පාරේ අතරමගදී වාහනයේ බැටරියේ ආරෝපනය නොමැති වූ විට ඔබ කරන්නේ කුමක්ද? එවිට කළයුතු පහසුම දේ තමයි වෙනත් වාහනයකින් ඔබේ වාහනයේ බැටරිය ආරෝපනය කිරීම. මෙම ක්‍රමය හඳුන්වන්නේ Jump Start නමිනි. එය සිදුකරන ආකාරය පියවර 7කින් පහත දැක්වෙයි.

1.ඔබේ වාහනය හා ආරෝපිත බැටරියක් සහිත අනෙක් වාහනය මුහුණට මුහුණ ළං කර නවත්වන්න.

1

2. Automatic transmission සහිත වාහනයක් නම් Park Mode එකේද, Manual transmissionවාහනයක් නම් Neutral එකට දමා parking brake හෝ hand brake යොදන්න.

2

3. Jumper Cables එක ගෙන එක් කොනක් වාහනයේ බැටරියේ ධන අග්‍රයටද එම කේබල් එකේ අනෙක් කොන අනෙක් වාහනයේ ධන අග්‍රයටම සවි කරන්න. කේබල් එක රතු හා කළු වර්ණවලින් යුක්ත අතර සාමාන්‍යයෙන් ධන අග්‍රය රතු කේබල් එකෙන් සම්බන්ධ කරනු ලබයි.

3

4. Jumper Cables හි කලු කේබල් එකේ හොඳ බැටරියේ ඍණ අග්‍රයට සවිකරන්න. අනෙක් කෙලවර ඔබේ වාහනයේ (බැහැපු බැටරිය සහිත) තීන්න ආලේප නොකල ලෝහ කොටසකට (Engine Block හෝ චැසියට) සවි කරන්න.

4

5. Jumper Cables සවිකර සාමාන්‍යයෙන් විනාඩි 3ක් පමණ මුකුත් නොකර තබන්න. පසුව අලුත් බැටරිය සහිත වාහනය (ඔබේ වාහනය නොව) පණ ගන්වා විනාඩියක් පමණ තබන්න. gas pedal එකද සෙමින් දෙන්න.

55

6. දැන් ඔබේ වාහනය එනම් බැහැපු බැටරිය සහිත වාහනය පණගන්වන්න උත්සහ කරන්න. කිහිපවරක් උත්සහ කළ යුතුය. එවිට ඔබේ වාහනය පණ ගැන්වෙනු ඇත. නැත්නම් සේවා සහායක් පැතිය යුතුය.

66

7. වාහනය පණ ගැන්වුණ පසු පිළිවෙලින්

  • ඔබේ වාහනයේ (බැහැපු බැටරිය තිබූ වාහනයේ) Engine Block හෝ චැසියට සවිකල කළු පැහැති Jumper Cables
  • අනෙක් වාහනයේ (හොඳ බැටරිය සහිත)  රතු පැහැති Jumper Cables එක
  • එම වාහනයේම කළු පැහැති Jumper Cables එක
  • ඔබේ වාහනයේ රතු පැහැති Jumper Cables එක

ගලවා දමන්න.

7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

වැසි දිනක යතුරුපැදි පදවන ඔබට සැලකිය යුතු කරුණු 7ක්

වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වා…