චීනයේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන NIO විසින් හඳුන්වාදෙන රථයක් තමයි Nio es8 කියන්නේ. all-electric රථයක් වන මෙය ආසන 6-7කින් යුක්ත full-sized SUV මාදිලියේ රථයකි. ශ්‍රී ලංකාව තුළ දැකගන්නට නොලැබෙන මෙය 2018 වසරේ ජුනි මාසයේ සිට චීන වෙළෙඳ පොළටත්, 2021 සැප්තැම්බර් 30 වැනිදා නෝර්වේ හිදිත් හඳුන්වා දෙනු ලැබිණි.

NIO ES8 3

Nio es8 යන නම අර්ථ පූර්ණය කළ විට E – Electric හා S – SUV ලෙසත් 8න් model range එකත් නිරූපනය වෙයි. සාමාන්‍යයෙන් විද්‍යුත් මෝටර් රථයක ප්‍රධාන ගැටලුවක් වූ අතරමගදී Charge කිරීමට බලාසිටීම මෙම රථයෙන් විසඳා ඇති බව නිෂ්පාදකයන් සඳහන් කරයි. එනම් අදාල Charging Station එකෙන් බැටරිය මාරු කිරීමේ හැකියාව උදා කර දී තිබේ.

  • ආරෝපනයකින් ගමන් කළ හැකි දුර: 580km (NEDC *)
  • 0-100km/h : තත්ත්පර 4.9
  • Class-leading wheelbase: 3,010mm

5-Star Safety Standard

Full-Aluminum Body එකකින් සමන්විත අතර ලොව වැඩිම Aluminum Rate  එකකින් නිපදවන රථය බවට මෙය පත්වී තිබෙන බව වාර්තා වෙයි. ඒ වගේම Active Safety Options 25කින් සමන්විත වෙයි.

  • Aluminum application rate: 96.4%
  • Vehicle torsional stiffness: 44,140N·m/degree

NIO ES8 5

Extreme performance from the track

ES8 රථයේ කල්පවතින Magnet Motor එකක්ද, 440 kW ක උපරිම Power output එකක්ද යුක්ත වෙයි. පැයට කිලෝමීටර් 0-100 දක්වා ත්වරණයක් ලබාගැනීමට රථයට ගත වන්නේ තත්ත්පර 4.9ක් වැනි කාලයකි. Active air suspension හා Brembo four piston brake calipers ඉහළ ක්‍රියාකාරීත්වයක් රථයට එක් කරයි.

  • Maximum Power Output: 400kW
  • Maximum torque: 725N·m
  • Driving modes: 5
  • Braking distance: 33.8m

Luxury at your fingertips

අඟල් 9.8ක Super thin-edge digital dashboard එකකිද, අඟල් 11.3ක Multi-touch Center Screen එකකින්ද, NOMI Mate 2.0 ස්ථාපිත, වාහනයකට ප්‍රථමවරට එක්කරන ලද Full Round AMOLED display එකකින්ද සමන්විත වෙයි.

NIO ES8 4

තවද, Microfiber headliner හා Nappa leather wrapping, 10-color ambient lighting මෙන්ම Smart fragrance system එකකින්ද සමන්විත වන නිසා සුඛෝපභෝගී නිමැවුමක් ලබා දෙයි.

ඉදිරිපස හා පසුපස ආසන Heater වලින් සමන්විත වෙයි. ඒවගේම Steering Wheel එකද Heat වීමක් සිදුවන අතර අධික ශීත කාලවලදී එය බහුල ලෙස උපකාරී වෙයි. ඒ වගේම ඉදිරිපස ආසන Cooling Ventilation විශේෂාංගයෙන්ද, ස්වයංක්‍රීයව පාලනය වන 3-Zone Climate Control වලින්ද යුක්ද වෙයි.

NIO ES8 7
NIO ES8 9

Futuristic Exterior Design

ES8 රථයේ signature X-bar design එකකින් හා LED heartbeat taillight එක NIO පවුලේ සාම්ප්‍රධායකත්වය ආරක්ෂා කරමින් අනාගතයට ගැලපෙන සේ නිර්මාණය කර තිබේ. රථය වටේ chrome-plating හා floating roof design එකින් යුක්ත වෙයි. 924mm ultra long center high mount stop light (CHMSL) එකකින්ද රථය අලංකාර කර තිබේ.

Hello Beautiful Sky

රථයේ කැපී පෙනෙන අංගයක් ලෙස 0.8㎡ extra large openable panoramic Webasto sunroof එක හඳුන්වන්න පුළුවන්. එහි ඇති laminated glass එක මගින් ශබ්දය 83% ක්ද, අධෝරක්ත කිරණ 99.9%ක් රථය අභ්‍යන්තරය ආරක්ෂා කර දෙයි.

NIO ES8 8

Storage space

Flexible storage space එකක් සහිත මෙම රථය 310 L, 871 L, හා 1901 L ලෙස ආකාර 3කින්  storage space එක සකසා ගත හැකිය.

Intelligent driving control

Cloud computing platform, Voice interaction technology හා  NOMI Mate 2.0 වැනි විශේෂාංග වලින් යුක්ත වෙයි. තවද, in-house developed NIO Pilot,  Mobileye EyeQ4, boasts over 20 driver assistance විශේෂාංගයන්ගෙන්ද, firmware-over-the-air updates සඳහා සහාය දක්වයි.

මෙය ඇමෙරිකානු ඩොලර් 59,463ක ආරම්භක මිලකට මිලදී ගත හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne

Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…