සිනමා ලෝලීන් පුලපුලා බලා සිටි අලුත්ම සුපිරි ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටයක් තවත් නොබෝ දිනකින් ලෝකය පුරා ප්‍රදර්ශනය වීමට සූදානම් කර තිබේ. ඒ Fast & Furious චිත්‍රපට මාලාවේ දසවැනි නිර්මාණය වූ Fast X චිත්‍රපටයයි. සුපිරි හොලිවුඩ් තරු රැසකගේ රංගනයෙන් හැඩවුණ මෙම චිත්‍රපටය මේ වසරේ ඉහළම සාර්ථකත්වයක් හිමිකර ගනු ඇතැයි බොහෝ දෙනෙකු දැනටමත් මත පළ කර තිබෙන චිත්‍රපටයක්ද වෙයි.

සුපුරුදු පරිදි මෙහි වීරයාගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු Vin Diesel ය. එමෙන්ම Fast X චිත්‍රපටයේ දුෂ්ට චරිතයට පණ පොවන්නේද Vin Diesel තරම්ම වර්තමානය වන විට හොලිවුඩයේ ජනප්‍රිය වී ඇති Jason Momoa ය. ඔවුන්ට අමතරව Jason Statham, John Cena, Michelle Rodriguez, Nathalie Emmanuel, Brie Larson, Charlize Theron, Helen Mirren, Scott Eastwood යන සිනමාලෝලීන් වඩාත් ආදරය කරන තරු රැසක්ද මීට රංගනයෙන් දායකව සිටිම විශේෂත්වයකි.

Fast & Furious චිත්‍රපට මාලාවේ ඉහළම නිෂ්පාදිත පිරිවැයක් දරා නිර්මාණය කරනු ලැබු චිත්‍රපටය ලෙසද මෙය ඉතිහාස ගත වෙන අතර, Fast X සඳහා වියදම් කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 340ක් බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, අවසන් වරට නිර්මාණය කළ Fast & Furious චිත්‍රපට ඉහළ සාර්ථකත්වයක් හිමි කරගත් නිසාම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් මෙම චිත්‍රපටයට මෙවැනි විශාල මුදලක් වියදම් කරන්නට කටයුතු කළ බව සඳහන් වෙයි.

Fast X Testrun

චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ මීට පෙර ප්‍රදර්ශනය වූ Fast & Furious කතා මාලාවක සිදු වු සිදුවීමක් අලලාය. 2011 වසරේදී ප්‍රදර්ශනය වූ Fast Five චිත්‍රපටයේදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ සිදුවු ගැටුමකින් අනතුරට ලක් වූ මත්ද්‍රව්‍ය අධිපති Hernan Reyes ගේ පුත්‍රයා Dante Reyes (Jason Momoa) මෙවර ඩොම්නික් ටොරිටෝ ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන සතුරා බවට පත්වෙයි. Danteට සහය දක්වන තවත් කිහිපදෙනෙකු සිටින අතර, පසුගිය Fast & Furious චිත්‍රපටවල ඩොම්නික්ගේ කණ්ඩායම්වලට තර්ජනයක් වූ සයිෆර් (Charlize Theron) ඉන් ප්‍රධාන වෙයි. 

Fast Five චිත්‍රපටයේදී වූ ගැටුමෙන් අහිමි වූ සිය ධනස්කන්දයට එරෙහිව පළිගන්නට Dante කටයුතු කරන අතර, ඔහු බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරය විනාශ කරන්නට අධි බලැති බෝම්බයක් පුපුරා හරින්නට කටයුතු කරයි. ඩොම්නික් ඇතුළු කණ්ඩායම එය නිශ්කීය කරන්නට විශාල වෙහෙසක් ගන්නා නමුදු, එය පුපුරා විනාශ වෙයි. ත්‍රාසයෙන් කුතුහලයෙන් පිරුණු අවසානයක ආරම්භය සනිටුවහන් වන්නේ ඉන් පසු ඇරඹෙන දර්ශනවලය.

Fast X Testrun 2

නවින තාක්ෂණය යොදා ප්‍රේක්ෂකයාට සැබැම ක්‍රියාදාම චිත්‍රපටයක රසාස්වාදයක අත්දැකිම් මෙම චිත්‍රපටය තුළින් අත්විඳින්නට ප්‍රේක්ෂකයාට ලැබෙන අතර, චිත්‍රපටයේ ප්‍රචාරක පට කිහිපය ඔබ නැරඹුවේ නම් ඒ අත්දැකිමෙන් කොටසක් ඔබට දකින්නට හැකිය. මේ නිසාම මෙවර Fast X චිත්‍රපටය ඉහළ සාර්ථකත්වයක් ලබාගනු ඇතැයිද විශ්වාස කළ හැකිය.

එමෙන්ම චිත්‍රපටය සඳහා එක් කරගෙන ඇති නළුනිළියන් පිරිසද චිත්‍රපටයට වැඩි ආකාර්ශණයක් ලබා දීමට සමත්ව තිබේ. විශේෂත්වය වන්නේ Aquaman (Jason Momoa) හා Captain Marvel (Brie Larson) මෙන්ම විනෝදාත්මක මල්ලවපොර පිටියේ සුපිරි චරිතයක් (John Cena) ලෙස ලෝකයේම ආදරය දිනාගත් තරුද මෙම චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතවලට පණ පෙවීමය. මැයි 19 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන Fast X චිත්‍රපටය ලෝකයේ වැඩිම පිරිසකගේ අවදානය දැනටමත් දිනාගන ඇති චිත්‍රපටයක් වනු ඇති බව අපගේද අදහස වෙයි.

Fast X Testrun 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

2022 ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ ලාංකේය සංනාමය සනිටුහන් කළ වාහන නිෂ්පාදන 

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී  පැවැති ‘2022 ජාතික කර්මාන්ත ප්‍රද…