වාහනය ධාවනයට අවශ්‍ය අංගයක් තමයි Power Steering Fluid  කියන්නේ. මෙරුන් පාටට හුරු සිත්ගන්නා සුළු වර්ණයකින් යුක්ත වීම Power Steering Fluid හඳුනාගැනීමට පහසු වෙයි. මෙයින් කෙරෙන කාර්යය මෙහි නමේම ගැබ්වී ඇති අතර වැඩිදුර තොරතුරු කිහිපයක් Power Steering Fluid පිළිබඳ සලකා බලමු. මක්නිසාද යත් විශේෂයෙන්ම ඔබේ වාහනයට ගැලපෙන Power Steering Fluid තෝරා ගන්නේ කෙසේද යන්න, Power Steering Fluid බෝතලයේ ලේබලය කියවීම වැනි කාර්යයන් ඔබට තනිව සිදුකිරීමට අදාල අවබෝධය තිබිය යුතු නිසාය.

Main 3

Brake fluid හා Engine Oil වගේ වාහනයට අවශ්‍ය කරන මෙම Power Steering Fluid පෙර කියූ Brake fluid හා Engine Oilවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය.

Steering system එක සඳහා භාවිත කරන hydraulic fluid විශේෂයකි. මෙහිදී steering wheel එක හා ඉදිරිපස රෝද අතර steering system එක විසින් hydraulic සම්බන්ධතාවයක් ඇතිකිරීමට යොදාගන්නා දෙය වන්නේ මේ කියන Power Steering Fluid එකයි. එනම් steering system එකේ කොටස් වල චලනයට උපකාරීවන Fluid එකක් තමයි මේ. මෙයින් steering system එකෙහි කොටස් අතර ඝර්ෂණය අවම කරන අතර, Smooth හැසිරවීමක් ලබා දෙයි.

Synthetic power steering fluid

Non-Oil-Based  fluid එකක් වන මෙය පර්යේෂණාගාර තුළ නිර්මාණය කර තිබේ. වර්තමානයේ නවීන වාහන බහුතරයකම දක්නට ලැබෙන්නේ මෙම Synthetic power steering fluid ය.

Automatic transmission fluid (ATF)

ATF යනු Power steering fluid සඳහා ඇති විකල්පයක් ලෙසද සමහරු පවසයි. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ synthetic base oil වලින්. මෙය ATF ඇතැම් power steering systems සඳහාද භාවිත කළ හැකිය. බහුල වශයෙන් භාවිත වන්නේද මෙයයි. මක්නිසාද යත් බොහෝ නිෂ්පාදකයන් Power Steering Fluid වෙනුවට ATF භාවිත කරන නිසාය. මෙහි

  • 85-90% base oil
  • 10-15% additives

අඩංගු වෙයි. ඇතැම් Automatic transmission fluid තුළ Dexron හා Mercon අන්තර්ගත වෙයි.

Power steering fluid වර්ග

Power steering fluid වල සාමාන්‍යයෙන් පොදු වර්ග කිහිපයක් දක්නට ලැබේ. බහුතරයක් Power steering fluid  silicone-based fluids හෝ mineral oil වෙයි.

  • Dexron
  • Mercon
  • Type A
  • Type F
  • ATF+4

Dexron

මෙම transmission fluid කොළ, අලු හෝ දුඹුරු පැහැයට හුරු වෙයි. මුල්කාලයේදී Dexron fluid සඳහා friction modifier ලෙස sperm whale oil භාවිත කර තිබේ. පසුකාලයේදී sperm whale oil තහනම් කරන්නට යෙදුණි. වර්ණ පරාසයකින් යුක්ත මෙහි ප්‍රභේද කිහිපයකට බෙදුණි. එනම්, 

Dexron II, Dexron IID හා  Dexron IIE, Dexron G, Dexron III G, Dexron III H, Dexron IV, Dexron VI

Mercon

Dexron සමග සසඳන කළ සමාන කම් දක්නට ලැබේ. නමුත් Dexron හා Mercon හි බොහෝ වෙනස් කම්ද තිබේ. මෙම මාදිලියේද වර්ග කිහිපයක් තිබේ. එනම්,

Mercon CJ, Mercon H, Mercon Ford, Mercon V, Mercon SP

Type A

1950 දී හඳුන්වාදුන් මෙය සියලු GM වාහනවල automatic transmissions සඳහා භාවිත කළේය. නමුත් මෙය භාවිත කරනු ලැබූවේ 1960 මැද භාගය දක්වා පමණි.

Type F

ටිකක් පැරණි fluid එකක් වන මෙය Fords සමාලම විසින් නිෂ්පාදනය කළේය. නමුත් මෙය ප්‍රයෝජනවත් වන්නේ classic හෝ antique වාහනවලටය.

HFM Fluids

Highly friction modified නමින් හඳුන්වන මෙය Dexron හා Mercon වලට වඩා වෙනස් වූ ඝර්ෂණයට අදාල විවිධ ලක්ෂණ තිබේ.

Power steering specification standards

සාමාන්‍යයෙන් ද්‍රවයක දක්නට ලැබෙන දුස්ස්‍රාවිතාව‍, detergents, additives හා අනෙකුත් සංරචක පිළිබඳ ප්‍රමිතියක් Power Steering Fluid සඳහාද හිමිවෙනවා. power steering fluid හි ප්‍රමිතිකරණය ආයතන කිහිපයකින් ඉදිරිපත් කරනවා. උදාහරණ ලෙස DIN 51 524T3 ප්‍රමිතිය දෙනු ලබන්නේ ජර්මනියේ ප්‍රමිතිකරණය සඳහා වූ ආයතනය (Institute for Standardization) විසිනි. ISO 7308 දෙනු ලබන්නේ ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Standardization) මගිනි. මේ නිසා power steering fluid, DIN 51 524T3 හා ISO 7308 standards වලට අනුකූල විය යුතුය.

මාරු කිරීම

power steering fluid low

වෙනත් Oil වර්ග මෙන් power steering fluid මාරුකිරීමට නිෂ්චිත සීමාවන් කිහිපයක් තිබේ. එය මෝටර් රථ නිෂ්පාදකයා අනුව හා power steering fluid මාදිලිය අනුව වෙනස් වෙයි. සාමාන්‍යයෙන් අවුරුදු 5කට වරක් හෝ සැතපුම් 50,000කට (පළමුව එළැඹෙන දෙය අනුව) power steering fluid මාරු කළ යුතුය. මෙය ඔබේ වාහනයේ Owner Manual හි සඳහන් කර තිබේ. ඊට අනුව පියවර ගැනීම වැදගත් වෙයි.

නමුත් පහත ලක්ෂණ පෙන්නුම් කරයිනම් power steering fluid මාරු කිරීමට කාලය එළැඹ ඇතැයි යන සංඥාවක් විය හැකිය.

  • Power steering fluid හි පැහැය වෙනස් වී ඇත්නම්,
  • Steering wheel එක කැපීමේදී කෙඳිරිලි (moaning or whining noise) ශබ්දයක් ඇසේ නම්,
  • Steering wheel එක කැපීමේදී අපහසුවක් තිබේනම්,

නිසි කළට power steering fluid මාරු නොකිරීමෙන් power steering pump හා power steering rack එකට හානි සිදුවිය හැකිය. එසේ සිදුවුව හොත් power steering fluid මාරු කරනවාට වඩා වැඩි මුදලක් ඒ සඳහා යෙදවීමට සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

සුළු කොට නොතැකිය යුතු Wheel Alignment

වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහන…