පිෂ්ටන් සිලින්ඩර් වැනි ආයිත්තම් හැරුණු විට එන්ජින් ආකෘතිය ප්‍රධාන කොටස් 2කින් යුක්ත වෙනවා. එහි විශාලම කොටස Engine Block එක වන අතර ඊට ඉහළින් පිහිටන කොටස Cylinder head එක ලෙස හඳුන්වනවා. අද අපි කියන්න යන්නේ මෙන්න මේ දෙක මැදිකර ගෙන පිහිටන ආයිත්තම පිළිබඳවයි. එනම් Head gasket ගැනයි. මොකක්ද මේ Head gasket කියන්නේ, ඒක ගෙවී ඇතිදැයි සොයාගන්නා ආකාරය පිළිබඳ සොයා බලමු.
Engine Block එක හා Cylinder head එක සම්බන්ධවන තැන අතරමැදි පිරවුම වන්නේ Head gasket එකයි. මෙයින් සිදුවන කාර්යයන්
- Engine Block එක හා Cylinder head එක seal කිරීම
- සිලින්ඩර් තුළ ඇති පීඩනය පවත්වා ගැනීම
- එන්ජින් ඔයිල්, සිසිලනකාරක (coolant) සිලින්ඩර් තුළට කාන්දු වීම වැළැක්වීම

Head gasket වර්ග
- Multi-Layer Steel (MLS):
වර්තමානයේ බොහෝ එන්ජින්වල දක්නට ලැබේ. MLS gasket ලෙසද හඳුන්වන අතර ලෝහ, වැඩිදියුණු කළ රබර් වැනි අමුද්‍රව්‍ය ස්ථර 2-5 අතර ප්‍රමාණයකින් යුක්ත වෙයි.
- Solid copper:
O-ringing නමින් හඳුන්වන මෙහි තඹ sheet එකක් දැකගත හැකිය. මෙය ඉතා ශක්තිමත් වන අතර දිගු කාලයක් භාවිත කළ හැකිය.
- Composite:
මෙය ටිකක් පැරණි ක්‍රමවේදයකි. ඇස්බැස්ටෝස් හා ග්‍රැෆයිට් වලින් නිර්මාණය කර අතර, ඇස්බැස්ටෝස් හේතුවෙන් සෞඛ්‍යට එතරම් සුදුසු නොවනු ඇත.
- Elastomeric:
Steel core plate එකක් සහිත silicone rubber beads වලින් සමන්විත මෙය සාම්ප්‍රදායික ආකාරයට rolled steel fire rings වලින් Seal කරනු ලබයි. මෙය Rover K-series engine සඳහා භාවිත කළේය.
- O-ring:
Steel හෝ copper වලින් නිර්මානය කරනු ලබයි.
හානි වීම
එන්ජිමේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් gasket පිලිස්සී යෑම සිදුවිය හැකිය. අනතුරුව ඒ අතරින් එන්ජින් ඔයිල්, සිසිලන කාරක කාන්දුවිය හැකිය.
Blown head gasket

ඉහත සඳහන් කළ ආකාරයට පිළිස්සී ගිය gasket වලින් සිසිලනකාරන හා දහනය වන වායු කාන්දුවිය හැකිය. මෙසේ කාන්දු වන අවස්ථාවේදී gasket හඳුන්වනු ලබන්නේ Blown head gasket නමිනි.


හානි වීමේ ප්‍රතිඵල
- එන්ජින් ඔයිල් අපවිත්‍ර වීම
- Catalytic Converter එකට හානි සිදුවීම
- එන්ජිම අධික ලෙස රත්වීම
- රේඩියේටරයට හානිවීම
- එන්ජිමට හානි සිදුවීම
Gasket හානි වූවාදැයි දැනගැනීම
Gasket වලට හානි සිදුවී ඇතිදැයි දැන ගැනීමට ප්‍රධාන පුරෝකථන කිහිපයක් දැක්විය හැකිය. නමුත් මෙය වෙනත් හේතු නිසාද ඇතිවීමේ ඉඩකඩ ඇතිය. මනා අවබෝධයෙන් සිටීමෙන් හා පරීක්ෂාවෙන් අදාල දෝෂය දැනගත හැකිය.



- සයිලන්සර්වලින් සුදු දුම පිටවීම
- රේඩියේටර් එකේ reservoir ටැංකියේ බුබුළු නැගීම
- සයිලන්සරයෙන් ජලය පැමිණීම
- එන්ජින් ඔයිල්වල වර්ණය වෙනස් වීම (සුදු පැහැයක් මිශ්‍රවීම)
- එන්ජිම අධික ලෙස රත්වීම
- රේඩියේටරයේ සිසිලනකාරක සෑම විටම අඩුවීම
මෙන්න මෙවැනි කරුණු මගින් gasket වලට හානි වී ඇතිදැයි සොයා ගත හැකිය. එය ඉක්මනින් ප්‍රතිකාර නොකරන්නේ නම් වියදම් අධික වැඩක් බවට ඉදිරියේදී පත්වනු ඇත. සිසිලනකාරක සෑම විටම පරීක්ෂා කර අඩු පුරවා ගැනීම, රේඩියේටරය හොඳ තත්ත්වයේ පවතීදැයි සොයා බැලීම, Heat එක පිළිබඳ නිතර සැලකිල්ලෙන් ධාවනය කරන්නේ නම් එන්ජිමේ රත්වීම අඩු කර ගත හැකිය. එමගින් gasket වලට සිදුවන හානියද අවම කර ගත හැකි වෙයි. උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වන්නේ නම් කාර්මිකයෙකුගේ සහාය පැතීමට දෙවරක් නොසිතන්න.
සුළු කොට නොතැකිය යුතු Wheel Alignment
වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහන…