වාහනයක් කියන්නේ සමහරුන්ට සිහිනයක්, තවත් සමහරුන්ට ජීවිතයම. එක එක අයට තියෙන්නේ එක එක ආශාවන්. මෙවැනි එක සමාන ආශාවන් තියෙන කිහිප දෙනෙක් එකතු වුණවිට එය කොතරම් අපූරු සමූහයක්ද? අන්න ඒ වගේ තමයි එක සමාන වාහන ආශාවන් තිබෙන අයත්. ඔවුන් ඒකට ආධ්‍යාත්මයෙන්ම එකතු වෙලා ඉන්නේ. අද කතා කරමු එහෙම එකතුවන වාහන සමාජ ගැන.

Facebook Club 9

වර්තමානයේදී වාහන Club එකක් නිර්මාණය වෙන්නේ සමාජ මාධ්‍ය හරහාය. ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හරහා. තමන්ට සමාන සිතුම් පැතුම් ඇති, වාහනවලට කැමති පුද්ගලයන් එකතු කර ගනිමින් නිර්මාණය කර ගන්නා මෙම Facebook Group අද වනවිට බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඒ අනුවසාමාජිකයන් විශාල ගණනක් සිටිනදිනපතා යාවත්කාලීන වෙන කාර් සංගම් පිටු දහ – පහළොවක් පමණ තිබේ. ඒ සංගම්වලට බැඳෙන්නේ ඒ ඒ වර්ගවල කාර්වලට ආදරේ කරන අයයි. කාර් රථයක් මිලදී ගන්නට කලින් එහි ගුණදොස් ගැන දැනගන්නත්, මිලදී ගත් පසුව පොදු අත්දැකීම් බෙදාගන්නත් මේ කාර් සාමූහිකවලින් ලැබෙන්නේ අපූරු සහයෝගයක්.

Honda Club, VagonR owners club, Classic car club of Ceylon, Mighty mini club, Italian car lovers club, Old car lovers club, Corolla KE10 to KE55 club යන්න ඉන් කිහිපයකි. මෙවැනි පරණ Club නිර්මාණය කරන්නේ හුදෙක්ම විනෝදය සඳහාය. පසුව එය දැනුම බෙදා ගැනීම දක්වා වර්ධනය වෙයි. ඉන් ඔබ්බට යමින් එමClub එක මගින් සිය Meetup ද සංවිධානය කරනු ලබයි. එහිදී එවැනි මෝටර් රථ වලට කැමති පුද්ගලයන්ට එක්වීමේ මං පෙත් විවිර කර දීමක්ද සිදුවෙයි.

Facebook Club 7

තවත් සමහරුන් මෙසේ Group එකක් නිර්මාණය කරන්නේ තමන්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටයි. පසුව එය වර්ධනය වී Club එකක් නිර්මාණය කර ගනු ලබයි. ඉතින් මෙසේ නිර්මාණය කර ගත් Club ජාත්‍යන්තර මට්ටමට පවා ගිය අවස්ථාද නැතුවම නොවෙයි. මෙම Club මගින් සංවිධානය කරන Meetups, රැළි වැනි විවිධ උත්සව මගින් සමාජයේ මිනිසුන් කෙරෙහි වාහන ආශාව ඇතිකරනු නොඅනුමානය.

මෙවැනි වාහන Club වලට එකතු වෙන්නේ සමාජයේ උසස් නිලතල දරණ පුද්ගලයන් විය හැක. වාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් වෙන්ව පුළුවන්. ඉන් පරිබාහිර වෙනත් ක්ෂේත්‍රයක වාහනවලට කැමති පුද්ගලයන් වෙන්න පුළුවන්.  නමුත් ඔවුන් මේ Club එක තුළ වාහන ලෝලියෙක් පමණයි. මේ නිසා Club එක තුළ ඕනම කෙනෙක්ට සිදුවන ගැටලුවකට කාගෙ ලග හෝ පිළිතුරක් තිබේ. නැත්නම් ‍එය සොයාගන්න හරි උපදෙස් ලැබෙයි.

Facebook Club 10

මේ වගේ ‍Facebook ක්ලබ් කාරයෝ නිසා වාහනවල වටිනාකම වැඩිවෙයි. වාහන පිළිබඳ උනන්දුව ඇතිවෙයි. එය හොඳ ප්‍රවණතාවක්. නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට හොඳ තෝතැන්නක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

බස් ස්ටිකර් කලාවේ මහගෙදර ‘අනුර ඇඩ්වර්ටයිසින්’

ස්ටිකර්වලින් ලස්සනට හැඩවැඩ කරලා තියෙන බස් එකක් පාරේ යනවිට දෙපාරක් වගේ හැරිලා බැලෙනවා. බස් …