Cherry Automotive Group විසින් සිය නවතම T-X concept එකක් එළි දක්වා තිබේ. Jetour සන්නාමය යටතේ Traveller නමින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම්වන මෙය Cherry සමාගමේ මුල්ම Hardcore SUV රථය ලෙස සැලකෙයි. මෙම SUV රථය Plug-in Hybrid Powertrains එකකින් යුක්ත වෙයි.

Tank 300 රථයේ ආභාෂය ආරූඪකරගත් මෙම Hardcore SUV රථය සැබැවින්ම ආකර්ෂණීය පෙනුමකින් යුක්ත වෙයි. Off-road මෝටර් රථ සඳහා යෝග්‍ය මෙම රථය Ford Bronco, Land Rover Defender, Kia EV9 යන මෝටර් රථ සඳහා සමානකමක් දක්වයි. මෙම රථයේ design එකේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය නිර්මාණය කර තිබෙන්නේ Porsche මෝටර් රථ සමාගමේ Porsche Cayman හා 918 Spyder මෝටර්රථ ව්‍යාපෘති සඳහා දායක වූ හිටපු Designer කෙනෙකු වූ Hakan Saracoglu විසිනි.
Jetour SUV මෝටර් රථය wheelbase එක අනුව මාදිලි දෙකකින් වෙළෙඳ පොළට නිකුත් කරයි. Short wheelbase සහිත රථය ආසන 5කින් හා Long-wheelbase මාදිලිය ආසන 7කින් යුක්ත වෙයි. තවද, 1.5-liter, 1.6-liter, and 2.0-liter Turbo engines ලෙස Engines අනුවත් මාදිලි කිහිපයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙයි.

8-Speed automatic හෝ 7-Speed dual-clutch Gearbox Transmission පද්ධතියකින් සන්නද්ධ අතර එය powertrain එක අනුව වෙනස් වෙයි. එනම්, 1.6T+7-Speed dual-clutch gearbox හා 2.0T+8-Speed automatic gearbox ලෙසයි. Plug-in hybrid මාදිලිය සඳහා 1.5-liter turbocharged එන්ජිමක් හා electric motor භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. ඒ වගේම සෑම මාදිලියක්ම four-wheel drive වනු ඇත.
මෙම SUV රථය යුවාන් 149,800ක් වැනි මුදලකට එනම් ඇ.ඩො.21,500කට පමණ ආරම්භක මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙයි. Hybrid models එක යුවාන් 196,800 – 206,800 අතර මුදලකට එනම් ඇ.ඩො. 28,336 – 29,776 අතර මුදලකට අලෙවි කරනු ඇත. මෙහි සම්පූර්ණ තාක්ෂණික විස්තරය හෙට (මාර්තු 1දා) නිකුත් කිරීමට එම සමාගම සැරසෙයි.
Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…