්ත්‍රණය වගේ බොහෝ කරුණු එහිදී කතා කළා. එතැනදී එක් නොකල මාතෘකාවක් තමයි Clutch වර්ග. Clutch ගැන කතාකළ තැනට මේ Clutch වර්ග එක් නොකළේ Clutch වර්ග ගණනාවක් තිබීමත්ය. මෙහිදී අප ඒ Clutch වර්ග ගැන අවබෝධයක් ලබාගමු. Clutch විවිධ ගුණ ඔස්සේ වර්ගීකරණය කළ හැකිය. පහත දැක්වෙන්නේ ලෝකයේ භාවිතවන තවත් Clutch වර්ග කිහිපයකි.  

  1. Friction Clutch
    1. Single plate clutch
    2. Multi-plate clutch
      1. Wet
      2. Dry
    3. Cone clutch
      1. External
      2. Internal
  2. Centrifugal Clutch
  3. Semi-centrifugal clutch
  4. Conical spring clutch or Diaphragm clutch
    1. Tapered finger type
    2. Crown spring type
  5. Positive clutch
    1. Dog clutch
    2. Spline Clutch
  6. Electromagnetic clutch
  7. Vacuum clutch
  8. Hydraulic clutch
  9. Overrunning clutch or freewheel unit

ඉහත Clutch වර්ග ගැන වෙනවෙනම සලකා බලමු.

  1. Friction Clutch

1.1. Single Plate Clutch

 Single plate clutch

වර්තමානයේ නිෂ්පාදනය කරන සැහැල්ලු මෝටර් රථ සඳහා බහුලව භාවිත කරයි. නමෙන්ම කියවෙන පරිදි මෙහි ඇත්තේ එක් clutch plate එකක් පමණි. Friction clutch මාදිලියට අයත් වෙන මෙය සාමාන්‍යයෙන් සෑම තැනකම දැකිය හැකිය.

1.2. Multi-plate Clutch

Multiplate clutch

මෙහි clutch plate කිහිපයක් දැකිය හැකිය. මෙහි ක්‍රියාකාරීත්වයේ මූලධර්මය Single-Plate Clutch වලට සමාන වෙයි. යතුරුපැදිවලට අමතරව heavy commercial vehicles හා Racing Cars සඳහා යොදා ගැනෙයි. multiple clutches වර්ග 2කි. ඒ,

1.2.1. තෙත් (Wet)

1.2.2. වියළි (Dry)

ලෙසයි.  තෙල් මධ්‍යක Clutch එක පිහිටනවානම් එය තෙත් ක්ලච් එකක් යනුවෙන්ද, වියලි මතුපිටක් නම් එය වියලි ක්ලච් එකක් ලෙසද සලකයි. යතුරුපැදි, ට්‍රැක්ටර්වල දක්නට මෙම Wet (තෙත්) Clutch දැකගත හැකිය. අනෙකුත් වාහනවල තිබෙන්නේ Dry Clutch ය.

1.3. Cone clutch

3. Cone Clutch

Clutch එකේ හැඩය නිසා මෙම නම ලැබී ඇත. මෙහි Male Cone හා Female Cone ලෙස කේතු ආකාර ප්‍රධාන කොටස් දෙකක් ඇත. Single Plate Clutchවල වෘත්තාකාර Friction Material තැටියක් දක්නට ලැබුනද මෙහිදී එසේ දක්නට ලැබෙන්නේ නැහැ. වෘත්තාකාර බඳුණක පිටත පෘෂ්ඨයයි Friction Material වලින් යුක්ත වන්නේ. එනම් Male Cone එකේ පිටත පෘෂ්ඨයයි. මෙම ක්‍රමයේ අවාසි කිහිපයක් නිසා වැඩි වශයෙන් භාවිතයට ගන්නේ නැහැ.

2. Centrifugal clutch

4. Centrifugal clutch

මෙය තරමක් විශේෂ Clutch වර්ගයක්. මෙහිදී කේන්ද්‍රපසාරී බලයෙන් ක්‍රියාකරයි. මෙම Clutch එක එන්ජිමේ වේගය අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි. මේ හේතුව නිසා මෙය ක්‍රියාකරවීමට Clutch Pedal එකක් අවශ්‍ය නොවෙයි. තවද රියැදුරුට ඕනෑම Gear එකකදී එන්ජිම ඇණහිටීමකින් තොරව වාහනය නැවැත්වීම පහසුවෙන් සිදුකළ හැකිය.

3. Semi-centrifugal clutch 

Clutch springs හා levers සමානව pressure plate එන මත සකසා තිබේ. ඉහළ බලයක් සහිත  එන්ජින් වලට හා  racing car එන්ජින්වලට මෙම Clutch යොදා ගැනෙයි.  මෙහෙයවීමට ඉතා පහසු මෙම Semi Centrifugal Clutch හි කේන්ද්‍රපසාරී බලය ක්‍රියාකරනුයේ torque එක සම්ප්‍රේෂණයට වැඩි එන්ජින් වේගයක් පමණක් අවශ්‍ය වීම වැනි අවාසි තත්ත්වද පවතියි.

4. Conical spring clutch හෝ Diaphragm clutch

6. Diaphragm clutch

Diaphragm කියූ සැනින් යම් අවබෝධයක් මේවනවිට තිබිය යුතුය. Clutch ගැන කතාකිරීමේදී අත්‍යඅව්‍යශ උපාංගයක් වූ Diaphragm Spring ගැන කතා කළා. මෙහිදී pressure plate එකට සම්බන්ධ වන Spring, finger හෝ crown ආකාර විය හැකිය. එන්ජින් බලය crankshaft එකේ සිට flywheel වෙත සම්ප්‍රේෂණය කරයි. එහි ඇති friction lining මගින් Clutch plate එක හා සම්බන්ධ වෙයි. Pressure plate එක Clutch plate එකට පිටුපසින් ස්ථානගතකර තිබේ. ඒ Pressure plate එක Clutch plate මත පීඩනය යොදන බැවිනි. රියැදුරුට Clutch Pedal එක මත ඉහළ බලයක් යොදිය යුතු නැත. එය මෙම ක්‍රමයේ ඇති එක් වාසියකි.

5. Positive clutch

  • Dog and spline clutch
7. Dog and spline clutch

Positive Clutch වර්ගයට අයත්වන මෙය Dog clutch හා spline clutch ලෙස ආකාර දෙකකි. මෙය භාවිත කරන්නේ Shaft දෙකක් හෝ Shaft – Gearbox ලොක් කිරීම සඳහාය. මෙහි ප්‍රධාන කොටස් දෙකකි. Dog Clutch හි Teeth (දැති) දැකගත හැකිය. Spline හි ඇති Sliding Sleeve තුළට Dog Clutch හි Teeth ඇතුළ් වීමෙන් Shaft දෙක ලොක් වීමක් සිදුවෙයි.  මෙහි ඇති වාසි ලෙස

  • Clutch, Slip වීමක් සිදුනොවෙයි
  • විශාල Torque එකක් සම්ප්‍රේෂණය කරයි.
  • Engagement හෝ Disengagement එකේදී තාපය නිපදවීමක් සිදුනොවෙයි.

එමෙන්ම, ඉහළ බලයක් සහිත එන්ජිම් සඳහා යෝග්‍ය නොවීම වැනි අවාසි තත්ත්වද පවතියි.

6. Electromagnetic Clutch

Electromagnetic Clutch

මෙය ක්‍රියාත්මක වන්නේ විද්‍යුත් බලයෙනි. නමුත් Torque එක සම්ප්‍රේෂණය වන්නේ යාන්ත්‍රිකවය. මේ නිසා මෙම මාදිලිය Electro-Mechanical Clutches ලෙසද හඳුන්වයි. ඒ මීට වසර කිහිපයකට පෙරයි. අද මෙය හඳුන්වන්නේ Electromagnetic Clutch නමිනි. මෙය බහුලව භාවිත කෙරුණේ remote operation සඳහාය. ලබාදෙන විද්‍යුත් ධාරාව චුම්භක ක්ෂේත්‍රයක් ඇති කරයි. Clutch එකේ rotor portion එක එයින් චුම්භකකරණය වී armature ආකර්ශණය කිරීමට Magnetic loop එකක් සාදයි. එහිදී armature ය, Rotor එකට එරෙහිව ඇද ගන්නා අතර එම ස්පර්ශයේදී ඝර්ෂණ බලයක් උත්පාදනය කරයි.

7. Vacuum clutch

Vacuum clutch

මෙම Clutch එක ක්‍රියාකිරීමට එන්ජින් manifold හි පවතින vacuum භාවිත කරයි. මෙය, reservoir, non-return valve, vacuum cylinder with piston, හා solenoid valve වලින් සමන්විත වෙයි.

8. Hydraulic Clutch

Hydraulic clutch

මෙය vacuum Clutch හි ක්‍රියාකාරීත්වයට සමාන වෙයි. මෙහි ප්‍රධානම වෙනස නම් hydraulic clutch ක්‍රියාත්මක වෙන්නේ Oil Pressure එකකිනි. අනෙකුත් Clutch මෙන් නොව මෙහිදී භාවිත වන කොටස් ඉතා අඩුය. එනම් මෙහිදී Accumulator, Control Valve, Cylinder with Piston, Pump හා Reservoir වැනි දෑ භාවිත වෙයි.

9. Freewheeling unit Clutches

Freewhel

මෙය බොහෝ දෙනෙකු හඳුනන්නේ  spring clutch, overrunning clutch, හෝ one-way clutch නමිනි. Freewheel Unit යනුවෙන් හඳුන්වන්නෙත් මෙයම තමයි. මෙය බොහෝ විට සවි කරනුයේ Gear box එකට පිටුපසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

පෙට්‍රල් හා වාතය මිශ්‍රකර දෙන Carburetor

යතුරුපැදියක්, වාහනයක් නැත්නම් කුඩා මැෂින් අලුත්වැඩියා කරන්නෙක් නම්ඔබ අනිවාර්යයෙන්ම Carbure…