Mercedes-Benz සමාගමේ නවතම E-Class මෝටර් රථය සඳහා විශාල Touchscreen, Selfie Camera, Massaging Seats මෙන්ම Built-in TikTok app එක් කර තිබේ. මේ නිසා ලෝකය පුරා සිටින social media තරුවලට මෙම මෝටර් රථය තුළ සිටම TikTok වීඩියෝ නිර්මාණය කිරීමට අවස්ථාව සැලසී තිබේ. Mercedes-Benz සමාගම සඳහන් කරන්නේ එමගින් මෙම E‑Class මෝටර් රථය තුළ ගමන් කරන්නන් විනෝදකාමී අත්දැකීමක ගිල්විය හැකි බවයි.

ඊට අමතරව, ගීත රසවිදීම, TV programmes, Films, Game හා Streaming content අත්දැකීම් මෙම රථයෙන් ලබාගත හැකි වෙයි. අදාල වීඩියෝ අනුවරථයේ Interior Light එකද වෙනස් කිරීමට හැකියාව ලැබේ. රථය තුළ එවැනි විනෝදකාමී අත්දැකීමක් ලබාදෙන විට රියැදුරුගේ අවධානය වෙනතකට යොමුවීම අවම කිරීමට Driver Monitoring System එකක්ද අන්තර්ගත කර තිබේ. මෙහි ඇති Camera මගින් රියැදුරුගේ ඇස් චලන නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබයි. තවද මගී Display සඳහා Visual Shield ලෙස ක්‍රියාකරන Dual Light Control (DLC) විශේෂාංගයද මගින්ද රියැදුරුගේ අවධානය වෙනතක යොමුවීම අවම කර තිබේ.
TikTok appඑකට අමතරව Angry Birds, Webex, Zoom හෝ Vivaldi වැනි Appද built-in කර තිබේ. එමගින් රථය තුළ සිට online video conferences සිදුකළ හැකිය. නවතම E-Class මෝටර් රථයට Siri-like voice control system එක අන්තර්ගත කර ඇති අතර ‘Hey Mercedes’ විධානයෙන් එය සක්‍රීය වෙයි.

නවතම 2024 E-Class එක 17-speaker Burmaster 4D surround sound system එකකින් සමන්විත වෙයි. ‘Active Ambient Lighting with Sound Visualisation’ මගින් Play වන ගීතය අනුව හෝ විශේෂාංගය අනුව රථය අභ්‍යන්තරයේ ඇති වර්ණ වෙනස් වෙයි.


Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…