ඔබට වාහනයක් තිබෙනවානම්, ඇතැම් විට හැරවීමේදී ටික් ටික් ශබ්දයක් අත්විඳ ඇත. එයට හේතුව Constant-velocity jointsවල ප්‍රශ්ණයකි. දන්න විදිහට කිව්වොත් CV joints එහෙම තැන්තම් homokinetic එකක් දාන්න කාලෙ හරි වේගෙන එන්නේ. ශබ්දය ප්‍රශ්නයක් නොවේනම් ධාවනය කරන්න පුළුවන්. නමුත් ලෙඩේ ඔඩුදුවන්න කලින් හැකි ඉක්මනටම ගැරජ් එකකට යන්න වග බලා ගත යුතුය.

cv boot repair 4 copy

CV joints එකකින් සිදුවන්නේ විවිධ කෝණවලින්, නියත භ්‍රමණ වේගයකින් අවම ඝර්ෂණයකින් drive shaft එකේ සිට රෝදවලට බලය ගෙනයෑමයි. Front wheel drive රථවල මෙය භාවිත වෙයි. නමුත් වර්තමානයේදී independent rear suspension සහිත rear wheel drive රථවලද දක්නට ලැබේ.

CV joint එකට හානි සිදුවීම

CV joint එක තිබෙන්නේ ග්‍රීස් පිරුනු රබර් බූට් එකක් ඇතුළේ ආරක්ෂා වෙලා. මේ නිසා CV joint එක ආරක්ෂා වෙන්න බූට් ආරක්ෂිතව තිබෙන්න අවශ්‍යයි. බොහෝ CV joint හි දෝෂ ඇතිවන්නේ බූට් එකට හානි වීමෙන්. එසේ හානිවීමෙන් ග්‍රීස් කාන්දුවීමත් කුණු දූවිලි ඇතුළට යාමත් හේතුවෙන් CV joint එකට හානි සිදුවෙයි. CV joint එකක් නිතර පරීක්ෂා සිදුකළ යුතු නොවෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් හෝ සැතපුම් 50,000කට වඩා වැඩි කාලයක් CV joint එකක් භාවිත කළ හැකිය.

cvj countertrack sx6 min copy e1623697356304

හානිය දැන ගැනීම?

වාහනය හරවනවිට “ටක ටක” ශබ්දයක් ඇසෙනවානම් ගෙවුනු සීවි ජොයින්ට් හඳුනාගැනීමට හැකි පහසුම පියවරයි. දකුණට කපන විට ටක ටක ශබ්දය  නැගෙන්නේනම් වම් පැත්තේ CV joint එකද, වමට කපන විට එම ශබ්දය නැගෙන්නේ නම් දකුණු පස CV joint එක හානි වී ඇත.

හානිය උග්‍රවූ විට වේගය වැඩි කරන විටද ටක ටක ශබ්දය හෝ වාහනය දෙපසට ගැස්සීමද සිදුවෙයි. තවද වේගය වැඩිකර එය අනතුරුදායක තත්ත්වයකි. ඔබට තහවුරු කර ගැනීමට රෝදය කුමන හෝ පැත්තට හරවා වාහනය පණගන්වා ගෑමේදී රෝද යේ වෙනසක් ඔබට අත්විඳිය හැකිය.

අලුත්වැඩියාව?

හානිය අඩු නම් CV joint එකේ බූට් ගලවා ග්‍රීස් යෙදිය හැකිය. CV joint දෙකම අලුතෙන් දැමීමේදී ටිකක් වියදම් අධිකයි.  ඇතැම් බාස්ලා එකක් පමණක් ගෙවී ඇත්නම් දෙකම දැමීමට යෝජනා කරනවා. ඉහත කියූ ආකාරයට CV joint එකක්ද දෙකම හානිවෙලාද යන්න ඔබට දැනගත හැකිය. CV joint අලුත්වැඩියාව පලපුරුදු බාස් කෙනෙකු ලවා සිදුකර ගත යුතුය. අදාල උපකරණ හා දැනුම තිබෙනවානම් නිවසේ සිට වුවද සිදුකරගත හැකිය. සමහර වාහනවලට අනුව CV joint එකේ layout එක වෙනස් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Octane 92 හා Octane 95 පෙට්‍රල් කියන්නේ මොනවද?

මේ දිනවල රටේ මිනිස්සු වැඩියෙන්ම දැවෙන්නේ ‘ඉන්ධන’ අර්බුදයෙන්. ඉන්ධන මිල ඉහළ යාම…