Electric Bike ගැන වර්තමානයේ බහුල වශයෙන් කතා වන මාතෘකාවක්. මේ නිසා Electric වාහන නිෂ්පාදනයට විවිධ සමාගම් පෙරමුණ ගෙන තිබෙනවා. ඒ අතර කැපී පෙනෙන හැඩයකින් යුත්ත Electric Bike එකක් තමයි MIKU SUPER කියන්නේ. ශ්‍රී ලංකාවට නම් මෙය හුරු පුරුදු Brand එකක් නම් නෙමෙයි. නමුත් අහලා ඇති අයත් ඇති. අපි අද කතා කරන්නේ මේ MIKU SUPER විද්‍යුත් යතුරුපැදිය ගැනයි.

මෙම MIKU SUPER විද්‍යුත් යතුරුපැදිය නිෂ්පාදනය කරන්නේ චීනයේ Sunra සමාගම විසින්. මෙහි නිෂ්පාදනය කරන විද්‍යුත් වාහන ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක අලෙවි කරන අතර වාර්ෂික දළ නිෂ්පාදන වටිනාකම බිලියන 150ක් පමණ වෙයි. ඒ වගේම අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථාන 2000කට අධික ප්‍රමාණයක් පිහිටුවා තිබේ. මෙහි විද්‍යුත් යතුරුපැදි මාදිලි කිහිපයක්ම නිෂ්පාදනය කරන අතර MIKU SUPER එහි නවතම සංස්කරණයක් වෙයි. මීට පෙරද MIKU MAX නමින්ද මෙහි සංස්කරණයක් එළිදක්වා තිබේ. වෙනත් Electric Bikeවලට වඩා Option ගණනාවකින් MIKU SUPER විද්‍යුත් යතුරුපැදිය යුක්ත වෙනවා.
Two Lithium Battery
මෙහි ඇති විශේෂම අංගය තමයි Lithium Battery දෙකකින් යුක්ත වීම. මෙම 72V20AH lithium battery 2 පැය 4ක Charging Time එකකින් යුක්ත වෙනවා. නිතර ආරෝපනය කිරීමට සිදුවීම එමගින් අවම කරන අතර, දුර ගමන් සඳහා නිර්දේශ කරනු ලබයි.

Ultra HD meter
මෙහි ඇති Ultra HD තිරය හරහා විද්‍යුත් යතුරුපැදියේ සියලු තොරතුරු දර්ශනය වෙයි.
Unlocked by Fingerprint
මෙය පන ගැන්වීමේදී යතුර යොදා බොත්තම එබිය යුතු වෙයි. ඔබට යතුර අමතක වී ඇත්නම් ඊට විසඳුමක්ද යතුරුපැදිය ලබාදී තිබේ. එනම් එබීමට ඇති බොත්තම Fingerprint සඳහා සහාය දැක්වීමයි. ඔබ ලබාදී ඇති ඇඟිලි සලකුණ යතුර නොමැති අවස්ථාවක වුවද පන ගැන්වීමට උපකාරී වෙයි.


MIKU Iconic LED Lighting
ඉදිරිපස Headlight එක LED වන අතර එහි යතුරුපැදි මාදිලියේ සංනාමය (MIKU) දර්ශනය කරනු ලබයි.
Dual-mode motor system
මෙහි ඇති Dual-mode motor system එක මගින් ඔබට වේගවත් acceleration කාලයක් ලබාදෙයි. යතුරුපැදියේ,
- Peak torque: ≥ 235 Nm
- Power: ≥235 Nm
- Max. Speed: 80 km/h

Good Damping Effect
යතුරුපැදියේ ඉදිරිපස හා පසුපස ඇති Hydraulic shocks මගින් උපරිම Comfortable Feeling එකක් ලබා දෙයි. ඒ වගේම වැඩිදියුණු කළ CBS (combined brake system) Braking system එකකින් යුක්ත අතර, යතුරුපැදිය ඕනෑම අවස්ථාවක විශ්වාසයෙන් යුතුව නවත්වා ගැනීමටත් හැකි වනු ඇත.
පැයට සැතපුම් 50ක වේගයක් ලබාගැනීම සඳහා තත්ත්පර 8.5ක් වැය වෙයි.

Performance and Engine
- Engine: 100% Electric FOC Sunra motor
- Power: 3000W
- Range: 135Km
- Top speed: 80km/h
- Climb capability: 27°
Size and Weight
- Length: 1840mm
- Height: 1050mm
- width: 780mm
- Max loading: 275kg
- Tire Size: Front: 120/70-12″ Tubeless tire/ Rear: 120/70-12″ Tubeless tire

දෙදෙනෙකුට ගමන් කළ හැකි මෙම යතුරුපැදිය වර්ණ 5කින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි. මෙම යතුරුපැදිය සඳහා වසර 2ක වගකීම් කාලයක් (දුර ප්‍රමාණය සීමා රහිතව) ලබාදෙන අතර, බැටරිය සඳහා වසර 3ක් හෝ සැතපුම් 18,000ක වගකීම් කාලයක් හිමි වෙයි.
මෙහි මිල පවුම් 3,499.00ක් එනම් ශ්‍රී ලංකා රුපියල් 1,450,000කට වඩා වැඩි වනු ඇත.



නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne
Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…