හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාකරන යතුරුපැදියක් පිළිබඳ තොරුතුරු පසුගියදා වාර්තා වුණා. Hydra නමින් හඳුන්වන මෙම යතුරුපැදිය අනෙක් යතුරුපැදි මාදිලිවලට වඩා රළු බවක් ගන්නා අතර, යතුරුපැදි ක්ෂේත්‍රයේ අනාගතය තීරණය කරන සංධිෂ්ථානයක් ලෙස සැලකිය හැකිය.

KISKA Design හි කීර්තිමත් නිෂ්පාදකයන් කිහිපදෙනෙකු වන Anton Brousseau, Andre Taylforth, හා Anton Guzhov විසින් මෙහි අදහස හා නිපැයුම ඉදිරිපත් කර තිබේ. මෙහි මූලික හැඩය ඩිසයින් කිරීම සඳහා නිෂ්පාදකයන් විසින් Blender 3D, Open-Source Computer Graphics Software මෙන්ම VR, Visual Effects, 3D Modelingද යොදා ගෙන තිබේ.
Hydra AAA01 ලෙස නම් කර ඇති හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාකරන මෙම අලුත්ම යතුරුපැදිය සඳහා Lithium-ion Batteries භාවිත නොකරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙයින් විමෝචනය වෙන්නෙත් කුඩා තාපයක් හා ජලය පමණයි. Hydrogen Cells පිටුපසින් හා ආසනය යටින් Final-Drive Electric Motor Cantilever එක පිහිටා තිබේ. එයින් උත්පාදනය කරන බලය හයිඩ්‍රජන් ඉන්ධන කෝෂයට බලය ලබා දෙන අතර එමඟින් මෝටරය ක්‍රියාත්මක වීමට අවශ්‍ය විදුලිය බලය ඇති කරයි.




Yamaha හා Kawasaki යතුරුපැදි සමාගම්ද හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි නිෂ්පාදනය සඳහා මීට පෙර වසරවලදී උත්සහ කර තිබෙන බවත් වාර්තා වෙයි.
Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…