Hyundai මෝටර් රථ සමාගම විසින් පසුගිය දා විශේෂ තාක්ෂණයකින් යුත් රථයක Testrun එකක් සිදුකළා. සාමාන්‍යයෙන් මෝටර් රථයක් Parking කිරීමේදී, හැරවීමේදී, වාහන ඉස්සර කිරීමේදී සිදුවන අපහසුතා මග හරවා ගැනීමට මෙයින් හැකි වෙයි. Crab walk ලෙස සැලකෙන මෙම විශේෂාංගය හරහා සිදුවන්නේ රෝද අංශක 90කට තනි තනිව කරකැවිය හැකි වීමයි. 

Hyundai e Corner System testrun 5

e-Corner System ලෙස හඳුන්වන මෙම තාක්ෂණයේදී සිදුවන්නේ රෝද 4ම හෝ රෝද යුගල ලෙස වෙනවෙනවම කරකැවීමට හැකි වීමයි. වාහන දෙකක් මැදින් Park (Parallel Park) කිරීමට අවශ්‍යනම් Crab Walk Option එක හරහා රෝද කරකැවීම මගින් කකුළුවෙකු මෙන් තිරස් අතර රථය ධාවනය වීම සිදු වෙයි. ඒ වගේම වාහනය හැරවීමට අවශ්‍ය නම්, පිටුපස රෝද දෙක පමණක් හැරවීමෙන් එක තැන වාහනය කරකවා හරවා ගත හැකිය.

Crab-Walking Technology එක Hyundai e-Corner System එකත් එක්ක අලුතින් එන තාක්ෂණයක් නෙමෙයි. 2020දී GMC සමාගමේ නවතම Hummer model එකටද අන්තර්ගත කර තිබේ. 2021 දී Hyundai සමාගම දුර පළාත්වලට හා අඟහරු මෙහෙයුම් සඳහා ‘Walking Car’ හඳුන්වා දුන්නේය. එය TIGER ලෙස හඳුන්වන විද්‍යා ගවේශණ කටයුතු, ඖෂධ හා ආහාර ප්‍රවාහනය කරන Autonomous Vehicle එකකි.

වැඩිදියුණු කළ e-Corner System එක ගැන Hyundai Mobis පසුගියදා එළිදැක්වූ Video එකෙහි අන්තර් ගත විය. එහි දැක්වූ ආකාරයට Hyundai Ioniq 5 රථය සමඟ සන්නද්ධ කර ඇති මෙම e-Corner System එක Hyundai Mobis හඳුන්වන්නේ Crab Driving යන නමිනි. මෙම තාක්ෂණයත් සමඟ රෝද හැසිරවිය හැකි ආකාර අනුව කොටස් කිහිපයකි.

Hyundai e Corner System testrun 2

Crab Driving

Crab Driving 1

මෙහිදී වන්නේ මෝටර් රථයට සමාන්තරව ඇති Parking Space එකක වාහන දෙකක් මැදින් මෝටර් රථය තිබෙන ඉරියවුවෙන්ම Parking කරන්න අවශ්‍ය වූ විට තනිතනි රෝදය වශයෙන් රෝද 4ම අංශක 90කට කරකැවී තිරස් ගමනක් ලබාදීමයි.

Zero turn

Zero Turn 1 1

මෝටර් රථය නැවත හැරවීමට ඉඩක් නොමැති ස්ථානවල e-Corner System එක මගින් රෝද 4ම අදාල ආනතියකට කරකැවීම සිදුවෙයි. පසුව ධාවනය කිරීමේදී මෝටර් රථය එකතැන කරකැවෙන අතර හැරවීමට විශාල ඉඩකඩක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ වාහනයේ දිගට සරිලන විශ්කම්භයකින් යුත් වෘත්තාකාර ප්‍රදේශයක් පමණි.

Pivot Turn

Pivot Turn 1

Crab Driving වලදී තිබූ Parking අවශ්‍යතාවයම ඇති, නමුත් වාහනය තිරස්ව Parking කිරීමට අවශ්‍ය විට මෙම ක්‍රමය භාවිත කරයි. මෙහිදී වන්නේ පිටුපස රෝද දෙක පමණක් හැරවෙන අතර, ඉන්පසු ධාවනය කිරීමේදී රථය ඉදිරිපස රෝද දෙක කේන්ද්‍රය කරගනිමින් පිටුපස කොටස කරකැවීමයි. අදාල පිහිටුමට පැමිණි පසු සාමාන්‍ය මට්ටමට රෝද පත්කර Parking කිරීම සිදු කරයි.

Diagonal Driving

Diagonal Driving 1

මෙය භාවිත වන්නේ මාර්ගයක වාහන ඉස්සර කිරීමට යෑමේදීය. එනම් ඉස්සර කිරීමට අවශ්‍යනම් රෝද 4 උචිත ආනතියට කර කැවෙන අතර, පහසුවෙන් වාහන ඉස්සර කර යා හැකි වීමයි. මෙම තාක්ෂණය GMC Hummer EV රථ සඳහාද මීට පෙර සැලකිය යුතු මට්ටමෙන් එක් කර තිබිණි.

Crab Driving, Zero Turn, Pivot Turn හා Diagonal Driving යන අංගවලින් සමන්විත e-Corner System එක සහිත වාහන වෙළෙඳ පොළට නිකුත් කරන දිනයක් තවමත් හෙළිදරවු කර නොමැත.

Hyundai Mobis

Hyundai MOBIS

ලෝකයේ පිළිගත් මෝටර් රථ කොටස් නිෂ්පාදන සමාගමක් ලෙස Hyundai MOBIS සැළකෙයි. විශේෂයෙන්ම මේ හරහා Autonomous Driving, Connectivity හා Electrification Solutions වැනි අංග කෙරෙහි අවධානය යොමු වෙයි. මෙහි නිෂ්පාදනය කරන Automotive Parts key parts; Chassis modules, Cockpit modules හා Front-end modules ලෙස ප්‍රධාන අංග 3ක් ඔස්සේ සිදුවෙයි. ඒ වගේම after-sales service එකක්ද මේ සමාගම සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…