ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ Pebble Beach හිදී පැවැත්වෙන Monterey Car Week 2022මෝටර රථ ප්‍රදර්ශණය හා සැණකෙලිය පසුගිය සතිය පුරා පැවැත්විය. රටේ ගෞරවාන්විත Auto Show එකක් වන මෙය අතීතයේ තිබූ මෝටර් රථ මෙන්ම වර්තමානයේ හා අනාගතයේ දක්නට ලැබෙන මෝටර් රථද ප්‍රදර්ශණයට එක් කර තිබිණි.

Best in Show 2022
සෑම ප්‍රදර්ශණයකදීම ලබාදෙන Best in Show සම්මානය මෙම වසරේදී හිමිකර ගත්තේ ෆ්ලොරීඩා හි ලී ඇන්ඩර්සන් (Lee Anderson) විසින් ඉදිරිපත් කර තිබූ 1932 Duesenberg J Figoni Sports Torpedo රථයටයි. මෙය ඔහුගේ මුල්ම ජයග්‍රහණය වන අතර, Duesenberg රථය දිනා ඇති සත්වන ජයග්‍රහනයයි.

වෙන්දේසිය
මෙහි මෝටර් රථ දහසකට වැඩි ප්‍රමාණයක්ද වෙන්දේසි කරනු ලැබීය. මේ වසරේදී ඇ.ඩො. මිලියන 400 ඉක්මවූ Classic Car වෙන්දේසියක් බලාපොරොත්තු වූ අතර එය පසුගිය වසරේ මෙන් ඇ.ඩො. මිලියන 351ක වැඩිවීමකි. වෙන්දේසියේදී ඉහළ මිලකට අලෙවි වූ රථයක් ලෙස 1955 Ferrari 410 Sport Spider රථය සැලකෙන අතර එය ඇ.ඩො. මිලියන 22කට අලෙවි වී තිබේ.

Concept cars
ඉදිරියේදී පැමිණීමට නියමිත මෝටර් රථ කිහිපයක් මෙහිදී ජනතාවට දැකබලාගැනීමට අවස්ථාව හිමිවිය. ඒ අතර W16 engine එකකින් යුත් Bugatti රථයේ final model එකත්, Lincoln හා DeLorean හි Concept carsද මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.


පෞරාණික මෝටර් රථ හා ගෞරවාන්විත මෝටර් රථ එකට එකතුවන මෙම ප්‍රදර්ශණය නැරඹීම සඳහා විශාල ජනතාවක් මෙම කැලිෆෝනියා Pebble Beach වෙරළ තීරයට පැමිණ සිටි අතර විදෙස් මාධ්‍ය ගණනාවක් මෙම වටිනාකමන් ඉහළ, පෞරණික මෝටර් රථ ප්‍රදර්ශනය ආවරණය කිරීමට පැමිණ සිටියහ.






වැඩිදුර ඡායාරූප සඳහා: https://www.facebook.com/testrun.lk
ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…