ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර දී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලාංකික ජනතාවට ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බවද වාර්තා වෙයි.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉතාලි තානාපතිනිය වෙත යොමු කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අදාළ අවසරය හිමිවී තිබේ. ඉතාලි තානාපතිවරිය සහ අධිකරණ ඇමැතිවරයා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා (30දා) පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ වෙසෙන ඉතාලි ජාතිකයන්ටද මෙරට කටයුතු කිරීමේදී ඉතාලි වලංගු රියැදුරු බලපත්‍ර භාවිත කිරීමට ශ්‍රී ලංකා රජයේ එකඟතාව ලබා දෙන ලෙසද තානාපතිවරිය, ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම කඩිනමින් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර පියවර ගන්නා බව අධිකරණ ඇමැතිවරයා ඉතාලි තානාපතිවරියට එහිදී දැනුම් දී තිබේ.

මනම්පිටිය බස් අනතුරින් මිය ගිය ගණන 10ක් දක්වා ඉහළට
පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේදී කොට…