ජිවිතයත් මරණයත් අතර දෝලනය වන ලෝකයේ වඩාත් අවධානම් සහිත මෝටර් රථ තරගාවලිය ලෙස සැළකෙන Dakar මෝටර් රථ තරගාවලිය පසුගියදා නිමාවට පත් විය. ඒ සුපුරුදු පරිදි සවුදි අරාබියේදීය. පසුගිය දෙසැම්බර් 31 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය වෙනත් වසරවලට සාපේක්ෂව බොහෝ පිරිසකගේ අවධානය මෙවර දිනාගන්නට සමත් විය. 

Dakar Rally 2022 5

කොවිඩ් වසංගත තත්ත්වයත් ලෝකයම මුහුණ දී තිබුණ ආර්ථික අර්බුදයත් නිසාවෙන් පසුගිය වසර කිහිපයේදීම මෙම තරගාවලිය පිළිබඳව ක්‍රීඩාලෝලීන්ගේ අවධානය තරමක් අඩුව තිබුණි. කෙසේ වෙතත්, මෙවර එම තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වි තිබුණි. තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ක්‍රීඩාලෝලීන්ගේ අවධානය එක හා සමානව මෙම තරගාවලියට යොමුව තිබෙනු දක්නට ලැබුණි.

45 වැනි වරට පැවැත්වූ මෙවර Dakar Rallyයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය දරුණු ලැබුවේ Amaury Sport ආයතනයයි. දින 16ක් පුරාවට පැවැති මෙවර රැලිය අදියර 14ක් යටතේ පවත්වනු ලැබු අතර, ඊට එක්වූ ක්‍රීඩකයින් ප්‍රමාණය හයසිය පනහකට ආසන්නය. එමෙන්ම මෙවර තරගාවලියේදී පිරිනැමු මුදල් ත්‍යාග ප්‍රමාණයද අති විශාලය. පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන දිනූ ක්‍රීඩකයින්ට අමතරව තරගාවලියට සහභාගි වි සියලු ධාවකයින් වෙනුවෙන් අනුග්‍රාහකයනි විසින් මුදල් ත්‍යාග ලබාදී තිබුණ අතර, සෑම තරග අදියරයක් සඳහාද ඔවුන්ට ගිවිසුම්ගත මුදලක්ද පිරිනමන්ට කටයුතු කර තිබුණි.

Dakar Rally 2022 2

මෙවර තරගාවලියේ පළමු අදියරය යන්බු කාන්තාර භූමියේ ගල් අතුරා සකස්කර තිබෙන ධාවන පථයකදී ආරම්භ වූ අතර, අවසන් අදියරය වැලි කඳු සහිතව පිහිටා ඇති ධම්මාම් භූමියේදී නිමාවට පත් විය. පළමු අදියරය ආරම්භ පැය කිහිපයක් ගෙවෙද්දි මාරක අනතුරකට මුහුණ දුන් පසුගිය ඩකා යතුරුපැදි ලෝක ශූර සෑම් සැන්ඩර්න්ස් හෙලිකොප්ටරයක ආධාරයෙන් හදිසි ප්‍රතිකාර සදහා රෝහල්ගත කිරීමට සිදුවීම මෙවර තරගාවලියේදී කැපි පෙනුන සිදුවිමක් විය.

Dakar Rally 2022 3

2023 Dakar Rally යේ යතුරුපැදි අංශයේ ශූරතාවය දිනාගන්නට සමත් වූයේ හොඳම තරග නිමි කාලය වාර්තා කළ ආජන්ටිනාවේ කෙවින් බෙනාවිඩ්ස්ය. රෝද හතරේ යතුරුපැදි අංශයේ (Quads) ශූරයා වන්නට මෙවර සමත්ව තිබුණේ ප්‍රංශයේ ඇලෙක්සැන්ඩර් ගිරූඩ්ය. වසර කිහිපයක් තිස්සේ Dakar Rally යේ පෙරළිකාර මෝටර් රථ ධාවකයෙකු වූ කටාර් හි නසාර් අල්-අතියා මෝටර් රථ අංශයේ ශූරයා වන්නට මෙවර විය. ට්‍රක් රථ අංශයේ ශූරතාවයට හිමිකම් කිවේ නෙදර්ලන්තයේ ජානුස් වැන් කැස්ටරන්ය. තවත් අදියර කිහිපයක් සඳහා මෙවර ත්‍යාග හා මුදල් ත්‍යාග  පිරිනමන්නට කටයුතු කර තිබුණි.

Dakar Rally 2022 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ATV RACING ඇතුළු LAKE CROSS 2023  

Nuwara Eliya Lake Cross – 2023 පසුගියදා (16දා) නුවරඑළිය Hill Climb Motor Track හිදී …