bi-ION කියන්නේ nanoFlowcell සමාගම විසින් වැඩිදියුණු කළ බලශක්ති උත්පාදන තාක්ෂණයක්. ඒ වගේම සංකීර්ණයි. මෙහිදී සිදුවන ක්‍රියාවලියේදී සිදුවන්නේ මෙහි ඇති රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමක්. මෙය ඉතා සියුම් තාක්ෂණයක් ඔස්සේ සිදුවන අතර, විද්‍යුත් මෝටර් රථවල අනාගතය තීරණය කරන සංධිස්ථානයක් ලෙසද සැලකිය හැකිය.

01

bi-ION®

bi-ION® කියන්නේ nanoFlowcell හි භාවත වන Electrolyte Liquid ද්‍රාවණයටයි. මෙය ටැංකි දෙකකින් යුක්ත වෙනවා. මෙම Electrolyte Liquid ද්‍රාවණය ලවණ, ජලය සහ සැබෑ බලශක්ති වාහකයන්ගෙන් මෙන්ම  විශේෂයෙන් නිර්මාණය කරන ලද අණු වලින් සමන්විත වෙනවා. එය nanoFlowcell සතු රහසක්. + (Positively) හා – (Negatively) ආරෝපිත ලෙස මෙය ආරෝපණය කර තිබේ.

ක්‍රියාවලිය

6273fc1fbf4ecad07c670267 NFC function graphic 2

මෙම රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනු ලබන්නේ membrane එක හරහාය. ටැංකිවල ඇති Electrolyte Liquid ද්‍රාවණ අඩු නඩත්තුවක් සහිත Electrolyte පොම්පයක් වෙත ගමන් කරයි. එම Electrolyte පොම්පය මගින් High Speed injection Nozzles හරහා අර්ධ පාර්ගම්‍ය පටල සන්නායකයකට (membrane) විදිනු ලබයි. Electrolyte Liquid ද්‍රාවණ දෙකේ අංශු එකට එකතු වන්නේ මෙම membrane එක මතදීය. ද්‍රවණ දෙක මෙම membrane මැදිකර දෙපැත්තෙන් ඒ මතට විදීමට සලස්වයි. මෙහිදී ඇතිවන විද්‍යුත් විච්ඡේදනයෙන් විදුලිය නිපදවෙයි.  Membraneට එකතු වන අංශු වෙනම Electrolyte Filter එකකට ගෙනයනු ලබයි.

quant e sportlimousine1

nanoFlowcell bi-ION® තාක්ෂණයේ සිදුවන සංසිද්ධය එයයි. රථය ධාවනයේදී විදුලිබලය උත්පාදනය කර ඉතිරිය ජලය, ජලවාශ්ප බවට පත්කර පරිසරයට මුදාහරියි.

ටැංකිවල electrolyte fluidඅඩුවෙන්න අඩු වෙන්න නැවත පිරවිය යුතුය. එය සාමාන්‍යයෙන් පෙට්‍රල් පුරවන ආකාරයට සිදුකරයි. අද භාවිතවන විද්‍යුත් මෝටර රථවල මෙන් එය බහුලව පිරවිය යුතු නැත. එක් පිරවුමකදී කි.මී. 2000ක් පමණ ධාවනය කළ හැකිය. ඒ වගේම මෙහි ඇති Electrolyte Filter එක කි.මී.10,000න් replaced කළයුතු අතර, එය පරිසර හිතකාමී ආකාරයට ප්‍රතිචක්‍රියකරණයද කළ හැකිය. මෙම පද්ධතියේ Electrolyte Pumps එක හැරුණු විට චලනය වන කොටස් නොමැති නිසා අඩු නඩත්තු පිරිවැයකින් යුක්ත වෙයි.

05

මෙම nanoFlowcell තාක්ෂණය හරහා මෝටර් රථ සඳහා පොසීල ඉන්ධන දහනයෙන් නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් (CO2) මෙගාටොන් 19,250ක් වසරක් තුළ ඉතිරි කරගත හැකිවෙයි. එය එය ලොව පුරා ගමනාගමනය හරහා ජනනය වන CO2 විමෝචනයෙන් 75% ක ප්‍රමාණයකි.

කතාව මෙසේ නිම වෙද්දි දැන් ඔබට පැන නැගෙන සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

1. උත්පාදනය කරන විදුලිබලය ගබඩා කරන්නේ කොහේද?

මෙහිදී විදුලිය electrolytic capacitor  ගබඩා වීම සිදුවෙයි. nanoFlowcell® 48VOLT low-voltage electric drive තාක්ෂණය හේතුවෙන් අඩු විදුලිබලයකින් වැඩි කාර්යයක් සිදුකිරීමට හැකියාව ලැබෙයි.

2. පිපිරීමක් සිදුවන්නේ නැද්ද?

ඔබට එන අනෙක් ප්‍රශ්ණය වන්නේ මෙම පද්ධතිය පිපිරීමට ලක්වන්නේදැයි බැලීමයි. පිපිරීමක් මෙම තාක්ෂණය හරහා සිදුනොවන බව නිෂ්පාදකය් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…