විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන NanoFlowcell විසින් QUANTiNO රථය හඳුන්වා දෙන්නේ මීට අවුරුදු කිහිපයකට පෙරය. ඒ 2015 ජිනිවා මෝටර් රථ ප්‍රදර්ශනයේදීය. පසුව මාස 6කට පමණ පසු QUANTiNO රථය එළිදැක්විය. කෙසේ වෙතත් වසර 7කට පසු අද්විතීය රථයක් අද්විතීය තාක්ෂණයකින් හඳුන්වා දීමට ඔවුන් නැවතත් සමත් වෙනවා. ඒ NanoFlowcell සමාගමේ 25 වැනි සංවත්සරය අරමුණු කරගනිමින් ඇමෙරිකානු වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ නිසා මෙම රථය QUANTiNO Twentyfive ලෙස හඳුන්වයි.  

QUANTiNO Twentyfive testrun.lk 8

nanoFlowcell® + bi-ION®

EV රථයක් වන මෙහි විශේෂත්වය නම් රථය සඳහා බලය උත්පාදනය කරන bi-ION® තාක්ෂණයයි. 100% Electric බලයක් උත්පාදනය කරන එය nanoFlowcell flow cell තාක්ෂණයෙන් බලගැන්වෙයි. කිසිඳු බැටරියක් අඩංගු නොවන අතර, ඉහළ කාර්යක්ෂමතාවක්ද ලබාදීමට සමත්වෙයි.

  • Power: nanoFlowcell® 48VOLT Electric Drive System
  • Ranges: 2,000+ kilometres
  • 0-62 mph: 3 sec
  • Max Speed: 250km/h (electronically limited)

අවුරුදු 8ක් පුරා අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් නිෂ්පාදනය කළ මෙම මෝටර් රථය පරීක්ෂණ මට්ටම්වලදී කිලෝමීටර් 500,000කට වැඩි දුරක් වාර්තා කිරීමට සමත්වී තිබේ.

QUANTiNO Twentyfive

No charging

මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් ආරෝපණයක් සිදු කිරීමට අවශ්‍ය නොවීමයි. මෙහිදී නැවත ඉන්ධන පිරවීමක් සිදුකළ යුතුය. විදුලිය ගබඩා කිරීමට මෙහි Electrolytic Capacitor දක්නට ලැබෙන අතර, එයින් nanoFlowcell® 48VOLT E-Drive System එකට බලය සපයනු ලබයි. ඒ වගේම low-voltage e-motors 4ට හා 48-volt on-board Electronicsවලටද බලය සපයයි.

QUANTiNO Twentyfive testrun.lk 2

පරිසර හිතකාමී මෝටර් රථයක් වන මෙහි,

  • bi-ION® fuel
  • Fully Eco-compatible
  • Non toxic
  • Non hazardous
  • Non flammable
  • 0% harmful emissions
  • 99% end-of-life Recyclability
  • 100% regenerative energies

වැනි විශේෂත්වද දක්නට ලැබේ. ඊට අමතරව,

  • 48-volt E-drive
  • Multi-phase motor design
  • 4x 59 kW power output (torque vectoring)
  • Integrated power electronics
  • Electrolytic capacitor (replaces starter battery)

වලින් සන්නද්ධ වෙයි. විද්‍යුත් මෝටර් රථ ගමන්මගේ හැරවුම් ලක්ෂයක් සටහන් කරන මෙය බැටරි නොමැති මුල්ම විද්‍යුත් මෝටර් රථයද වෙයි.

QUANT City

nanoFlowcell Holdings plc

nanoFlowcell යනු ස්විස් flow cell බැටරි පර්යේෂණ සහ සංවර්ධන සමාගමකි. 1996 දී Nunzio La Vecchia විසින් ආරම්භ කළේය. මෙම සමාගම විසින් නිෂ්පාදනය කළ flow battery මුලින්ම Quant E, Quant F හා Quantino යන මූලාකෘති වාහන සඳහා යොදා ගැනුණි. මෙම බැටරි redox flow batteries වලට සමාන වෙයි.

QUANTiNO Twentyfive testrun.lk 6 2
QUANTiNO Twentyfive testrun.lk 7 2
QUANTiNO Twentyfive testrun.lk 5 2
QUANTiNO Twentyfive testrun.lk 9 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය

ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…